(ඉන්දිකා රාමනායක)

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමිණිළි දෙකක්   විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත යොමුකළ බව පොලිසිය කියයි.
 
මින් එක් පැමිණිල්ලක් රාවණා බලය සංවිධාන මහලේකම්  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්  ඉිදිරිපත් කර ඇති අතර  අනික් පැමිණිල්ල  බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අගුලූගල්ලේ  ශි‍්‍ර  ජිනානන්ද  හිමියන් විසින් ද පොලිස් මුලස්ථනය වෙත ඉදිරිපත් කර  තිබු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්  මීට දින කිහිපයකට පෙර අමාත්‍ය  රිෂාඞ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව ද  අගුලූගල්ලේ  ශි‍්‍ර  ජිනානන්ද  හිමියන් විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා මහතාට එරෙහිව ද පැමිණිලි  ඉදිරිපත් කර තිබුණි.
 
 වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම පැමිණිලි දෙක විමර්ශනය සදහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.