බිමල් ශ්‍යාමන් ජයසිංහ
බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බැංකු ඉදිරිපිට තිබෙන සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කරන ගනුදෙනුකරුවන්ගේ කාඩ්පත් ලබාගෙන ඒවායින් භාණ්ඩ මිලදී ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
කාඩ්පත්වල තොරතුරු ලබා ගැනීම භාවිත කළ බව කියන යන්ත්‍රයක්, ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
යන්ත්‍රයෙන් කාඩ්පත්වල තොරතුරු ලබා ගෙන ඊට ගැලපෙන අලුත් කාඩ්පතක් නිර්මාණය කර දංකොටුව, මාරවිල, කාත්තන්ඩිය, පන්නල, කොච්චිකඩේ හා නාවලපිටිය ප්‍රදේශවලින් භාණ්ඩ මිලදී ගෙන ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බැංකු ඉදිරිපිට තිබෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කරන ගනුදෙනුකරුවන්ගේ කාඩ්පත් ලබාගෙන... මෙහෙම ගැමියන් රැලක්ද බැංකු කාඩ් පත් පාවිච්චි කරන්නේ? තමන්ගේ කාඩ් පත්වල අංක කාටවත් නොදිය යුතු බව මොවුන් දන්නේ නැද්ද? "බැංකු කාඩ් සොරාගත්....." කියන එක වැරදි යයි මා හිතනවා. හොරාගේ අතට අංක දීල දැන් ඒ අයට හොරු කියනවා !!!