(ජයන්ත සමරකෝන්)
පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීමකට වැරදිකරුවන් වී සිරගෙට නියමවූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට අද(8) දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.
ඔවුන් දෙදෙනාටම ඇති දියවැඩියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළු කෙරුණු බව බන්ධනාගාර ආරංචි පවසයි.
ඒ අනුව ඔවුන් අද දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළු කරනු ලැබූ අතර මීට පෙර සිර දඬුවම් නියම වූ දුමින්ද සිල්වා, වාස් ගුණවර්ධන, රිමාන්ඩ් භාරයේ සිටින සරණ ගුණවර්ධන ආදී ප්‍රබලයන් කිහිප දෙනෙක් ද එම වාට්ටුවේ ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොකට කියනවද? මහ ලොකු පරිපාලන සේවකයෝ කියාගෙන මෙච්චර කල් තෝරමාලු කාලා දැන් සීනි වැඩි වෙලාද? ලංකාවට අබ සරණයි. දේශපාලනය සමග පරිපාලන සේවයද කුජීත වූ මොහොත. පරිපාලන සේවය මහ මෙරක් වගේ ඔටුනු දාගෙන පොඩි මිනිහට ගෙම්බර් එක දීලා හැමෝගෙන්ම මැඩම් සර් කියවාගෙන දේශපාලකයන්ගේ පස්සෙන් යන අයට හොඳ පාඩම්...
බන්ධනාගාර රෝහලේ දොස්තරවරියකට මසකට රු. දස ලක්ෂයක අල්ලසක් දෙන බවට පුවත් පලවෙලා තියෙනවා. මොවුන් රෝහල් ගතකිරීමට වාර්තා සැපයීම වෙනුවෙන්...
අපි හිතුවා... බෙදපු සිල්රෙදි එකතුකරලා පොට්ටනියම ආපහු එවනවා කියලා නේද දැන් කියන්නේ? එ්කේ මැතිවරණය ගැන තිබුණු කොළ කෑල්ලත් එකතුකරලා එව්වොත් තමා වැඩිය හොඳ....
රන්ජන් කිව්ව්ට මේ රට විනාශ කරන්නේ කලු කෝට් කාරයෝ කියලා ... දැන් බැලුවම සුදු කෝට් කාරයො ඊට හපන් නේ...
බරපතල වැඩ කරන්නේ අපිද එතකොට ?
මහින්ද මහත්තයා පස්සේ ගිහින් නතර උණු තැන. මේ ගොල්ලෝ ඉත්තෝ විතරයි. මහමිනිස්සු තාමත් නිදැල්ලේ ඉන්නවා විතරක් නෙවෙයි. රට පෙරළන්නත් දඟලනවා.
අනේ පව් අසරණයෝ... ඔක්කොටම එකම ලෙඩේ බෝවෙලා.. මොනවා කරන්නද?
ලංකාවේ නීති හදලා තියෙන්නේ පොඩි මිනිස්සුන්ට දඬුවම් කරන්න විතරයි.. ලංකාව දියුණු කරන්න බැහැ.. රට පාලනය කරන සියලු දෙනාම ලෙඩ්ඩු.. හැබැයි ලෙඩ එලියට එන්නේ උසාවි යන්න වුණොත් විතරයි.. නැත්නම් හොරෙන් බේත් කර කර රට කනවා .. මෙහෙම ලෙඩ්ඩු පාලනය කරන රටක් කවදා දියුණු කරන්නද? පොඩි මිනිස්සුන්ට එක එක බදු ගගහ ලොකු අය ඒ සල්ලි වලින් ජීවත් වෙනවා .. සැප ගන්නවා .. යාන වාහන හිතේ හැටියට ගන්නවා.. පොඩි මිනිහා හැමදාම දුක් විඳිනවා.. රටක් දියුණුයි කියන්නේ හොඳ අධ්‍යාපන ක්‍රමයක්... හොඳ ආහාර පාන, හොඳ මාර්ග පද්ධතියක්, නොනවත්වා ජලය විදුලිය, වැටුප හැටියට අඩු බදු, පිරිසුදු වටපිටාවක්, කාර්යක්ෂම සහ ඉක්මන් රාජ්‍ය සේවයක්, හොඳ ගමනාගමන පද්ධතියක්, හොඳ වැටුප් පරිමාවක්, වගේ සරල දේවල් තියෙනවා නම් පමණයි.. ලංකාවේ එහෙම සියල්ලම බලාගන්න පුළුවන් එකම තැන තමයි කොළඹ 07 කුරුඳුවත්ත .. ඔය සියල්ලම තියෙන්නේ ඒ හරියේ විතරයි.. මුළු රටේම අනිත් සියලුම තැන් වල තියෙන්නේ 3 වන ලෝකේ නොදියුණු රටක ලක්ෂණ තමයි..
ඔවුන් බන්ධනාගාර රෝහලේ සිටියත්, ඔවුන් මානසිකව ඔවුන් කලදේ ගැන දුක් වෙනවා ඇති. අපට දුක රාජ්‍ය සේවයේ අංක එකේ පුද්ගලයත් එහෙයියෙක් වෙච්ච එක පමණි. අනික් සෙට් එකම නීලම්මාර හොරු බව දෙකේ පන්තියේ ඉන්න ළමයත් දන්නවා. මෙය මේ රටේ සිටින සියලුම රාජ්‍ය සේවකයන්ට හොඳ පුර්වාදර්ශයක් වනු දැක්ම අපගේ එකම ප්‍රාර්ථනයයි. යහපාලනය ගෙන එනු ලැබුවේ මෙසේ රට ඉදිරියට ගෙන යාමටයි. දැන් තමන්ට කඩේ ගිය සෙට් එක බලන්න එන අයගෙන් දැනගන්න පුළුවන් මොවුන්ට මේක කරන්න කිවුවේ කවුද කියලා. තව දවස් දෙක තුනක් ඉවසලා බලමු.
මේවා ඉතින් කවුරුත් දැනගෙනයි හිටියේ. රන්ජන් රාමනායක කියන දේත් ඇත්ත, අනුර දිසානායක කියන්නෙත් ඇත්ත. රටේ එක්තරා පන්තියට නීතිය සහ දඬුවම් ලිහිල් වෙලා...
ඕක නම් බොරු... පුදුම නීතියක් තමයි... නීතිය නැවත ක්‍රියාත්මක විය යුතුයි. නැතිනම් හොරකම් වල සීමාවක් නම් නැතිවෙයි.
දැන් ඉතින් අපිටත් බලන්න වෙනවා ඉස්පිරිතාලෙකට ගිහිල්ලා මැහුම් දාගන්න අවශ්‍යද කියලා.?
ඇත්තෙන්ම මේ මහත්වරු හොරකම් කළ සල්ලි දන්දී ඇති බවට සැකයක් නෑ. නැතිනම් මෙහෙම ලෙඩ්ඩු වෙන්න විදියක් නෑ. එහෙමත් නැතිනම් ලෙඩ්ඩු කවුද නිරෝගි කෙනා කවුද කියලා තේරුම් ගන්න බැරි හොර දොස්තරලා තමයි රටේ ඉන්නේ...
මේ සිර දඬුවමේ ඇති පලය කුමක්ද?. ඔක්කොම සල්ලි කාරයන්ට ලොකු ලොකු උදවියට විතරද යහපාලන නීතිය තියෙන්නේ? අපේ රටේ ජනතාව ජනවාරි 8 බලාපොරොත්තු වුනේ නම් මේක නොවෙයි.
ඊයේ හිනාවෙවී මහා උජාරුවෙන්, වීර කමක් කලාවගේ බන්ධනාගාර රථයට නැගපු දෙන්නා අද කෙලින් ඉන්න බැරි ලෙඩ්ඩු වුනේ කොහොමද? ලංකා අධිකරණයට මෙවැනි අපහාස කරන දොස්තරවරුන් වහාම අත්අඩංගුවට ගත යුතුයි.
කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරුවන්....
බන්ධනාගාර රෝහල වසා දමන්න. සිරකරුවෝත් අප වාගේම මනුෂ්‍යයෝ නිසා ඒ ලෙඩ්ඩුත් ආණ්ඩුවේ රෝහල්වලට ඇතුලත් කරන්න.
