(පුෂ්පකුමාර ජයරත්න )
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා මහා මැතිවරණය සඳහා රැකියාවෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඔහුට නැවත එම රැකියාව ලැබීම නීති විරෝධි ක්‍රියාවක් මාර්ගයෙන් සිදුවී ඇති දෙයක් වන බැවින් ඊට එරෙහිව අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා පැවැසීය.
තමන්ද රාජ්‍ය සේවයෙන් ඉවත්වී මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වීමෙන් අනතුරුව නැවත රාජ්‍ය සේවයට ඇතුළත් වීමට ඉල්ලීම් කළද තමන්ට නැවත රාජ්‍ය සේවයට ඇතුළත් වීමට අවස්ථාවක් නොලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපිත කිරීම හේතුවෙන් එම කොමිසමට හැර කැබිනට් මණ්ඩලයට මෙවැනි පත් කිරීම් සිදුකිරීමට බලයක් නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය .
සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .
"මම 2004 වයඹ පළාත් සභා මැතිවරණය සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වන අවස්ථාවේදී සේවය කළේ සහකාර ජ්‍යෙෂ්ඨ රේගු අධිකාරිවරයෙකු විදිහටයි .
ඒ අවස්ථාවේදි මම සේවයෙන් ඉල්ලා අස්වෙලා මැතිවරණයට තරඟ කළත් මම තේරි පත්වුණේ නැහැ . මේ නිසා මම නැවත රැකියාවට යාමේ අරමුණින් අභියාචනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී මගේ ඉල්ලීමකට අනුව එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාව සිටි ජෝන් සෙනෙවිරත්න මහත්මයා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා .
මේ සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා 2004/ 4/1 කියන චක්‍රලේඛය නිකුත් කළා . මේ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය යටතේ කැබිනට් මණ්ඩලය නොවෙයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව බලධාරියා බවට පත්වෙලා සිටියා.
මේ අනුව මගේ පත්වීම සිදු කරන්න කැබිනට් මණ්ඩලයට බලයක් නැහැ කියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව දන්වා එවා තිබුණා .ඉන් පසුව අපි වැනි මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේදි අපිට සහනයක් විදිහට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවශ්‍ය චක්‍රලේඛයක් එවකට රජය විසින් නිකුත් කරනු ලැබුවා .
ඒ අනුව පැරණි චක්‍රලේඛය අහෝසි කරලා නිකුත් කරපු 2004/7 නව චක්‍රලේඛය යටතේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම යටතේ මට ලැබුණේ විශ්‍රාම වැටුප් හිමිකම පමණයි. මම ඉල්ලා සිටි ආකාරයට මම කරමින් සිටිය රැකියාවට නැවත යාමේ අවස්ථාව මට හිමිවුණේ නැහැ .
මේ චක්‍රලේඛයට අනුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් විදිහට වසර 10 ක සේවා කාලයට යටත්ව විශ්‍රාම වැටුප් හිමිකම පමණයි මට ලැබුණේ . මේ වරප්‍රසාදය ලංකාවේ හිමිවූ පළමු රාජ්‍ය සේවකයා මමයි .මා සමගම මේ වරප්‍රසාදය මාත් සමඟම රේගුවේ සේවයෙන් ඉවත්වුණු රාජ්‍ය අමාත්‍ය අමීර් අලී මහතාටත් ලැබුණා.
දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලය තවත් වැඩිකරලා තියෙද්දී ෂාෆි ෂිහාබ්දීන් කියන මේ වෛද්‍යවරයාට නැවත රැකියාව ලැබුණේ කෙහොමද කියන එක බරපතල ප්‍රශ්නයක්.
