(පුෂ්පකුමාර ජයරත්න )
චෝදනා කීපයක් සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවෝ දෙදෙනක් අද(26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ.
වාරියපොළ සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක් සහ 29 ක් වයැසැති කාන්තාවන් දෙදෙනෙකු මෙසේ පැමිණිලි කර ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ඉදිරියේ එම කාන්තාවන්ගේ පැමිණිලි සටහන් කර ගැනීම සිදුවිය.
තමන් විවාහ වී කෙටි කාලයකදී ගැබ්ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පළමු දරුවා බිහි කිරීමේ සිසේරියන් සැත්කම්වලින් යළි ගැබ් ගැනීමක් සිදු නොවූ බව ඔවුන්ගේ පැමිණිලේ සඳහන්ය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී තමන්ට සිසේරියන් සැත්කම් කළේ මේවනවිට වඳ සැත්කම් කිරීමේ චෝදනාවකට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයා වූ බැවින් තමන් නැවත ගැබ් ගැනීමකට ලක් නොවූයේ එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමේදී තමන්ව වන්ධ්‍යකරණයකට ලක්කර ඇතැයි සැක කරන බව නම සඳහන් කිරීමට අකැමැති වූ එම කාන්තාවෝ දෙදෙනා ප්‍රකාශ කළහ.
එම පැමිණිලි බාර ගැනීමෙන් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනාගේම කැමැත්ත අනුව හෙට (27) ඔවුන් වන්ධ්‍යකරණයට ලක්ව ඇතිදැයි අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂාවට ලක්කරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දත් දොස්තර රාජිත, රනිල්, මහින්ද, සිරිසේන ඇතුළු සියලුම දේශපාලකයන් මේ වනවිට රට තුල සිදුවන සියලුම විපත් සහ අපරාධයන්ගේ වගකීම බාරගත යුතුයි. මොවුන් මුලදී වැළැක්වීමට තිබූ සුළු ජාතික අන්තවාදය නොවළක්වා ඔවුන් හුරතල් කිරීමේ පාපය අසරණ අහිංසකයින් පිට පැටවී තිබේ. මේ සියලුම සිදුවීම් සිංහල ජාතිය වශයෙන් අප පිළිකුලෙන් යුතුව බාරගැනීමට සිදුවී ඇත. අපට ජාතියක් ලෙස විඳීමට සිදුවී ඇති මේ හිරිහැරයන්ට සියලුම සිංහලයන් එකම ප්‍රතිපත්තියකට පැමිණිය යුතුව තිබේ. සිංහල බෞද්ධ නායකයෙක් ඉතා තදින්ම අපට අවශ්‍යව තිබේ.
ලෝක ඉතිහාසයේම මෙවැනි ම්ලේච්ඡ දෙයක් සිදු වූ පළමු වතාව විය හැකියි. ඔහුට දඬුවම් දෙන්නට නීතියක්වත් තියේවිද?
හෙට අපිට කියන්නකෝ.. එතකල් වැඩිය කතා නොකර ඉන්නම්..
එහෙම කළා නම් එයාට තනියම ඕක කරන්න බැහැ. මේකට උදව් කරපු අනෙක් අයත් අත්අඩංගුවට ගන්න ඕනේ.
ඔය කිව්වට දොස්තර නිවැරදි ඇති...
දැන්නම් හොඳින්ම දැනෙනවා මුහුණු පොතේ කොටන මල්ලිලාත් ඇත්ත ටිකක් හරි අපිට කලින් දන්නා බව...
කරුණාකර නොසඟවා මෙම කාන්තාවන් දෙදෙනාගේ පරීක්ෂනේ ප්‍රතිඵලය මාධ්‍යයට දෙන්න. ලංකාවේම අනාගතය තීරණය වන ප්‍රතිඵලයක්...
එහෙම දෙයක් කරල තිබ්බත් කියයි මේන් කියලා...
වෛද්‍යවරයෙක් තවත් වෛද්‍යවරයෙකුට විරුද්ධ වෙයිද? ඔහු සාධනීය පුද්ගලයෙකු වියයුතුයි.
දරුවන් තිදෙනෙකු සිසේරියන් සැත්කම් මගින් ප්‍රසූත කළවිට එම ගර්භාෂය තවදුරටත් දරුවන් දැරීමට ශක්තිමත් නොවන නිසා තුන්වන සිසේරියන් සැත්කමෙන් අනතුරුව තවදුරටත් දරුවන් ඇතිවීම වැළැක්වීමට මවගේ පැලෝපීය නාල අවහිර වන සේ ගැටගසා දැමීම වෛද්‍ය විද්‍යාත්මකව පිළිගන්නා එකක්. එය සිදු කරන්නේ සැමියා හා බිරිඳගේ දැනුවත් භාවය මත හා Surgical Consent එකක් ලිඛිත අවසරයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. තවද සිසේරියන් සැත්කම් දෙකක් අවසානයේ වුවද එසේ සිදු කිරීම උපත් පාලන ක්‍රමයක් ලෙස ඇතැම් අඹු සැමියන්ගේ ඉල්ලීම මත සිදු කළ හැකියි. එහිදීද ලිඛිත අවසරයක් අවශ්‍ය වෙයි. කෙසේවෙතත් මෙය වෛද්‍යවරයාට අවශ්‍ය නම් රෝගියාට හොරෙන්ද සිදුකළ හැකිය. එහෙත් එය සිදු කිරීමේදී සිය සහයක ශල්‍ය වෛද්‍යවරයා හෝ හෙදියට රහසින් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් විය හැකිය. තව ද ශල්‍යාගාරයේ අනෙකුත් කාර්ය මණ්ඩලයද ඒ පිළිබඳව යමක් දැනගත යුතුය. එය සිදු කිරීම සහායකයාගේ හෝ හෙදියගේද සහය ලැබුයේ නම් තරමක් දුරට පහසුවෙන් කල හැකිය. සිසේරියන් සැත්කමක් යනු දරු ප්‍රසූතියක් සඳහා සිදුවන්නක් බැවින් මෙසේ වඳකරණය වූ මේ පවුල්වල අවම දරුවන් එක්කෙනෙකු හෝ සිටිය යුතුය.
