(කුෂාන් ජයවර්ධන)
ත‍්‍රස්තක‍්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටපත් මඩාටුගම ප‍්‍රදේශයේ මව්ලවිවරයකු ඇතුලූ සැකකරුවන් දෙදෙනෙකු අද( 26 ) කැකිරාව දිසා විනිසුරු නිලන්ත කුමාර විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
බෝම්බ නිෂ්පාදනයේදී යොදා ගන්නා අධිබලැති වෙඩි බෙහෙත් තොගයක් හා ඩෙටනේටරයක් ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා සැකකටයුතු පොත්පත් කිහිපයක් ද මඩාටුගම ප‍්‍රදේශයේ පිහිටි පල්ලියක සගවා තිබියදී ආරක්ෂක අංශ මගින් ඊයේ (25) සවස සොයා ගෙන තිබිණි.
ප‍්‍රදේශයේ පදිංචි ඉස්ලාම් බැතිමතකු විසින් ආරක්ෂක අංශ වෙත ලබා දී තිබූ තොරතුරක් අනුව යුද හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ විශේෂ සෝදිසියකදී එම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබිණ.
සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අදාළ පල්ලියේ බිම් මහළේ පිහිටි ගබඩා කාමරයක බුමුතුරුණුවක් තුළ සගවා තිබියදී අධිබලැති වෙඩි බෙහෙත් තොගය සොයා ගෙන තිබූ අතර මාකර් පෑනක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ විදුලි ඩෙටනේටරයක් ද ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.
අදාළ පල්ලිය පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහල දේශන ශාලාවක් ලෙස භාවිතා කරන ලද ස්ථානයක් බවට ආරක්ෂක අංශ මගින් තහවුරු කරගෙන තිබේ. වැඩිදුරටත් සිදුකළ සෝදිසි කිරීම් වලදී සටන්කලා හා ආගමික ඉගැන්වීම්වලට අදාළ සැකකටයුතු පොත්පත් කිහිපයක් ද එම පල්ලියේ තිබී ආරක්ෂක අංශ සොයා ගෙන ඇත.
බෝම්බ නිෂ්පාදයේදී යොදා ගැනෙන අධිබලැති වෙඩිබෙහෙත් ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය හමුවූ එම පල්ලිය පිහිටි භූමියේම මුල් ළමාවිය සංවර්ධණ මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව සහතිකයිලු..., තවමත් අධි බලති පුපුරන ද්‍රව්‍යයන් මුස්ලිම් පල්ලි තුළින් මාර්ෂල් නීතිය ක්‍රියාත්මක කරන්න ත්‍රිවිධ හමුදා පොලිසියට සමාන ඇඳුම් පුපුරන ද්‍රව්‍යයන් ලඟතබාගෙන අසුවන අයට... එහෙම නැතුව මේ ත්‍රස්තවාදය නිමකරන්න පුළුවන් වෙන්නේ නෑ...