අරුන්දිකට උප ඇමතිකමක් යළිත් ලැබෙන ලකුණු සංචාරක සංවර්ධන හා ක්රිස්තියානු කටයුතු නියෝජ්ය අමාත්ය ධුරයෙන් ඉවත්කරනු ලැබූ අරුන්දික ප්රනාන්දු මහතාට අද හෙටම වෙනත් නියෝජ්ය අමාත්ය ධුරයක් හිමිවන බවට අද පෙරවරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැති උත්සවයක නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්ය චන්දිම වීරක්කොඩි මහතා ඉඟියක් පළ කළේය. 13 September 2017
ඇලෝසියස්ට සාක්කි දීමට බල කළ නොහැකි බව කොමිසම දන්වයි පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට බල කිරීමේ හැකියාවක් නැතැයි එම කොමිසම අද(13) තීන්දු කළේය. 13 September 2017
අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ප්රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට සාක්කි ලබාදීමට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. 13 September 2017
ඇලෝසියස් රට ගියායැයි තහවුරු නොකළ ආරංචියක් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා විදේශ ගතවී ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් තමන්ට දැනගැනීමට ලැබුණු බව වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (12) කොමිසමට දැනුම් දුන්නේය. 12 September 2017
බැඳුම්කර කොමිසම ඇලෝසියස් සොයා නිවසට යයි පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට ගිය බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන් සිය බැංකු ගිණුම් වාර්තාද රැගෙන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුගේ බිරිඳට දැනුම්දී ඇතැයි වාර්තා වේ. 12 September 2017
අරුන්දික ප්රනාන්දු නියෝජ්ය ඇමැති ධූරයෙන් ඉවතට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් සංචාරක හා ක්රිස්තියානි කටයුතු නියෝජ්ය ඇමැති අරුන්දික ප්රනාන්දු මහතා එම ධූරයෙන් ඉවත්කරනු ලැබ ඇත. 12 September 2017
අරලියගහ මැදුරේදී පිළුණු ආහාර දීම ගැන පරීක්ෂණයක් අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්ය සේවා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයක දී ඊට සහභාගි වූ අයට පිළුණු වූ ආහාර ලබාදීමේ සිද්ධියක් සම්බන්ධව සෞඛ්ය අමාත්යංශයේ ලේකම් ජනක සුගතදාස මහතාගේ නියෝග මත විමර්ශනයක් අරඹා ඇත. 12 September 2017
‘මගේ නියෝගයක් නිසා ලලිත් - අනූෂ නිකරුණේ දඬුවම් විඳිනවා‘ - හිටපු ජනපති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීන් කිහිප දෙනෙක් අද(11) වැලිකඩ බන්ධනාගාරයට ගොස් බන්ධනාගාර රෝහලේ සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුවදුක් විමසූහ. 11 September 2017
කෙහෙළියට හා හිටපු මුද්රණ සංස්ථා සභාපතිට ඇප හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා මුද්රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප නියම කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද(11) නියෝග කළේය. 11 September 2017
සිල්රෙදි නඩුවේ වන්දිය ගෙවන්න ඒකාබද්ධය සැරසෙයි සිල් රෙදි නඩුවෙන් වැරදිකරුවන් වී සිර ගත කරනු ලැබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ අනූෂ පැල්පිට මහත්වරුන් වෙනුවෙන් අධිකරණයෙන් නියම කළ වන්දිය ගෙවීමට මැදිහත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි. 10 September 2017
බාර වූ කොටින්ට විෂ එන්නත් නොකළ බව තහවුුරුයි - සත්යලිංගම් අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් කිසිදු කොටි සාමාජිකයකු හට විෂ එන්නත් ශරීරගත කර නොමැති බව තහවුරු වූ බව උතුරු පළාත් හිටපු සෞඛ්ය අමාත්ය පී.සත්යලිංගම් මහතා පවසයි. 10 September 2017
‘සිල් රෙදි බෙදන්න රාජ්ය කමිටුවක් නිර්දේශ කරලා ‘ සිල් සමාදන් වන බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි ලබා දිය යුතු බවට ශ්රී ලංකාවේ සම්බුද්ධ ජයන්ති මහොත්සවය සදහා පත් කළ රාජ්ය කමිටුව නිර්දේශයක් ලබා දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී්ර බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 10 September 2017
රිය අනතුරක් හේතුවෙන් ව්යාපාරිකයෙක් අත්අඩංගුවේ පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ව්යාපාරිකයකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්රඥාරත්න සිරිසේන නම් මෙම ව්යාපාරිකයා වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි. 09 September 2017
බස් - වෑන් අනතුරෙන් 13ක් රෝහලේ දඹුල්ල - කුරුණැගල ප්රධාන මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේ ප්රදේශයේදි බස් රථ දෙකක් හා වෑන් රථයක් අද (09) අලුයම එකිනෙක ගැටී පුද්ගලයින් පෙර පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 13 දෙනකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි. 09 September 2017