සිසේරියන් සැත්කම කියන්නේ කාගෙවත් ඇස්වහලා බොඩිපාට්ස් අරන් දමන්න බැහැ. මේ දොස්තර විතරක් නෙමේ, ඒ අවස්ථාවේදී සෑහෙන්න කට්ටියක් දොස්තරත් සමග වැඩ කරනවා. මේක පිළිගන්න බැහැ. අපේ රටේ නූගත්කම ලොවට කැපිලා පෙන්නේ මේ පරීක්ෂණයෙන් පසුවයි. නර්ස්ලාට මේදේ කරනකම් දන්නෙම නැත්ද? දොස්තර දරුවා ගන්න මොහොතේ ඔහුගේ අතින් කෙරෙන්නේ සුළු වැඩ කොටසක්... සේරම උදව්වට ඉන්න කට්ටිය කරන්නේ... යාපනේට ගිය බෝම්බ ලොරි වගේ තමයි මේකත්...
අප්‍රේල් 21 ඝාතනය වුනේ 300කට ආසන්න සංඛ්‍යාවක්.. නමුත් මෙම පුද්ගලයා තනිවම 4000ක් හෝ වැඩි සංඛ්‍යාවක් ඉපදීමට සිටි දරුවන් වැළක්වීමත් එක්තරා ආකාරයක්... ඝාතනයක්.... මොහු හා එයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන මොහුට කෙලින් හා වක්‍ර ආකාරයෙන් සම්බන්ධ දේශපාලන පක්ෂ සියල්ල තහනම් කළ යුතුයි...
දියවන්නාවේ සැවොම එකතුවෙලා ...// පුටුවේ ඉන්න හිවලුන්ගේ උදව් ගත්තානේ....// නැහැ නැහැ කීමට " එකෙකුටවත් " බැරුවානේ...// ඔක්කොම ජාතිය වැනසීමට උදව් කරානේ...//
අදාල පරීක්ෂණය කරන දොස්තරලට කෝල් එනවා ඇති එකසිය ගාණට... මහත්වරුනි, සත්‍යය වෙනුවෙන් පෙනී සිට හෘද සාක්ෂිය දිනවන්න.
සිසේරියන් ශල්‍යකර්මයට කැමැත්ත දෙන ලේඛනයට ඉතා පහසුවෙන් වන්ධ්‍යාක්‍රමයත් ඇතුළත් කර අත්සන් ගත හැකිය. බොහෝදෙනෙක් අත්සන් කිරීමට පෙර එය වුවමනාවෙන් කියවන්නේ නැත. වෛද්‍යවරයා ගැන සැකයකින් තොරව අත්සන යොදයි...
සිසේරියන් කරන්න ගිහින් අමාරුවේ වැටීම කෙසේ වෙතත් ලංකාවේ හැම පළාතකම කාන්තාවන් මද සරු භාවයෙන් පෙළෙනවා. මෑතකදී මේ තත්වය වැඩියි. මම දන්නා හඳුනන කාන්තාවන් කිහිප දෙනෙකුටම මේ ප්‍රශ්නය තිබෙනවා. හැබැයි ඉතින් කුරුණෑගල කාන්තාවන්ට අසාමාන්‍ය ලෙස මද සරු භාවය පවතී නම් සොයා බලන එක හොඳයි.
අපේ කාන්තාවෝ කොහොමටත් බයට ලැජ්ජාවට හැදුනු පිරිසක්. ඉතින් මේ පිළිබඳව සැකයක් ඇත්නම් පැමිණිලි කරන්න කිව්වට ඒ කවුරුවත්ම ඉදිරිපත් වෙන එකක් නැහැ. නමුත් ඒ වෛද්‍යවරයාට සැත්කම් කරවාගත් කාන්තාවන්ට කුරුණෑගල මහරෝහලට ඇවිත් නැවත පරික්ෂකරවගන්න කිව්වොත් නම් ඉදිරිපත් වෙයි. එතකොට පුළුවන් වෙයි ඇත්තටම මේ වඳ සැත්කම් කරලද කියල දැනගන්න.
අපක්ෂපාති පරීක්ෂණයකින් පසුව මේ ගැන නීතිය අනුව කටයුතු කිරීම සීලාචාර රටක පිළිවෙත. අනවශ්‍ය විදියට පදනම් විරහිත කොමෙන්ට් දැමීම වැරදියි.