අරුන්දිකට උප ඇමතිකමක් යළිත් ලැබෙන ලකුණු
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කරනු ලැබූ අරුන්දික ප්‍රනාන්දු මහතාට අද හෙටම වෙනත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවන බවට අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉඟියක් පළ කළේය.