(මනෝප්‍රිය ගුණසේකර)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට බල කිරීමේ හැකියාවක් නැතැයි එම කොමිසම අද(13) තීන්දු කළේය.
සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්කි දිය හැකි බවත් එසේ නොමැතිව කොමිසමක් හමුවේ සාක්කි ලබාදෙන ලෙස බලකිරීමේ හැකියාවක් නැති බවත් කොමිසම දන්වා සිටි අතර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු 13ක් පිළිබඳ දන්නේදැයි හෙළි කරගැනීමට අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්කි විමසීමට අපේක්ෂිතව සිටි බවද කොමිසම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කොමිෂන් කුමටද? ....ඕනෙම කෙනෙකුට නිදහස තියෙනවා පිළිතුරක් නොදී සිටින්න.
හරිම සතුටුයි. විජේදාස යවාගත්තේ ඕකට තමයි.
දැන් එතකොට හැම කෙනාම, සාක්කි දෙන්නේ කැමතිනම් විතරක් උනාම, ජනාධිපති කොමිසමක් දාන එකෙන් වැඩක් නැති වෙනවනේ? එතකොට කලින් සාක්කි දීපු කට්ටියම සාක්කි දෙන්න අවේ නැත්නම් මොකද වෙන්නේ කොමිසමට?
ඇත්ත, නීති විරෝදී ක්‍රියාවක් නොවේනම් ස්වේච්චාවෙන් සාක්කි දීමට පුළුවන් බව ඕනෑම සාධාරන මනසක් ඇති මිනිසෙකුට තේරෙනවා. සාධාරන මනසක් ඇති මිනිසා යනු නීතියෙන් අර්ථ නිරුපනය කරන සාධාරන මනසක් ඇති මිනිසාය. සාක්කි දීමට නොහැකි බව පවසන්නේ ඇත්ත හෙලිවෙනවට තිබෙන බය නිසාය සහ වෙනත් අධිකරනයකදී මෙහි දී දෙන සාක්කි වෙනස් කරගැනීමට නොහැකි නිසාය වෙනත් විදියකට කියුවොත් කාලය සහ දෙශපාලන තත්වයන් වෙනස් වීම අනුව ඉදිරියේ සාක්කි තමන්ට වාසි දායක ලෙස ගොඩනගා ගත හැකි කම නිසාය.
ඒ කියන්නේ මේ කොමිසමෙන් වැඩක් නෑ. වංචාවට සම්බන්ධ කෙනා සාක්කි දෙන්ඩ බෑ කිව්වොත් 'හා එහෙනම් කමක් නෑ' කියන්ඩද මෙච්චර කෙකර ගෑවේ. මේ අනුව ඉදිරි කාලයේදී උසාවියේදී විත්තිකාරය සාක්කි දෙන්ඩ බෑ කිව්වොත් නඩු ඉවරයි. එකත් ලේසි ක්‍රමයක් නඩු කල් යන්නෙත් නෑනෙ.
එතකොට පොලිසියට නවන්න බැරි වෙච්ච ඒවා මෙතැනදී නවලා අපහු හරවන්න පුළුවන්.
දැන් ඉතින් යහ පාලනේට ඡන්දය දීපු අය පේලියට එලියට එන්න.
මෙය එටකොට චුදිතයෙක් නෙමෙයිද? සාක්කි කාරයෙක්ද? එටකොට චුදිතයා කවුද? නොදන්නා නිසා අහන්නේ.
මට පෙරලි පෙරලි හිනා යනවා....
මීට වඩා විහිළුවක් නැහැ.
මේ වගේ නරි නාටක ගැන කාට නම් කියන්නද?
බැදුම්කරේ පාඩුවයි, කොමිසමේ පාඩුවයි ඔක්කොම කීයද දැන් ?
මෙතන තියෙන්නේ කොමිසමේ බලතල මොනවාද කියන එක. උසාවියක වුනත් චූදිත විදිහට හෝ සිතාසි ලැබීමක් ලෙසට හෝ නැතිව සාක්කි දෙන්න කාටවත් බල කරන්න බෑ. කෙසේ නමුත් අවසන් නිගමන වලට එළඹීම කොමිසමේ කාර්යයක්.
අපිට තේරුණා මේ වෙඩේට අත තිබ්බ ගමන්.....
කන්දක් විලිලා මිය්යක් වැදුවා වගේ. අවශ්‍යම අයෙගෙන් සාක්කි ගන්න බැරිනම් මොන කෙහෙල්මලටද අපේ සල්ලි වියදම් කරලා කොමිසමක් පත් කෙරුවේ. කෙලින්ම නඩු දන්නා තිබ්බ නේ. කෝප් වාර්තාව අනුව.
මොහුව අදිකරණයේ නඩු පැවරීමෙන් සාක්කි ලබා ගත හැකියි.
