(බන්දු තඹවිට)
වැලිපැන්න පොලිස් වසමේ, කුරුන්ද සුනාමි ගම්මානයේ අලුතින් ඉදිකළ නිවසක් තුළ තිබූ භූගත කාමරයක් අද(26) යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන ඇත.
මෙම නිවසෙහි හිමිකරුවා මීට පෙර විවිධ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙකු බවත් ඔහු තවත් පාතාල කණ්ඩායමක් සමඟ ගැටුම් ඇතිකරගෙන, මෙම ස්ථානයේදී වෙඩි තැබීම් සිදුකර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මෙම කාමරය ඉඩකඩ ඇති සහ ඔක්සිජන් ලබාගත හැකි ආකාරයටද ඉදිකර ඇත.
කිසියම් ප්‍රහාරයක් ඇතිවුවහොත් නිවසේ කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීමට මෙම කාමරය ඉදිකරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
මීට අමතරව වැලිපැන්න ප්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමේදී උල් පිහි සහ වාහන අංක තහඩු කිහිපයක් සොයාගෙන ඇත.
සොයාගත් භූගත කුටිය සහිත නිවස කිසියම් නීතිවිරෝධී ක්‍රියාවකට යොදාගෙන ඇත්දැයි වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දෑ නිවෙස් වල සැදීම නීතිවිරෝධී නැහැ. අදාල රජයේ ආයතන වලින් අවසර තියෙනවා නම් ගැටලුවක් නැහැ.
මේ යන විදියට වැසිකිලි වලවල් වලටත් බැහලා හොයන්න බැරි නෑ.
ඉඩකඩ අඩුකම නිසා ලෝකේ හුඟක් රටවල එහෙම (බේස්මන්ට්) හදනවා. නීති විරෝධී දෙයක් ගේ තුළ කළොත් තමයි වැරදි..
ඔව් ඔව් .. අපිටත් මේ යන විදියට බංකරයක් හදා ගෙන ඉන්න වෙයි. මොකද ත්රස්තවාදී කටයුතු සම්බන්දව සැකපිට අල්ල ගන්න අය වෙනුවෙන් කතා කරන්න උදවිය බොහොමයි නේ දැන්. මුකුත් නොකිව්වොත් හරි නැහැ වගේ හිතාගෙන කට්ටිය කතා කරන හැටි දැක්කම අපිම අපිටම බෝම්බ ගහගෙන වගේ අපටත් දැනෙන්නේ.
යකාගේ හැටියටලු විමානේ... නිවසේ හිමි කාරයගේ පැටිකිරිය අනුව තමා ගේ හදලා තියෙන්නේ..