බිමල් ශ්‍යාමන් ජයසිංහ
හොරණ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නාම යෝජනා පත්‍රය අද රාත්‍රී කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
හිටපු පළාත් සභා මන්ත්‍රී කිතුල්ගොඩ මහතාගේ පොකුණුවිට නිවසට පැමිණි තිදෙනකු මෙම නාමයෝජනා පත්‍රයට පැහැරගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.
මෝටර් රථයකින් පැමිණ ඇති තිදෙනා කිතුල්ගොඩ මහතාට පරුස වචනෙයන් බැණ වැදී ගෙල පෙදෙසින් අල්ලා පහර දීමට ඇත් කර ඇති බවත්, අනතුරුව නාමයෝජනා පත්‍රය සහ අනිකුත් ලියැවිලි පැහැරගෙන ගිය බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
එම පිරිස හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසනුන් තේරීමේ මහා තරගයේ අයදුම්පත් කැඳවීමේදී ඇතිවූ "ඉතාමත්ම සුළු" සිදුවීමෙන් පෙනීයන්නේ මෙම සත්ව කොට්ටාශයට හොඳ ඉල්ලුමක් ඇති බවය.
පුළුන් වගේ සුදු රැවුල කොටේ.. කටත් සැරයි නිතරම ඔරවයි.. මේ එන්නේ අප "මැකෝ " තුමයි.