විමල් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටිති රජයේ වාහන 40ක් අවභාවිත කළැයි විමල් වීරවංශව මහතාට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටියේය. 06 March 2017
ඒකාබද්ධ විපක්ෂයේ ආයුකාලය අගෝස්තුවෙන් අවසන් - රාජිත ලබන අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි. 05 March 2017
මුදල් වෙනුවෙන් ඕනෑම පාවාදීමකට සූදානම් පිරිසක් සිටින බව හිටපු ජනපතිනිය කියයි “මනුස්සකම යටවී මහා භයානක සමාජ තත්ත්වයක් රටේ ඇති වෙලා. මුදලට මෙන්ම තවත් මුදල් ලබා ගන්නට ඕනෑම දෙයක් පාවාදෙන්න ලෑස්ති පිරිසක් අපේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම දේශපාලනඥයෝ තමන්ගේ අම්මා පවා බන්දේසියක තියලා විකුණන්න ලෑස්ති වෙලා සිටින යුගයක් ඇතිවෙලා“ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය. 05 March 2017
රණවිරුවන්ට එරෙහිව නඩු අහන්න විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේ නෑ - ජනපති අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පසුගියදා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි. මාතෘ භූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විරෝදාර රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධූර කාලයේ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය 04 March 2017
ඓතිහාසික අවස්ථාව නාස්ති කරන්න එපා යයි සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඉල්ලයි ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම් සම්බන්ධයෙන් වෙනස් පියවරක් අනුගමනය කිරීමට සූදානම් වන බව පෙනී යන නමුත් පුළුල් සහ ශක්තිමත් උපායමාර්ග අනුගමනය නොකළහොත් විවිධ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ ලබාගත් ජයග්‍රහණ හුදු මායාවක් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි. 03 March 2017
“රුපියල් බිලියන 11.75 ක ලංසුව ඉවත දමා බිලියන 10 ලංසුවට අනුමැතිය දුන්නා“ බැඳුම්කර නිකුතුවට අදාළව රුපියල් බිලියන 11.75 කට ඉදිරිපත් වු ලංසුව ඉවත දමා රුපියල් බිලියන 10ට ඉදිරිපත් වු ලංසුවට අනුමැතිය ලබාදෙන ලෙස හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා නිර්දේශ කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය මොහොමඞ් ෂෙයික් මොහොමඞ් ආර්ෂින් මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය. 03 March 2017
කර්මාන්තශාලා ආඥාපනත සංශෝධනය කරන්න යයි සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරුවලින් මියයන සේවකයින් වෙනුවෙන් ගෙවන වන්දි මුදල දෙගුණයක් කෙරෙන පරිදි කර්මාන්ත ශාලා ආඥා පනතට සංශෝධන ගෙන එන්නට කම්කරු අමාත්‍යංශය සැරසෙයි. 03 March 2017
අර්ජුන් මහේන්ද්‍රන් ණය දෙපාර්තමේන්තුවටත් ගිහින් බැඳුම්කර නිකුතුව සිදු වන අවස්ථාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අර්ජුන් මහෙන්ද්‍රන් බැඳුම්කර නිකුතුව සිදු වු රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ කාර්යාලයට පැමිණියේ යැයි ද මීට පෙර සිටි කිසිම මහබැංකු අධිපතිවරයකු කිසිම දිනෙක බැඳුම්කර නිකුතුවක් සිදු වන අවස්ථාවේදී එම කාර්යාලයට පැමිණ නැතැයි ද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය මොහොමඞ් ෂෙයික් මොහොමඞ් ආර්ෂින් මහතා පැවසීය. 02 March 2017
රන්ජන්ගේ පැමිණිල්ල ගැන පොලිසිය සාක්කි සොයයි මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා තමන්ට මරණ තර්ජන කළැයි සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසියට කළ පැමිනිල්ල ගැන අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය සාක්කි සටහන් කර ගැනීමට පියවර ගෙන ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. 02 March 2017
‘මිලියන 1500 ක අහිතකර එන්නත් ගෙන්නලා‘ රුපියල් මිලියන 1500ක් වැය කරමින් පිළිකා රෝගීන්ට අහිතකර එන්නත් තොගයක් මෙරටට ගෙන්වීමෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධයක් සිදු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. ටෙන්ඩර් පටිපාටිය උල්ලංගණය කරමින් මෙම එන්නත් ගෙන්වා ඇතැයි ද ඒකාබද්ධ විපක්ෂය කියයි. 02 March 2017
ශ්‍රීලනිප විධායක සභාවට මහින්දටත් ආරාධනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට (2) පැවැත්වෙන සමස්ත ලංකා කාරක සභාවට සහ විධායක සභාවට සහභාගීවීමට හිටපු ජනාධිපතිතුමාට මෙන්ම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ගෞරවනීය ලෙස ආරාධනා කර ඇති බැවින් ඒවාට සහභාගී වී තිඛෙන ගැටළු සාකච්ඡා කර විසඳාගන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ›ලනිප තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 01 March 2017
රංජන් - ඉන්දික උණුසුම් වචන හුවමාරුවක දිවුලපිටිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ රැස්වීමේදී සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ඇතිවූ උණුසුම් වාග් හුවමාරුවත් සමඟ එම රැස්වීම අතරමග නවතා දැමීමට සිදුවිය. 28 February 2017
සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න තාවකාලිකව ඉවතට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා තාවකාලිකව එම තනතුරින් ඉවත් කිරීමට සයිටම් කළමනාකාරීත්වය තීරණය කළ බව එහි සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි. 28 February 2017
සයිටම් නාටකයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අල්ලන්න සොයයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ නාටකය නිර්මාණ්ය කර බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ පළාත් පාලන ආයතනයක රියදුරා ප්‍රාදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. 28 February 2017
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026