(කුෂාන් ජයවර්ධන)
කැකිරාව සෙම්බුකුළිය වැවේ සඟවා තිබූ අතිශය තියුණු මුවහත් විදේශ රටක නිෂ්පාදිත කැපුම් තල 300කට ආසන්න ප්රමාණයක් අද (26) පස්වරුවේ ආරක්ෂක අංශ මගින් සොයා ගැණින.
වැවේ ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් දෙදෙනෙකුට වැව තුළ සඟවා තිබූ එම සැකකටයුතු පාර්සලය හමුව තිබිණ.
පසුව එම ධීවරයින් කැකිරාව පොලිස් ස්ථානය වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට පියවර ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවා එම සැකකටයුතු පාර්සලය ආරක්ෂිතව පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණ.
යළි ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකි අයුරින් ග්රීස් ගල්වා කුඩා පෙට්ටිවල ඇසුරුම් කර තිබූ එම තියුණු කැපුම් තල තොගය පාර්සලයක් ලෙස සකසා ජලය කාන්දු නොවන ලෙස ඝණ පොලිතීන් ආවරණයක් යොදා පොහොර බෑගයක බහා වැවෙහි ගිල්වා තිබිණ.
මෙලෙස වැවෙහි ගිල්වා තිබූ පාර්සලයේ අඟල් අට හමාර හා දහය යන ප්රමාණයන් දෙකක දිගකින් යුත් තියුණු කැපුම්තල 300කට ආසන්න ප්රමාණයක් තිබිණ. ඒවා විදේශ රටක නිෂ්පාදිත ඒවා වේ.
කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් යම් අපරාධයක් සදහා යොදාගන්නට මෙම කැපුම්තල තොගය මෙලෙස වැවෙහි සඟවා තබන්නට ඇත්දැයි යන්න පිළිබඳව පොලිසිය සැක පලකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. සොයාගත් එම තියුණු කැපුම්තළ තොගය කැකිරාව දිසා මහේස්ත්රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි වැවේ තණකොළ කපන්න ගෙනත් තියෙන්නේ තවත් මේ අසරනයින්ව හුරතල් කරන්න
කඩු නොවෙයි නේද?
අලුතින්ම මේවා ගෙනල්ලා තියෙන්නේ තණකොළ කපන්න, ගැහැණු ළමයින්ගේ ආරක්ෂාවට, හෝ වෙන මොනයම් කටයුත්තකටද?
එක්තරා අයෙකු කී ආකාරයට මේවා ගෙනාවේ තණකොළ කැපීමට නම් නොවේ.
ඕවා ගෙනාවේ කැලේ කපන්න නේ
මේවට ලී මිටක් ගහපු සැනින් නම වෙනස් වෙනවා කඩුව කියලා කොහොමද ටිකිරි මොලේ මෙම ආයුද වල ගණන් එකතු කොට ශ්රී ලංකාවේ ඉන්නා ත්රස්තවාදීන් ගණන කොපමණද කියා වටහාගන්න.
අහෝ ආශ්චර්යයක මහත. එකම ජාතියක පිහි හමුවීමෙන් පෙනෙනුයේ එම පිහි සංහිඳියාවෙන් මෙම වැව තුළ ජීවත්ව සිට ඇති බව නොවේද?
තණකොළ කපන ඒවා හංගන්නේ මොකටද
වැව පතුලේ පාසි ඉබේ කැපී යාමට තබන ලද උපක්රමයක්. සහජීවන සැලෝන් එකක රැවුල කැපිමට තබන ලද කැපුම් තල ද විය හැක.
මොනවද මේ හොයාගෙන තියෙන්නේ දිය හබරල පිති නේද ?
ඕවා පෙන්වන්න එපා සාමයේ ආගමේ සුරදුතයෝ අපහසුතාවයට පත්වෙනවා.
මේක විහිළුවක් වගේ හිතලා කොමෙන්ට්ස් දාලා තියෙන අයට මේකේ බයානක කම තේරෙන්නේ නැහැ.
ළඟ පාත ගාර්මෙන්ට් පැක්ටරි තියෙනවද බලන්න... ඔතෙනට ආපු විදිහ හොයාගන්න පුළුවන්
යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද. මේවා කට කහනවට කිව්ව දේවල් නෙමෙයි අපේ පැරැන්නෝ
ඔය ෆැබ්රික් කටින් බ්ලේඩ්. නොදන්නා මගුල් කතා නොකර ඉන්න.
ඕවා පෙන්නලා සංහිඳියා කාරයෝ අපහසුතාවයට පත් වෙනවනේ
ඕක හොයාගන්න ඔත්තුව දීපු කෙනා හිරේ දාලා නඩුව වහලා දැම්මා නම් ඉවරයිනේ මගුල...