මම නොදන්නා නිසා අහන්නේ , එම ක්‍රියාවලිය අනිකුත් නඩු පූර්වාදර්ශයක් නොවන්නේද.? අර NLR එකද මොකද්ද එකට මේවා නොයන්නේ.? දන්නා මහත්තයෙක් හරි නෝනා කෙනෙක් ඉන්නවනම් මාව දැනුවත් කරන්න.
දැන් ඉතින් දෙයියෝ සාක්කි තමයි .හොරුන්ට ගිය රට.
"නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ".
ඒත් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න.
ඕනේ තරම් හොරකම් කරලා මිනීමරලා අන්තිමට අනේ මම සාක්ෂි දෙන්න නම් එන්නේ නැහැ කියලා ඕනේ කෙනෙකුට බේරෙන්න පුළුවන්නේ. මේක ලොකු අයට විතරක් තියෙන නීතියක්ද? මේ ඔක්කොම එකතුවෙලා අපිව ගොනාට අන්දනවා. මාර නීතියක්. මේ තමා රටේ අවසානේ. අර්ජුන අලෝසියෙස් කියන්නේ නඩුවේ විත්ති කාරයා. එයාගේ අවසර ඕනෙද එයාගෙන් ප්‍රශ්න කරන්න. මේ අය තමයි හිරේට යවන්න තියෙන්නේ.
ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය අනුව නඩුවක චූදිතයෙකුට තමා වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවීමට හෝ තමාම සාක්ෂි කූඩුවට නැග දිවුරුම් පිට හරස් ප්‍රශ්න වලට භාජනය වෙමින් සාක්ෂි දීමට හෝ දිවුරුම් නොදී හරස් ප්‍රශ්න වලට භාජනය නොවී විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට හෝ කිසිවක් නොකියා නිහඬව සිටීමට අයිතියක් ඇත. යම් චූදිතයෙකු එසේ නිහඬව සිටීමට තීරණය කරයි නම් ඔහුට ප්‍රකාශයක් කරන ලෙස බල කිරීමට අධිකරණයට හෝ බලයක් නීතිය අනුව නොලැබේ. නමුත් බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඉදිරිපත් කරන තර්කය වන්නේ, මෙය නඩු විභාගයක් නොවන බවත්, ජනාධිපති කොමිසමක් පමණක් වන බවත්, වැඩිදුරටත් අර්ජුන් ඇලෝසියස් යනු මෙහි තවත් එක් සාක්ෂිකරුවකු පමණක් බවත් එසේ හෙයින් ඔහුට පෙරකී නිහඬව සිටීමේ අයිතියක් නොලැබෙන බවත්ය.
නමුත් අර්ජුන් ඇලෝසියස්ගේ පැත්තෙන් මෙහිදී ඉදිරිපත් කළ හැකි වන නීති තර්කය වන්නේ, මෙම කාරණයට අදාළව ඉදිරියේදී ඔහුව විත්තිකරුවකු කරමින් නඩුවක් ගොණු කරනු ලැබීමට විශාල ශක්‍යතාවක් පවත්නා බැවින්, ඔහු විසින් මෙම ජනාධිපති කොමිසම ඉදිරියේ ලබාදෙනු ලබන සාක්ෂිය එවන් අධිකරණයක් ඉදිරියේ අනාගතයේදී ඔහුටම එරෙහිව සාක්ෂියක් ලෙස යොදාගැනීමේ හැකියාවක් පවත්නා හෙයින්, එම අවස්ථාවේදී අනාගත නඩුවක චූදිතයෙකු ලෙස තමාට අගතියක් සිදුවිය හැකි නිසා මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් වැලකී සිටීමට ඔහුට අයිතියක් ඇති බවය. එය නීති තර්කයක් ලෙස පදනමක් ඇති තර්කයකි. මන්ද පාපෝච්චාරණයක් සාක්ෂි ලෙස අදාළ කරගත නොහැක යන සාක්ෂි ආඥා පනතේ 27වැනි වගන්තියේ ආරක්ෂාව මෙම ජනාධිපති කොමිසම හමුවේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදාළ නොවන්නේ යැයි තර්ක කළහැකි බැවිනි. තවද මෙවන් අවස්ථාවක පවා ඔප්පු කිරීමේ භාරය ඇත්තේ පැමිණිල්ල වෙත බැවින් බලෙන් සාක්ෂි දී පැමිණිල්ල ඔප්පු කරදීමට වගකීමක් විත්තියට නොමැති බවද සැළකිය යුතුය.
ඒ අනුව බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි නොදී නිහඩව සිටීමට අර්ජුන් ඇලෝසියස්ට සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල අයිතියක් ඇත. කෙසේ වෙතත් මෙම බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කරගැනීම උදෙසා දරනු ලබන උත්සාහය විෂයෙහි මෙම නිහැඩියාව අගතිදායක වන බව සත්‍යයකි. නමුත් අර්ජුන් ඇලෝසියස් දිගින් දිගටම මුණිවත රැකීමට තීරණය කරයි නම් ඔහුගේ සාක්ෂිය මෙම කොමිසමේ අරමුණ ඉටුකර ගැනීම සදහා කෙතරම් වැදගත් වුවද, බැදුම්කර කොමිසමට හෝ වෙනයම් කිසිදු අධිකරණයකට හෝ ඔහුගේ නිහැඩියාව සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කළහැකි කිසිවක් නැත. තවද දෙමාපියන් ගුරුවරුන් කුඩා ළදරුවන්ගේ නඩු අසන විටදී මෙන්, "නිහඩව සිටින්නේ වරදකාරී බව නිසාය" යනුවෙන් අනුමිතියකට පැමිණීමට ඉඩක් නීතියට අනුව නොමැති බවත් සැලකිය යුතුය.
මාරපන කෙනෙක් නේ ඉතිං උපදෙස් දෙන්නේ
අනේ ඇත්තමද එහෙම බල කරන්න බැරිද? අපේ පැත්තේ කුකුල්, කෙහෙල්කන්, තමාගේ වත්තේ අනවසරයෙන් කිතුලක් මැදගත්ත හොරු වැනි මහාපරිමාණ අපරාධකරුවන්ව නම් වවුල් සේයාවෙන් බාල්කෙ එල්ලලා පුජාව දෙන්න ලැස්ති කරනකොටම පොලිසියට අහුනොවුන හොරකම් වල සාක්ෂිත් එක්ක ඔක්කොම වමාරනවා. මෙයාටත් බැරිද එවන් පුජාවක් දෙන්න?
නඩුවක් දාන්න පුළුවන්. කොමිසමට නඩු අහන්න බැහැ.
හරි ශෝක්.දැන් ඉතින් තව තවත් හොරු බිහිවෙයි. අඩු නැතිව.
රටේ ජනතාව මේ දෙස විමසිල්ලෙන් බලා සිටිනවා. බලයට ගෙන අප දෙස බලා මිනිසුන් සිනාසෙනවා. පක්ෂ විපක්ෂ දෙකම හොර මුල්රටට අලුත් ජන බලයක් අවශ්‍යයි. රටේ සියලු මාධ්‍යය මේ සඳහා ජනතාව දැනුවත් කල යුතු කාලයක් ජනතාව වෙනදාටද වඩා විමසිල්ලෙන් තම ඡන්දය පාවිච්චි කල යුතුයි. මේ ආකාරයෙන් නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා නම් මොකද්ද මේ රටේ තියන සදාචාරය?
ඔහොම්මම ගිහිල්ලා කැකිල්ලේ තීන්දුවකුත් දෙයි. මෙච්චර කාලයක් කවුරුවත් නොදැන හිටපු නීතියක්නේ මේක. එතකොට අපරාධකරුවෙක් අල්ලන් ඇවිල්ලා පොලිසියෙන් බැනලා, ගැහුවත් පොලිසියට වුණත් කිසිදෙයක් කරන්න බැහැ. ඇයි ඉතින්, උසාවියට බැරිනම්.., පොලිසියට පුළුවන් වෙන්න බැහැනේ. බලාගෙන යද්දී.., ලංකාවේ නීතිය වුණත් ක්‍රියාත්මක වෙන්නේ අහිංසක අසරණවුන්ට එරෙහිව විතරයි. තාජුදීන්ගේ නඩුවේ අනුර සේනානායක මහතා කාලෙකට හිරේ ගියා. ඒ වුණත්, ඒ වැඩේ කරවපු අය නිදැල්ලේ නිසා තාම නඩුව ඉබි ගමනේ යනවා. තීන්දුත් නැහැ. දඬුවනුත් නැහැ. මොකක්ද මේ පාලනයට කියපු නම..?
ගොඩක් උදවිය මෙහි බුද්ධිමතුන් වගේ අදහස් දක්වා තිබෙනවා. එ්ත් කොමිසමක් සහ උසාවියක් අතර වෙනස නොදැන ඉන්නේ. කොමිසමකට නොතාසි නිකුත් කර සාක්කි බලෙන් ලබාගත නොහැකියි. දැන් තිබෙන්නේ ඉදිරිපත් වුණු කරුණු මත නඩු පැවරීමයි.
ඔක්කොම පැත්තකට දාලා ලංකාවේ නීතිය හොඳ හැටි ඉගෙන ගත්තා නම් හොඳට හොරකම් කරන්න පුළුවන්...
සොරුන් පසෙක තියා සාක්කි ගන්නා හොර කොමිසමක් වෙලා.
ලංකාවේ ක්‍රියාත්මක ජුගුප්සා නීති ක්‍රමවේදයේ අජූත බව තව තවත් බබලයි.
මේකද රටේ නීතිය, කැමතිනම් විතරද සාක්කිදෙන්න පුළුවන්... මේ අයව අරාබිය වගේ ප්‍රසිද්ධියේ ගොල්ෆේස් එකට ගෙනත් ගල් ගහලා අන්දමන් දූපතේ හිර කරන්න ඕනේ....