(එෆ්.අස්ලම්)
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර හිස්බුල්ලා මහතාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථානමාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අවලංගු කිරීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ පිළිබඳ ලිඛිත නියෝගය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මන්සූර් මහතා විසින් මාරුවීම් සිදුකළ විදුහල්වල විදුහල්පතිවරුන් වෙත (24)වනදා යොමු කර ඇති අතර මාරුවීම් ලද ගුරුවරුන් පෙර සේවය පාසල්වල රාජකාරී සදහා අනිවාර්යෙන්ම වාර්තා කළයුතු බවටද නියෝග කර ඇත.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සිය බලතල පදනම් අනිසි ලෙස ක්‍රියාත්මක කරමින් නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වල ඉගැන්වීම් කරන මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් පාසල් වෙත මාරුකරමින් සිටින බවට හා කාත්තාන්කුඩියේ මුස්ලිම් සිසුන් වෙනුවෙන් වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැරසෙන බවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කර තිබිණි.
මේ පිළිබඳ අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරයා දුරකතන මගින් සම්බන්ධ කර ගනිමින් එකී ස්ථාන මාරු වහාම අවලංගු කරන ලෙසට නියෝග කොට තිබිණි.
මේ අනුව නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් මෙකී මාරුකිරීම් සියල්ල අවලංගු කර ඇති අතර ඒ පිළිබඳ ලිපි සියළු විදුහල්පතිවරුන් වෙත යවා තිබේ.
ඒ අනුව මාරු වීම් ලද මෙම ගුරුවරුන් පෙර රාජකාරී කළ විදුහල්වල රාජකාරී සඳහා වාර්තා නොකළහොත් වැටුප් රහිත නිවාඩු ලබාදෙන ලෙසටද විදුහලතිවරුන්ට උපදෙස් දී තිබේ.
මේ අතර හිස්බුල්ලා මහතා විසින් මුස්ලිම් පාසල් 30ක් එක්කරමින් කාත්තාන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහායද ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් කිරි දී හදපු සර්පයා නේද මේ? ආණ්ඩුකාරවරු පත් කරන සම්ප්රදාය කඩලා පනින්න බලන් ඉන්න රිලවන්ට ඉනිමන් තිබ්බ වගේ නැගෙනහිරට මුස්ලිම් ආණ්ඩුකාරයෙක් පත් කරලා කොරගත්තු දේක මහත. බෝම්බ පිපුරුනේ නැත්නම් මේවා ජයටම කරලා ඔය පළාතම පකිස්ථානයක් කරලා මේ පාලනේ ඉවරවෙන්න කලින්.
ආන්ඩුකාරයට විරුද්දව ක්‍රියාවක් කරන්න බැරිද.? හිරිකිතද ? බයද....?
තනතුරින් පහකරන්නත් ශක්තිය ලැබේවා.!
මොහු එම තණතුරේ තබාගෙන සිටින්නේ මොන පදකමක් මතද ?
තෙරුවන් සරණින්, මේ රට රකින දෙවි දේවතාවන්ගේ බලයෙන් ඔය අනිත් කට්ටිය ගැනත් තීන්දු ගන්න ලැබේවා!
ඇයි වැඩ තහනම් කරන්න බැරි? ජනතාව ඔබ සමගයි. පහ කරන්න. තුන් කට්ටුව බලයෙන් පහ කරලා ජනතාවගේ සිත් සතන් දිනාගන්න
ඒවා ජීවිතේට වෙන්නේ නැහැ මෙයාගෙන්
නිල්, රතු, කොළ මල් අතරේ ඉන්නා " වල් ඌරන්ට "..// සැමදා ජයමගුල් උන් උන් කාගන්නා සැමවිටම... // එමගින් කේවල් කරමින් ඇමතියෝ වෙන්නේ..// අපේ ඔක්කොම උන් අල්ලේ නටවන්නේ..//
නයි රෙද්ද අස්සේ දාගෙන දැන් කනවෝ කිව්වට වැඩක් නෑ.
නාගන්නේ නැතිව කරපු එකදෙයක්වත් නැහැ. හත්පළේ ගාගන්නවා. අන්තිමේදී වන්දි ගෙවන්න වෙන්නේ රටේ අහිංසක මිනිසුන්ට...
එකෙක් ගැණු 4දෙනෙක්ට ළමයි 28ක් හදලා. මේක සෑහෙන කාලයක ඉඳලා ක්‍රියාත්මක වන සීතල යුද්ධයක්... වහාම බෝවීම පාලනය නොකළහොත් තව අවුරුදු 20කින් 30කින් විතර ලංකාවේ නම වෙනස් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මෙය ජාතියේ අවශ්‍යතාවයක්... විවිධ ක්ෂේත්‍ර, තරාතිරම් වල ඉන්න, විවිධ දේශපාලන බල කඳවුරුවලට හේත්තුවෙලා ඉන්න හැමෝටම අප දන්නා තරමින් ඇත්තේ එක අරමුණකි. මේ අය විවිධ වෙස්මුහුණු පැළඳගෙන අප අතරේ සහජීවන බෝඩ් ලෑල්ලට මුවාවී තමන්ගේ අරමුණට දැඩි මහන්සියකින් සහ කැපවීමකින් අර කියන පෙනෙන දෙවියා වෙනුවෙන් දිවා, රාත්‍රී වැඩ කරති. අපට මෙය තේරුම් යනවිට සියලු දේ අහිමිවී ඇත. බලලෝභී දේශපාලකයිනි... එකතු වූ ජාතියේ ඉරණම වෙනුවෙන්...
මේ ඩ්‍රාම වලට අපි නම් අහුවෙන්නේ නැහැ, දෙන්න කතා වෙලා එක්කෙනක් වැඩේ කරනවා අනිත් කෙනා ලකුණු දාගන්න කැන්සල් කරනවා , දැන් ප්‍රමාද වැඩි ජනපතිතුමනි.
මෙහෙම නාගත්තු ජනාධිපතිතුමෙක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති මහ ජනතාවට... පව් අප්පා !!!
අවංකවම හිතලා බලන්න !! සිංහල ජාතියේ අවසානය නේද ?