(එෆ්.අස්ලම්)
බරපතල චෝදනා එල්ල වෙමින් තිබෙන මොහොතක, සිංහල මන්ත්‍රීවරුන් හා ජනතාව තුළ සැකයක් පවතී නම් තවදුරටත් අමාත්‍ය ධූරයේ නොසිට මුස්ලිම් ජනයාව පාවා නොදී අමාත්‍ය ධූරයෙන් රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බව ජාතික කොංග්‍රසයේ නායක හා හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා පවසයි.
අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති දේශනයකදී අතාවුල්ලා මහතා මේ බව කියාසිටියේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අතාවුල්ලා මහතා මෙසේද කීය.
"ඇමැති රිෂාඩ් බදියුදීන් මුස්ලිම් සමාජය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් පිටත් හඬ නඟන නිසාම ඔහුට මෙතරම් ප්‍රශ්න ඇතිවූ බව ඔහුගේ ආධාරකරුවන් පවසනවා. එහෙනම්, කබීර් හසීම් වැනි තවත් මුස්ලිම් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයට ප්‍රශ්නයක් නැත්තේ ඇයි ? රිෂාඩ්ගේ කතාවත් හරියට පූසා දෑස් පියාගෙන ලෝකයම කළුවර වුණා යැයි කියන්නා වගේයි.
විවාදවලදී ඔහු ඔහුවම පාවාදී අද අඬා වැලපෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අමාත්‍යාංශයෙන් ඉබ්‍රාහීම්ට පිත්තල දුන් ආකාරයට තවත් චෝදනා රැසක් එල්ලවෙනවා. එවන් චෝදනා හමුවේ තමන් සුපිරිසිදුයි නම් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.
ඔහුගේ අමාත්‍යාංශය මුස්ලිම් සමාජයට වැදගත් අමාත්‍යාංශයක් ද නැතහොත් දේශපාලන අනාථයන්ට ලේකම් තනතුරු පිරිනැමීමට හා බිස්නස් කිරීම සඳහා පමණක්ම පිහිටු අමාත්‍යාංශයක් ද යන ප්‍රශ්නය මතුවෙයි. පසුගිය කාලයේ ඔහුගේ අමාත්‍යාංශයේ එක් අංශයක නීතිවිරෝධී ජාවාරම් සිදුවුණා.
මේ අමාත්‍යාංශයම ඉල්ලන්නේ ඇයි කියා වරක් මා ඔහුගෙන් විමසුවා. ඔබගේ ප්‍රදේශවල ජනතාව යටිතල පහසුකම් නොමැතිව දුක්විඳිනවා. ඒ අවශ්‍යතා ඉටුකළ හැකි අමාත්‍යාංශයක් ලබා නොගත්තේ ඇයි? ඒ නිසා තමයි ඔබට හොරබඩු ජාවාරම් කරන බවට චෝදනා කරන්නේ යැයි ද මම කියා සිටියා.
අද ඔහුවත් හඳුන්වන්නේ ත්‍රස්තවාදියෙක් විදියටයි. ඔබව අල්ලාහ් දෙවියන්ම රකිත්වා. සියල්ල සිදුකර මුස්ලිම් ජනසමාජය අතරේ සැඟවෙන්න එපා යැයි මම රිෂාඩ්ගෙන් ඉල්ලා සිටිනවා" යැයි ආතාවුල්ලා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තූතියි, මහඇමතිවරු සහ අනෙක් අයට ඇති චෝදනා යටපත් කිරීමේ අරමුණින් නම් මේ ප්‍රකාශ කරන්න එපා. ඔබේ පිලේ වුණත් එවැනි අයටත් ඉවත් වෙන්න කියන්න.
සහතික ඇත්ත. වන්නියේ හුනයිස් ෆාරුක්ටත්, කුරුණෑගලෙන් ජවහර්ශාගේ නාම යෝජනාත් අහිමි කළා. උතුරෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා ජනාධිපති විසින් පත්කළ කමිටුවෙන් අමාත්‍ය රවුෆ් හකීම්ව ඉවත් කරන්න කියමින් ජනාධිපතිට කැබිනට් එකේ බලපෑම් කළා. ඔහුගේ සහෝදරයාට මිනීමැරීම් චෝදනාවකුත් තියනවා. ඒකාධිපති ගමනක් තමයි මෙයා යන්නේ...
මේ ටික කියන්න අපේ "සිංහල " නායකයන්ට කොන්දක් නැහැ. ඡන්ද ටිකට, බලයට පෙරේතකමේ කට පියාන ඉන්නවා , මුස්ලිම් උනත් මේ කතාවට ඔබට ස්තුතියි
රිෂාඩ් බදුදීන් පමණක් නොව අසාද්සාලි ද තමා විසින් තමාව පාවාදෙමින් සිටින බව මුස්ලිම්, ක්‍රිස්තියන්, හින්දු, බවුද්ධ ඇතුළු 90% කට නොඅඩු ලංකික පුරවැසියන් එකහෙලාම පිළිගනිති. කියති. හෙළාදකිති.
එන් ජී ඕ අයත් මේවාට වගකියන්න ඕනේ. මම දැක්කා මේ එන්.ජී.ඕ වලට අයත් පොෂ් යැයි කියාගන්නා සිංහලයන් මේ වගේ ත්රස්තවාදීන්ට එළිපිට ලැජ්ජා නැතුව සහය දීලා තියෙනවා සමාජ මාධ්‍යවල. මම නම් ඇත්තටම මුස්ලිම් අයට මොකුත් කියන්නේ නෑ. මොකද ප්‍රශ්න තියෙන්නේ සිංහල සමාජයේමයි. නැතුව එළිපිට නෙවෙයි. මේ ඇතුලේ තියෙන කුණුටික හෝදලා ගත්තම සිංහලයට කිසිම ප්‍රශ්ණයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.
දැන් තොප්පිය හෙමිහිට හැරවෙනවා කියලා පෙන්නේ මට විතරද ?