සේරටම කලින් මෙයාලව බලපු දොස්තරව සෝදිසි කරන්න කරන්න ඕනේ! සීනි කීයට නැගලද? සීනි තිබෙන සැවොම රෝහල් ගත කරනවද? වගකිව යුත්තන් ජනතාව ගොනාට අන්දන්න නම් හදන්න එපා.
මේ හන්දා තමයි, මේ අය ඊයේ මහජනයාට හිනා වෙවී බන්ධනාගාරයට ගියේ. අන්තිමට ඡන්දෙ දීලා ආණ්ඩුව පත් කරපු මහජනයායි මෝඩ වෙලා තියෙන්නේ...
මේ වගේ දේවල් දකින කොට ඇති වන්නේ මහත් පිළිකුලක්... අපේ රටේ නීතිය පාලනය අතිශය පිළිකුල්.. මම දැක්කා පසුගිය දිනක බන්ධනාගාර බස් එකකින් වයෝවෘද්ධ සිරකරුවෙක් අරගෙන එනවා උසාවියට රෝද පුටුවක එම රෝගියා මුත්‍රා බෑග් එකකුත් එල්ලගෙන බොහොම අමාරුවෙන් තමයි බස් එකෙන් එළියට ගන්නෙත්, නැවත බස් එකට නග්ගවන්නෙත් එහෙත් මිනියක් මරපු එක්තරා ඇමති හොරෙක් එනවා ඇම්බියුලන්ස් එකකින් ඇවිත් බොහොම හොඳට ඇවිදගෙන උසාවියට යනවා දැන් පසු ගිය කාලේ ඔය දින කීපයකට රිමාන්ඩ් කරපු අය උසාවියෙන් කෙලින්ම යන්නේ බන්ධනාගර රෝහලට... මේක මහා නරක පුර්වාදර්ශයක්... කොහොමත් අපේ රටේ ජනතාව ඔය දෙපැත්තට බෙදිලා මරාගත්තට මේ දෙගොල්ලොම හරියට අර එකට ඉන්න රෙස්ට්ලින් කණ්ඩායම් 2 ක් ලෝකෙට පෙනෙන්න ගහගන්නේ සමහර වෙලාවට ලේ එනකම් ගහ ගන්නවා. ඉඳල හිටලා එහෙම නොවෙනවා නම් මිනිස්සු ඔය බොරුවට ගහ ගන්න එක තේරුම් ගන්නවානේ... කොහොම වුණත් මෙම වැරදි වලට නියම වග උත්තර කරුවන් නිදැල්ලේ....
අනේ මෙහෙමත් ජෝක්... ඉහළ පැලැන්තියේ හොරුන්ට සැප... අනිත් අයට කිසි සරණක් නැහැ. මීට කලින් යස අගේට, සනීපෙන් හිටියේ.... බන්ධනාගාර දොස්තරත් හොඳ කුට්ටියක් කඩා ගන්නවත් ඇති නේද?
මෙය රාජ්‍ය සේවකයන් ආදර්ශයට ගත යුතුය. දේශපාලකයෝ කෙටි කාලීනව බලවත් වුවද, තමන්ගේ සීමාව කුමක්දැයි හඳුනාගැනීමට රාජ්‍ය සේවකයාට හැකි විය යුතුය. තාවකාලික ලාභ වෙනුවෙන් තමන්ගේ ගරුත්වය පාවා නොදිය යුතුය. මහින්ද යුගයේ පමණක් නොව මේ යුගයේත් මෙවන් දෑ සිදුවෙමින් පවතී. ඉතාම ආදර්ශමත් තීන්දුවකි.
දෙන්නට සීනි වැඩිනම් කන්තලේ සංස්ථාවට යවන්නයි තියෙන්නේ ... එතැන බර වැඩ ඇති බොහොමයට..
මේ විදියට ගියොත් ඉදිරියේ බන්ධනාගාර හොටෙල් පවා ඉදිවෙන්න ඉඩ තියෙනවා
මහින්ද, රනිල් ඩීල් එකෙන් තමයි කෙලින්ම බන්ධනාගර රෝහල් ගත වුනේ... දැන් ඔබට සතුටුද?
රන්ජන් කියන්නේ සම්පුර්ණ ඇත්ත. පුළුවන් නම් ඔහු හිරේ දමන්න. මොකද වෙන්නේ කියලා. ජනතා බලය පෙනේවි..