IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බාර වූ කොටින්ට විෂ එන්නත් නොකළ බව තහවුුරුයි - සත්‍යලිංගම්

(සිරාජ් හසීම්)

අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින්ට  විෂ එන්නත් කර ඇති බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් කිසිදු කොටි සාමාජිකයකු හට විෂ එන්නත් ශරීරගත කර නොමැති බව තහවුරු වූ බව උතුරු පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා පවසයි.

ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින් හට විෂ එන්නත් ශරීරගත කර තිබීම පිළිබද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා හෝ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට උතුරු පළාත් සභා මන්ත්‍රී තවනාදන් මහතා කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් සත්‍යලිංගම් මහතා මේ බව කීය.

“2009 යුද්ධයෙන් පසුව ආරක්ෂක හමුදාව වෙත බාරවී පුනරුත්තාපනය ලැබූ කොටි සාමාජිකයින් හට හමුදාව විසින් විෂ එන්නත් ශරීරගත කර තිබෙන බවට චෝදනා එල්ල වුණා.මේ නිසාවෙන් එම කොටි සාමාජිකයින් අභිරහස් ලෙස මරණවලට ගොදුරු වී තිබෙන බවත් තවත් වැඩි පිරිසක් රෝගවලට ගොදුරු වී තිබෙන බවත් පැවසුණා.මේ ගැන උතුරු පළාත් සභාවේද අවධානයට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් තම අමාත්‍යංශය යටතේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පත්කර උතුරු පළාතේ දිස්ත්‍රීක්ක පහේම පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් පරීක්ෂාවලට ලක් කිරීමට පියවර ගත්තා.මේ සම්බන්ධයෙන් ඔවුන්ව  මාධ්‍ය මගින්ද දැනුම්වත් කළා.ඒ අනුව හිටපු කොටි සාමාජික සාමාජිකාවන් 300 දෙනකු අප විසින් පරීක්ෂා කරනු ලැබුවා.

මේ පරීක්ෂණ වලට අනුව  පරීක්ෂාවන්ට ලක්වූ කිසිදු කොටි සාමාජිකයකුට විෂ එන්නත් ශරීරගත වීමක් සිදුවෙලා නැහැ කියල තහවුරු වුණා.පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් වැඩි පිරිසක් පරීක්ෂණ මගහැර සිටියා.ඔවුනට බලකළ නොහැකියි.මෙකී චෝදනාව සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයා විසින් තමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.“යැයි ඒ මහතා කියයි.



අදහස් (4)

බාර වූ කොටින්ට විෂ එන්නත් නොකළ බව තහවුුරුයි - සත්‍යලිංගම්

සෙනෙවි Sunday, 10 September 2017 11:40 AM

සාවද්‍ය චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධව නීතිමය පියවර ගත යුතුයි.

:       21       462

ravin Sunday, 10 September 2017 12:36 PM

සත්‍යලිංගම්, ඔබ හොඳින් දන්නවා විදෙස් වල ඉන්න උදවිය උඩු බුරලන හැටි. ප්‍රශ්නයක් නැති වුණොත් ඔවුන්ගේ සැප පහසුකම් අඩුවෙනවා. එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි.

:       34       150

ධම්ම Sunday, 10 September 2017 02:59 PM

මේ අදහස අරයාගෙන් වසන් කලයුතුයි. නැත්නම් අලුත් සුදු කොඩියක් හදයි.

:       1       159

prasanna Sunday, 10 September 2017 03:28 PM

දැන් ඉතින් වියන්ගොඩ වගේ රාජය සංවිධාන කාක්කන්ට බඩේ පාරක් වැදුනා... කොන්දක් නැති ආණ්ඩුවක් හදාගෙන එන්ජ්ඕකාරයෝ සල්ලි ගරනවා අපේම රට ගැන බොරු කියල.

:       2       116

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 15 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site