බත්තරමුල්ලේ රාජ්ය ආයතන උදේ 7.30 සිට වැඩ අගනුවර හා ජනාකීර්න පෙදෙස්වල උදෑසන පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස රජයේ සේවකයන් සඳහා නම්යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්යාපෘතියක් ලබන 18 වනදා සිට ක්රියාත්මක කෙරෙන බව රාජ්ය පරිපාලන අමාත්යංශය පවසයි. 08 September 2017
ලලිත් - අනූෂ බන්ධනාගාර රෝහලට පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීමකට වැරදිකරුවන් වී සිරගෙට නියමවූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ අනූෂ පැල්පිට අද(8) දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි. 08 September 2017
ලලිත් වීරතුංග - අනූෂ පැල්පිට අභියාචනයකට සැරසෙති විදුලි සංදේශ නියාමන කොමිසමේ කෝටි 60ක මුදලක් වැය කර පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බේදා දීමේ චෝදනාවන්ට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ අනූෂ පැල්පිට මහතා වැරදිකරුවන් කරමින් දුන් නියෝගයට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය.. 07 September 2017
අනුෂ පැල්පිට - ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම් පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල සිරදඬුවම් නියම කිරිමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියෝග කළේය. 07 September 2017
ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට වැරදිකරුවෝ වෙති පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(7) තීරණය කළේය. 07 September 2017
පර්පචුවල් නීතිඥවරයා ඉවත් වීමට තීරණය කරයි බැඳුම්කර කොමිසමේදී පර්පචුවල් ට්රෙෂරීස් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්රනාන්දු මහතා මින් ඉදිරියට එම ආයතනය වෙනුවෙන් පෙනී නොසිටින බව බැඳුම්කර කොමිසමට අද (07) දැනුම් දුන්නේය. 07 September 2017
පළාත් සභා ඡන්දයට සූදානම් වෙන්න - ජනපති පළාත් සභා ඡන්දය සදහා සූදානම් වන්නැයි ජනාධිපති සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභාවට දැනුම් දී ඇත. 06 September 2017
කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද(6) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී සුසිල් ප්රේමජයන්ත සහ එස්.බී.දිසානායක යන අමාත්යවරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව වාර්තා වේ. 06 September 2017
දේශීය ආදායම් පනතේ ඡන්දය හෙට දේශීය ආදායම් පනත් කෙටුම්පත හෙට (07) පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිත ය. 06 September 2017
පර්පචුවල් ප්රධාන ගැණූම්කරුට විශේෂ ආරක්ෂාවක් පර්පචුවල් ට්රෙෂරීස් ආයතනයේ ප්රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතාට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස කොමිසම අද (06) නියම කළේය. 06 September 2017
බැඳුම්කර සිද්ධියට හිටපු මන්ත්රීවරියකගේ පුතාත් පැටළෙයි බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පළමු කෝප් කමිටුවේදී දුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්රීවරියකගේ පුත් කණිෂ්ක සේනානායක මහතා විසින් පර්පචුවල් ට්රෙෂරීස් ආයතනයට ලබා දෙනු ලැබ ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවිය. 06 September 2017
කලකිරුණු ශ්රිලනිප මැති ඇමැති 12 ක් අද ජනපති හමුවට ආණ්ඩුවෙන් ඉවත්වන බව කියන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් හා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (6) සවස ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ. 06 September 2017
ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් ප්රාදේශීය සංවර්ධන අමාත්ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම්කර තිබේ. 05 September 2017
‘හමුදාව යාපන බලකොටුවට ගියොත් හොඳයි‘- ආණ්ඩුකාරවරයා කියයි යාපනයේ සාමාන්ය ජනතාවගේ ඉඩම්වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45 කින් සමන්විත යාපනය බලකොටුවට යාම සාධාරණ බව උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා පවසයි. 05 September 2017
නිල ඇඳුම් ඇඳන් අපරාධ කරන්න බෑ - සරත් ෆොන්සේකා ප්රේමවතී මනම්පේරි දූෂණය කර ඝාතනය කළ අයත් ඇඹිලිපිටියේ ශිෂ්ය ඝාතන සිදු කළ අයත් එල්ලුම් ගස් යැවූ බවත්, නිල ඇඳුමක් ඇඳගත්ත පළියට රණවිරුවකු යැයි කියාගත්ත පළියට වැරදි කරන අය ආරක්ෂා කිරීම ජනතාවට කරන අසාධාරණයක් බවත් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 04 September 2017
ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව ගම්මන්පිල කියයි ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කළේ යැයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ නම් වසර අටක් පුරා යුද අපරාධ වසන් කිරීම පිළිබඳව ඔහු වහාම අත් අඩංගුවට ගත යුතුයැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උයද ගම්මන්පිල මහතා ප්රකාශ කළේය. 04 September 2017
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026