(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රිරෝද රථයකින් රුපියල් දෙකෝටි තිස්ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයකු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශය කියයි.
එම පුද්ගලයා සතුව තිබී මත්කුඩු කිලෝ 2යි ග්‍රෑම් 221ක් පොලිසිය සොයා ගෙන ඇත.
සැකකරු අංගොඩ කොටිකාවත්ත පදිංචිකරුවෙකි.
වැල්ලවත්ත දිසා දූණ මර්දන අංශය ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
බන්ධනාගාර ගතව සිටින පුද්ගලයකු දුන් දුරකථන ඇමතුමකට අනුව නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු නිවසට පැමිණ ලබාදුන් මත්කුඩු පාර්සලය තමා එම ස්ථානයට රැගෙන ආ බව සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තැනැත්තෙකු බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම මේවට වැට බදින්න කිසිම ආණ්ඩුවකට බැරි හැටි