මහින්දගේ රියැදුරු රිමාන්ඩ් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(13) නියෝග කළාය. 9 years ago
අත්අඩංගුවට නොගන්නැයි ඥානසාර හිමිගෙන් පෙත්සමක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 9 years ago
රජයේ වියදම් අඩු කරගත්තානම් මෙහෙම වෙන්නේ නෑ-විගණකාධිපති අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත වීමට ඉඩ නොතිබුණා යැයි රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (13) බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය. 9 years ago
මුහුණු පොතේ කවි ලිව් ගුරුවරයා මාරු තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ කවි ලියා පළ කළැයි චෝදනා එල්ල වි සිටි කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ තරුණ ගුරුවරයා වෙනත් පාසලකට ස්ථාන මාරු කර තිබේ. 9 years ago
‘සියයට 905 ක් වැඩියෙන් බැඳුම්කර නිකුත් කරලා‘ 2015 පෙබරවාරී 27 වැනිදා වන විට රජයට අවශ්‍යව තිබු මුදල් ප්‍රමාණයට වඩා සීයයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳ පොළට ඉදිරිපත් කොට ඇතැයි බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (12) හෙළි කළේය. 9 years ago
උතුරු පළාත් සභාවේ අමාත්‍ය සංශෝධනයක් අතළඟ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාට එරෙහිවම දූෂන චෝදනා එල්ල විම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමට උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අවධානය යොමුකර ඇතැයි පළාත් සභාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග ලංකාදීපයට සදහන් කර සිටීයි 9 years ago
උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්.කුරුකුල රාසා මහතා සිය තනතුරින් තාවකාලිකව ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි. 9 years ago
කොල්ලුපිටියේ දී දුම්රියේ හැපුණු සිසුවාගේ හිස ගම්පහින් හමුවෙයි කොළඹ කොටුවේ සිට අඹේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත. 9 years ago
අගමැති තේරීමට නව යෝජනාවක් අග්‍රාමාත්‍යවරයකු සෘජුව තෝරා පත් කරගැනීමේ යෝජනාවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පතේ ඇතුළත්ව ඇතැයි ආරංචි මාර්ග පවසයි. 9 years ago
විගණකාධිපති-සමාගම් රේජිස්ට්‍රාර් හෙට බැඳුම්කර කොමිසමට වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා විගණකාධිපතිවරයා සහ සමාගම් රේජිස්ට්රාර්වරයා හෙට දින (12) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 9 years ago
මැතිවරණ කල් දමන්නේ නැහැ එළැඹෙන සැප්තැම්බරයේදී පළාත් සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප්‍රකාශ කරන බවත් මැතිවරණ කල් දමන්නේ නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. 9 years ago
විල්පත්තුවේ දඩයමේ ගිය 6 ක් මුවමස් සමග අත්අඩංගුවට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් මොල්ලිකුලම මනවිල ප්‍රදේශයේදී වියළි මුව මස් කිලෝ 10 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි (කැප් තුවක්කු) 02 ක් සමග සැකපිට පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි. 9 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago