(සමන් පාලිත නානායක්කාර)
විවිධ වර්ගයේ තියුණු ආයුධ රැගෙන ලොරි රථයකින් ගමන් කළ පුද්ගලයින් 11 දෙනකු බණ්ඩාරවෙල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හොඳින් මුවහත් කළ කඩුවක්, උල් පිහියක්, මිට නොමැති කැපුම් සහිත පිහියක්, එළවළු කපන පිහියක්, දෙපසම කැපෙන පිහියක්, චේන්සෝ කියත් පටි සහිත නංචක්කු දම්වැල්, අඩි තුනක් පමණ දිග යකඩ බට, උල් ආයුධ තොගයක් එහි තිබූ බව පොලිසිය කියයි.
සැකකරුවන් දියතලාව, හල්දුම්මුල්ල, බණ්ඩාරවෙල, අම්බලන්ගොඩ, කුලියාපිටිය, සොරගුණේ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් කිසියම් දරුණු අපරාධයකට සූදානම්ව සිටි බවට පොලිසිය සැකකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd