අඩු ලංසු ඉදිරිපත් කරන්න රවී උපදෙස් දුන් බව බැංකු තුනක ලොක්කෝ කියති
මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප්රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ අද (4) හෙළි කළහ.