ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.
හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා සිදුකළ ප්‍රකාශයන්ට අප්‍රසාදය පළකිරීමක් ලෙස හා එයට විරෝධය දැක්වීම සඳහා මෙලෙස උද්ඝෝෂණ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය හෙට (06දා) රැස්වීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කාට උද්ඝෝෂණ කලත් එක දෙයක් පසුගිය අත්දැකීම් අනුව පැහැදිලියි මේ සියල්ල බල ලෝභය නිසා පමණි ජනතා සුබසිද්ධිය උදෙසා නොවේය බලයේ ඉන්නකොට හරිදේ බලය නැතිවිට වැරදිය බලය නැතිවිට වැරදි දේ බලය ඇතිවිට හරිය පපසුගිය දසක ගනනාවක පොදු මහජනයාගේ අත්දැකීම එයයි
කවුරු කාට උද්ඝෝෂණ කලත් එක දෙයක් පසුගිය අත්දැකීම් අනුව පැහැදිලියි මේ සියල්ල බල ලෝභය නිසා පමණි ජනතා සුබසිද්ධිය උදෙසා නොවේය බලයේ ඉන්නකොට හරිදේ බලය නැතිවිට වැරදිය බලය නැතිවිට වැරදි දේ බලය ඇතිවිට හරිය පපසුගිය දසක ගනනාවක පොදු මහජනයාගේ අත්දැකීම එයයි
එකබද්දේ විරෝධතා ගැන කවුරුත් දන්නවනේ.ඕනෙනම් 100 විතර ඒවී. එකත් සල්ලිවලට.
ෆොන්සේකා මහතා අහවලා වගේ 'බය' කෙනෙක් නම් නෙවෙයි.
ඒකාබද්ධ විරුද්ධ පක්ෂය කියන්නේ ඕනෑම හොඳ දෙයකට විරුධව ක්‍රියා කරන අශුද්ධ සන්ධානයක්. බෞද්ධ ජාතක කතා වල එන දේවදත්ත චරිතය වගේ බලයේ ඉන්න කොටත් ෆොන්සේකාට විරුද්ධයි. බලය නැති කොටත් විරුද්ධයි. හිටපු හමුදා පති ජගත් ජයසුරිය සම්බන්ධයෙන් ෆොන්සේකා කට ඉස්සර කර ගත්තා විය හැකියි. නමුත් ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ ඉන්න ඇතැම් කම්බ හොරුන්ව අල්ලලා සක්වල ගලේ ගැසිය යුතුව තිබෙද්දී, සරත් ෆොන්සේකාත් සමග තියෙන සදාකාලික වෛරයකින් මේ රොත්ත වැඩ කරන්නේ. මේ ගොල්ලන්ට නැවත බලේ අරන් දීල ඉල්ලන් කන්න රටේ ජනතාව සුදානම් නැහැ.
ඕකට මුලිකත්වය ගන්න හොදම දෙන්නා ඉන්නේ ඒකා බැද්දේ තමා , දළදා මාලිගාවට බෝම්බ ගහපු ,සිරිමහ බෝ සමිදුට වෙඩිතියපු, අරන්තලාවේ හාමුදුරුවෝ විසිනවයක් කපල මරපු කරුණ අම්මාන්,හා මහින්ද ජනපති ගතනයට කොටියෙක් ගෙනත් ගෙදර හංගා ගෙන හිටිය ජොන්ස්ටන් දෙන්නා
මේවා ඉතින් කරන්නේ මහිදගේ පාදඩ දේසපාලනේ රැකගන්න මිස වෙන මොකටද ඕව නෙවේ මොනවා කලත් යේ කිසිදාක ඔය හිතන දේවල් කරන්න වෙන්නෙත් නැ දෙන්නෙත් නැ
අනේ දෙව්දත් නොදුටි මොක්පුර.
හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා කිසිම වරදක් නොකර ජනපති තරඟයට ඉදිරිපත් උන වෙලාවේ සතෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දැම්ම වෙලාවේ මුං කොහෙද හිටියේ.ඒ මලබද්ධේ නායකයට බයේද.
රටපුරා උද්ඝෝෂණ පෙළපාලිවලට වියදම් කරන්න තරම්, හොරාකාපු සල්ලි තියෙනවනේ.
කරපු වැඩේ නම්බුව තියාගෙන වීරයෙක් වගේ ඉන්න බැරුව මේ වසල කරන උන්ට රත්තරන් ඔටුනු දාපු අයටයි විරෝදය පාන්ට ඕන
වැලේ වැල් නැති එකාබද්ද විපක්ශයේ බොරු වැඩ ඕවා.කලින් පාගමනක් ආවා බලය ගන්නවා කියලා, ඔය ගත්තේ....
