(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාස කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ජූනි මස 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් මහාචාර්ය සරත් විජේසුරිය මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ.
නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සිතාසි කිරීම සිදු කළේය.
පැමිණිලිකරුවන් කියා සිටින්නේ වගඋත්තරකාර සරත් විජේසූරිය මහතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇති බවයි.
ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුගෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිලිකරු අදාළ පැමිණිල්ල තූළින් අභියාචනාධිකරණයේන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම අහැව්වත් දෙයියො බුදුන් දැක්කා වගේ.. මොවුන් තමා රට කාලා විනාශකරලා නැතිභංගස්ථාන කරලා දැම්මේ ඩොලර්වලට... මෙයා හිරේ ගිහින් හරි යන්නේ නැහැ.. අපායටම තමයි යවන්න ඕනෑ..
අනේ පව්..!!! මෙයා තමයි යහපාලන ආණ්ඩුව හැදුවේ... රටකට ඕනේ අපමණ අගයක්..
කරන්න වැඩකුත් නැති එකේ ඕන් ගැහුවා ලයික් ටිකක්... ඩිස්ලයික්වලට වඩා වැඩි වෙන්න සත්‍යය වෙනුවෙන්, මොකද මේ ආචාර්යතුමා ඩොලර් කාක්කෙක් බව දැන් හොඳටම පේනවා....!!!
පහුගිය කාලේ වහන් වෙලා හිටියේ.. ඩොලර් දෙනවා කිව්වා නම් ආයේ ඕනෑම වැඩක් කරයි.
මේ වගේ උගතුන්ට වඩා හොඳයි, රටට හානි නොකරන හිඟන්නන්...
මෙයා තමයි රට මේ තත්වයට පත්කරන්න මූලික වුනේ.. ඔයාලට දඬුවම් ලැබේවි..!!!
භාෂාව නිවැරදිව හසුරුවන්නට නොහැකි, නිවැරදිව උච්ඡාරණයට නොහැකි පුද්ගලයින්ගේ අදහස් මීට වඩා යහපත් නොවේය මහාචාර්යතුමනි, බුදු දහමේ අග්ගඤ්ඤ සූත්‍රය මේ බව පැහැදිලි කරයි. අනිත්‍ය ලෝකේ හැටි ඔහොම තමයි.
දැන් මේ අය තමයි අධිකරණයට අපහාස කරන්නේ.. ඥානසාරලා අධිකරණයට අපහාස කෙළේ නෑ කියලා නිදහස් කරනවා... අපොයි දිවි දීලා ගෙනාව යහපාලනය..
අර 62 ලක්ෂය මෙයාගේ කයිවාරු අහලා තමයි අන්ධ වෙලා රට මේ තත්වෙට ඇදදැම්මේ..!! කාලකන්නි !!! මගේ තොටේදිවත් හමු නොවෙන්නට ප්‍රාර්ථනා කරමි.!!
අනේ අපොයි මෙයාගේ යහපාලනය..!!!
ඔබතුමා මෙරට යහපත් දේශයක් කරලීමට පදවි තනතුරු නොතකා කල සේවය අපි දනිමි. ඔබතුමාට බුදු සරණයි.
අද කාලේ අධිකරණයට අපහාස කරන අය නිදහස්. අධිකරණය දේශපාලනීය කරගෙන ගිය එකට විරුද්ධව වැඩ කරපු අය වැරදි කාරයෝ.
මෙහෙමවත් ලියන්නේ. කියන්නෙ යහපාලනය නිසා බව මතක තියාගන්න
මේ වගේ එඩිතර අවංක නිවැරදි දැක්මක් ඇති මහාචාර්යවරු කිහිපදෙනෙක් ලංකාවට සිටිය නම් මෙම තත්වයක් ඇති වෙන්නේ නැහැ. එතුමා අවංක චේතනාවෙන් සැමවිට වැඩ කරන අයෙක්. මේ රටේ අසීලාචාර ජරා මිනිස්සුන්ට මේ වගේ මිනිස්සුන්ව දිරවන්නේ නැති බව සත්‍යකි. අවංක මිනිනුන්ට මඩ ගැසීම ඔවුන්ගේ ජන්ම පුරුද්ද. යහ පාලනය යම් අවස්ථාවාදී දේශපාලකයන් කිහිප පලක් නිසා අසාර්ථක වුනු බව ඇත්ත. එය වෙනම කාරණයක්.
මොනවා උනත් එදා වෙන්න යමින් තිබුණ මහා භයානක විපතකින් රටම බේරුනේ වත්මන් යහ පාලන ආණ්ඩුව බිහි උන නිසා බව දන්නෝ දනිති. අද වෙමින් පවතින මෝඩ රාජ්‍ය තත්වයන් නිසාම නිසි කල්පනාවකින් කටයුතු කරන්නට අපහසු බාදක මතුකරන තත්වයන් මතු කරත්දී මුළු ලෝකයෙන්ම ගෞරවය හිමිකරගනිමින් මේ වගේ රට තියන එකත් ලොකුදෙයකි. එයට හේතුව පළපුරුදු දේශපාලන බුද්ධිය ක්‍රියාත්මකවන කල්ලියද මේ රජය තුල සිටින නිසාය.
යහ පාලනය අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමට නොහැකි වුනේ රටේ නායකයාගේ තිබෙන අනෙක විද දුර්වලතාවයන් නිසා. එය මෙතුමාගේ ප්‍රස්නයක් නොවේ.
සිතාසි විතරක් යවලා මදි.
පාදෙණිය මෙයට නිර්භයව කෙලින් ඉදිරිපත් වෙන්න ආත්ම ශක්තියක් නැද්ද? බළලු ලවා කොස් ඇට බවන්නේ.