මේ අනුව සියලු චක්‍රලේඛ උල්ලංඝනය කරමින් නැවත රැකියාව ලබා ගැනීම , වැටුප් ලබා ගැනීම , වෙනත් දීමනා සහ පහසුකම් ලබා ගැනීම සම්පුර්ණයෙන්ම වංචනික ක්‍රියාවක් වෙනවා .මීට සම්බන්ධවූ සියලුම තරාතිරම් වල රාජ්‍ය නිලධාරීන් මේ වංචනික ක්‍රියාවට වගකිව යුතුයි " යැයිද සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනව නේද දේශපාලනයේ තක්කඩිකම්. ඕනෑම තිරිසන් ක්‍රියාවක් පසුපස ඊට අනුබල දුන් දේශපාලන තක්කඩියෙක් සිටී.
කුමාර මහත්තයෝ ඔයා ගත්ත පියවර අපි අගය කරනවා.
පැරණි චක්‍රලේඛය අහෝසි කරලා අලුත් ඒවා නිකුත් කරවන්න තරම් ඔබට හැකියාව තිබුනත් සේවයෙන් විශ්‍රාම යාමට ඉඩ ලැබී එසේ ගිය මම දන්නා සමහරු ඉන්නවා තවමත් විශ්‍රාම වැටුප හදා ගන්න අවුරුදු ගානක් තිස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යන එන බව.
කෝ මේ GMOA එකේ කට්ටිය. හැම බඩේ අමාරුවකටම ලෙඩ්ඩු ඇපේට තියන කට්ටිය මේකට මුකුත් කොරන්නේ නැද්ද?
අද දින මොහුට ඇප ලැබීමට නියමිතයි. එහෙම වුනොත් ලංකාවෙන් පනිනවා ඩුබායි හරි කටාර් හරි වලට ... ඊට පස්සේ මේ කියන කිසිම නඩුවකින් වැඩක් වෙන්නේ නැහැ.
මෙතුමා අහන ප්‍රශ්නෙ සාධාරණයි. කොහොමද එක් පුද්ගලයෙක්ට විතරක් එවැනි වරප්‍රසාදයක් ලැබුණේ?
හැමදේටම එහෙයි කියන නිලධාරින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් මටත් අත්දැකීමක් තිබෙනවා. දේශපාලන අතකොළු ලෙස මේ සමහරක් ක්‍රියාත්මක වෙනවා. ස්වාධීන කිව්වට ඒක නිකම් වචනයක් බවට පත්ව තිබෙනවා. රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරින් දේශපාලන බලය යොදා මෙම කොමිෂන් සභාවන් මගින් සත්‍ය යටපත් කර තම තමනගේ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගන්නවා. ඒ නිසා කොමිෂන් සභාව ගැනත් සොයා බැලිය යුතු යි.
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ගුරුවරයෙකු වරක් 90 දශකයේ ඡන්දෙට ඉල්ලුවා.. ඡන්දෙන් පැරදුණු පසුව ඔහුට නැවත සේවය ලැබුනේ නැහැ. ඉස්සර එහෙමයි දැන්...
රිෂාඩ් තමයි මේ හැමදේකම පිටිපස්සේ ඉන්නේ. එතකොට මේ සම්බන්ධ ඇමති බුදියගෙනද හිටියේ...
ඔබගේ ක්‍රියාව අගයනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හරක් දන්නේ නැහැ ඔවුන් අනුමැතිය දුන්නේ මොනවටද කියලවත්.... එහෙමත් නැතිනම් හොඳ සල්ලි කුට්ටියක් හම්බවෙලා ඇති...
එකඑක උදවියට ඕනෑ විදියට නීති වෙනස් කරන්න පුළුවන් නම් එම නීතියේ තේරුම කුමක්ද...?
මේ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇතිබවට තවත් එක් උදාහරණයක් මෙය. හැමදෙයක් පිටුපසම ජඩ දේශපාලකයින්ගේ බලපෑමක් තිබේ. ඉතිරිව ඇත්තේ ජනතා පරමාධිපත්‍යය පමණයි. එය හරියාකාරව සංවිධානය කිරීම සඳහා රටේ බුද්ධිමතුන් පියවර ගත යුතුය.