බෝතල් බාගෙයි බත් පැකට්ටුවයි අතේ ඇති කුලී වීදි නාට්‍ය කරුවන් කෑ ගසා ලොව දරුණුම ත්‍රස්තයන් නැතිබංගස්තාන කල රණවිරුවාව මරා දමන්නේ කෙසේද?
මේවට සල්ලි දෙන්නේ බැසිලුයි මහින්දයි නාමලුයි ඉස්සර හොර කාපු සල්ලි වලින්. ඒවා මෙච්චරකල් බේරලා දුන්නේ විජයදාස. දැන් බලමු සාධාරණ නීතියක් රටට දේවිද කියල. නැතිනම් මහින්ද හිටපු හොර රජා එලවල ආපු යහපාලන රජයෙනුත් වැඩක් නැහැ.
සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීම විහිළුවක්. කරන්න දෙයක් නැතුවට කරන එකක් බවකුයි පෙනෙන්නේ.
මේ ගොල්ල ඉන්නේ එල්ලෙන්න වැලක් නැතුව. දැන් ෆොන්සේකාගේ වැලේ එල්ලිලා.
දඩයම් බල්ලා දඩයම් නොකර දොරකඩ වැතිරෙන්නෙයි.
සරත් පොන්සේකා ගේ කට ටිකක් සැරයි තමා.හැබැයි කියන්නේ අැත්ත.අනික් උන් වගේ ම්නී මරලා, අපරාධ කරලා නෑ. සමහර උන් මාතලෙන් පටන් ඇරන් වැලිකඩ දක්වා අපරාධ කරලා සුදනො වෙන්න හදනවා. මළබද්ධේ නාලා එහෙම ආවා නම් තමා හරි.
සිංහයෙක් බලුඋනු බලු විල්ලක්.
උද්ගෝෂණය කරලා රට හිනස්සන්න ඕන නැහැ , විශ්වසබන්ගයක් ගෙනල්ල මෙයාව ඇමති කමින් අයින් කරන්න.... නැතිනම් මෙතුමා තව බොරු වැලක් ගොතා ජාතියන්තර මාද්ධියට ඉදිරිපත් කරවී. අර සුදු කොඩි කතාවෙන් හමුදාවට නිගාකලා .දැන් කියනවා රතුපස්වල ම්නිස්සුමරුවේ අරයාලු ,වැලිකඩ රැදවියන් මැරුවේ අරගොල්ලෝලු ,මේ පෙන්වන්නේ වයිරයයි ,ක්‍රෝධයයි සහ පලිගැනීමයි ....මෙවැනි පුද්ගලයනට ඇමතිකම් දැරීමට කිසිදු සුදුකමක් නැත,...මෙවෙල්විදානේගේ ප්‍රකාශ සමස්ත ශ්‍රීලංකා හමුදාවටම අපකිරිතියක්. අපි ඔහුගේ ප්‍රකශ තරයේ හෙළාදකිමු ...
සරත් ෆොන්සේකා දේශපාලන දිවිය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මෙතුමා බලයේ ඉන්නේ ලිස්ට් එකෙන් නේ .
මෙදමුලන සමාගමේ කකුල් වෙවුලනවා ඇති නේද ? රිටන් එක දෙයිද කියලා ?
ෆොන්සේකා මහත්තයා මාර උගුලකින් බේරුණේ. ගිය ආණ්ඩුව ෆොන්සේකාට මෙහෙම වුණේ තවදුරටත් සන්නද්ධ හමුදා සම්බන්ධයෙන් ඔහුට කළ හැකිව තිබූ යම් බලපෑමක් තිබුණේ නම් එය අකා මකා දමන්නයි. දෛවයේ සරදමකට වගේ පසුගිය ආණ්ඩුව වැටී අලුත් සභාග ආණ්ඩුවක් බලයට පැමිණ ෆීල්ඩ්මාර්ෂල් තනතුරකින් පමණක් නොව ඇමතිකමකිනුත් පුදනු ලැබුවා. දැන් ෆොන්සේකා මහතාට ශක්තිමත් දෑත් ලැබී තියෙනවා. එදා ෆොන්සේකා මහතා ජගත් ජයසූරිය කළා යයි කියන වැරදි ලොවට නොවෙයි ගෙදර අයට හරි කියා තිබුණා නම් මොවුන් සියලු දෙනා එකතුව සක්වල ගලේ ගසන්නත් බැරි නැහැ. කිව්වත් වැරදියි, නොකිව්වත් වැරදියි කියන නිගමනයට ඇතැමුන් කෙමෙන් පැමිණෙමින් සිටිනවා. අවසාන වශයෙන් කිව යුත්තේ මේ කවුරු කවුරුත් ජනතාවගේ හතුරන් බවට පත්වී ඇත යන්නය.