(මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පළමු කෝප් කමිටුවේදී දුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ පුත් කණිෂ්ක සේනානායක මහතා විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලබා දෙනු ලැබ ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවිය.
පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් එම සිද්ධියට අදාළව සිදුවූ දුරකතන සංවාද කොමිසමට බාරදුන් අතර එම සංවාදවල මේ බව සඳහන් වි ඇතැයි කොමිසමේදී හෙළිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කුම්බලා මාළු කෑවනම් දිරවපන් බළලෝ" කියලත් කිවලු.
බලාගෙන ගිහාම " කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවා "වගෙයි.
මේ කොමිසමෙන් හෙළිවන කරුණු හිතාගන්නවත් බැරි ඒවා. කරුණාකරලා මේ වැරදිකරුවන් සියලු දෙනාට දැඩි දඩුවම් ලබාදෙන්න. හැබැයි මේ ලංකාවනේ, කිසිම දෙයක් වෙන්නේ නෑ මේවට සම්බන්ද අයට
කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු ඩිංගක් නැතිවෙන්නේ නැහැ
මේ වංචාවනම් සිද්ධවුනේ ජාතියේ වාසනාවට.
කෝප් කමිටුවේ සාක්කි රහසිගත නොවන අතර ඒවා ඕනෑම කෙනෙකුට දැන ගත හැක. මෙය වරදක් නොවේ.
මොන ටික ටිකද ? හුණු හොන්ඩර ගණන් කුණු ටොන් ගණන්.
තොටිල්ල පදවන අත මහ බැංකුවත් හොල්ලයි.
මේ ලොකු ලොක්කෝ හොඳ යාලුවෝ , මේගොල්ල එකතුවෙලා අපිව ගොනාට අන්දවන්න හදන්නේ