(නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාලව විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග මත තම කොට්ඨාසය භාරගත් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දහ වැනි සැකකරු වූ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැති පුද්ගලයා 10 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.
මෙම සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් නව දෙනා හෙට දිනයේ සිට ලබන පළමු වැනිදා දක්වා කාලය තුළදී ත්‍රස්වාදී විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශ ලබා දීමටද මහේස්ත්‍රාත් වරයා මෙහිදී නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පිළිකාවක් මෙන් පැතිරුණු ජාතික ප්‍රශ්නයක් බැවින් තීක්ෂණව මොන කොට්ඨාශයෙන් හෝ පරීක්ෂණ කර දැඩි නීතිමය පියවර ගනී යැය ජනතාව බලා සිටී
මහේස්ත්‍රාත්ලා තමයි මේ නඩුව අවුලක් කරේ...
දැන් කුමන්ත්‍රණය සාර්ථකයි , සේරම සාක්ෂි ටික අරන් ගියා කෙනෙක් ඇවිත් දැන් ඔකේ මොනවා හොයන්නද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආවට , සල්ලි බලේ සල්ලි බලේ.
මුන් ඔක්කොම බොරුව කරන්නේ දැන් ඔක්කොම යට ගහන්න විදි හොයන්නේ, බලන්නකෝ බොරුද කියල, අර දොස්තරත් නිදහස් නොකලොත් තමයි පුදුමේ.....
දැන් ඉතින් මොනවා හොයන්නද ? පවු ! සල්ලි ගත්ත කට්ටියට හොඳින් ඉන්න කියමු .