(ජයන්ත සමරකෝන්)
පාතාල අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම් ලබාසිටින සහ ජීවිතාන්ත සිර දඬුවම් විඳින මහ මොළකරුවන් රැසක් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත.
ඒ අනුව, අපරාධකරුවන් 13දෙනෙකු ඊයේ (25) වැලිකඩ හා මහර බන්ධනාගාරයේ සිට බූස්සට මාරු කර යවා තිබේ.
බූස්ස බන්ධනාගාරය තුළ ප්‍රබල පාතාල අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් පමණක් දැඩි ආරක්ෂාව සහිතව රැඳවීමට තීරණය කර ඇති බවද, ජනාධිපති හා අධිකරණ ඇමතිනියගේ උපදෙස් මත මෙම වැඩපිළිවළ ක්‍රියාත්මක කළ බවද බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයෙක් පැවසීය.
ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වූ, ජීවිතාන්ත සිරදඬුවම් විඳින සුසෙයි, මරණ දඬුවම් නියමව සිටින වෝඩ් ප්ලේස් කුඩු සියාම් සහ වෙලේසුදාගේ ප්‍රධාන ගෝලයකු වන ගෞතන් ඇතුළු ප්‍රබලයින් කිහිපදෙනෙකු ඒ අතර වන බවද එම ප්‍රකාශකයා කීය.
තවත් සිරකරුවන් පිරිසක් ඉදිරි දිනවලදී මාරු කර යැවීමට නියමිතය.
මෙම බන්ධනාගාරයට හෙට සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීමට කටයුතු යොදා ඇත.
විශේෂ සිරකුටි 15ක් දැනට මෙහි සඳහා සූදානම් කර ඇතැයිද බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ සිරිසේන මහත්තයගේ එල්ලුම්ගහ පැලවෙලා ලොකුවෙනකන්ද ඉන්නේ? මෙහෙමත් බොරු රැවටිලි කරන නායකයින්...
කොහෙද ඔය... මහ මොලය කියන එක තියෙන්නේ? අඩුමගානේ කුඩා මොලයවත් නැහැ. මොලයක් තියෙනවා නම් මෙවැනි දේවල් කරයිද? අනුබල දෙන්නෙත් නැහැ. මෙයට තියෙන්නේ විෂකුරු තිරිසනුන්ට තියෙන මොලයක්... තව නිදැල්ලේ ඉන්නවා. නඩේ ගුරලා ටිකකුත් මෙවැනි වැඩකරපු ඒ කට්ටිය. අනාගත ජනාධිපති වෙන්න ඉන්නේ. නියමෙට තියෙයි මෙවැනි මොලයක් නැති විෂකරු සර්පයින්ට රට දුන්නොත්...
මේක ලොකු ප්ලෑන් එකක්. මෙයාල මෙතැනින් පනිනවා.