IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


රිය අනතුරක් හේතුවෙන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවේ

(විනීතා එම්. ගමගේ)


පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් මෙම ව්‍යාපාරිකයා වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි.
ඔහු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ. මියගිය දෙදෙනාගෙන් අයෙක් වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගිය දෙදෙනාගෙන් අයෙක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරී සාමාජිකයකු බවද වාර්තා වේ. අනතුර සිදුවූ අවස්ථාවේ පලාගිය ව්‍යාපාරිකයා අද (09) උදෑසන පැමිණ පොලොන්නරුව පොලීසියට බාරවී තිබේ. අනතුරුව අත්අඩංගුවට ගන්නා ලද රියදුරා ලබන සඳුදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
මිය  ගිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනාගෙන් අයෙක් වන ඒ. ජේ. එම් ජයරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රීක්කයේ ක්‍රියාකාරී සාමාජිකයකු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී හිඟුරක්ගොඩින් මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින් සිටි  බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඔහු යටිගල්පතාන දිරිය පුරවැසි කමිටුවේ සභාපතිවරයා යැයි ද කියැවේ.  
මෙම අනතුර සිදුවූ ස්ථානයේ තිබු සී සී ටීවී කැමරාවක අනතුර සටහන් වී තිබුණත් වාහනයේ අධික වේගය නිසාම සිද්ධිය පැහැදිලිව දැකගැනීමට පවා නොහැකි බව ද එම ප‍්‍රකාශකයා කීය.



අදහස් (28)

රිය අනතුරක් හේතුවෙන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවේ

ජගත් ලියනගේ Saturday, 09 September 2017 05:02 PM

මේ වගේ දේවල් ( ජනාධිපති ගෙ සහෝදරයා අත් අඩංගුවට ගැනීම ) ඉස්සර සිද්ධ වෙයිද ?

:       53       117

siri Saturday, 09 September 2017 05:09 PM

බැසිල් ගේ වාහනේ හැපුනානම් කොහොම තියෙයිද? මේවා හොඳ වැඩ ලෙස කවුරුවත් කියන එකක් නැහැ... මොනවද ඔට්ටු... සේරම කෑ ගහයි "සිරිසේනගේ මල්ලි මිනි මරයි කියල" සමහරවිට "බිමත්" කියලත් කියයි....

:       25       39

kumar (galf) Saturday, 09 September 2017 06:52 PM

මේ පවුලත් රජ්ජුරුවන්ගේ පවුල වගේ වෙලාද?

:       11       11

mahee Saturday, 09 September 2017 07:36 PM

මොනවා? නීතිය එහෙමම ක්‍රියාත්මක වෙන්න ද යන්නේ? එහෙම වුනොත් මම මල් මිටක් නෙමෙයි මල් ලොරියක් පුද කරනවා ජනාධිපතිතුමාට. තව ඉතින් කල් තියෙනවනේ.

:       1       5

chinthaka Saturday, 09 September 2017 07:47 PM

ඔන්න දැන් බලන්න පුළුවන් ලලිත් වීරතුංගලාට, අනුෂලාට නොනැමුණු නීතිය නැමෙන නැමිල්ල...

:       109       86

de silva Saturday, 09 September 2017 09:23 PM

බලාගෙන ගියාම ජනාධිපතිතුමාගේ සහෝදරයෝ ඔක්කොම හොඳ පුවත් මවන්නෝ... වැලි රාජු ගහගෙන මලා... දෙන්නෙක් වාහනයට යටකරල මැරුවා. අරලිය මුදලාලි හොඳ කෝටිපතියෙක්...වෙනසකට තිබෙන්නේ රජතුමාගේ කලේ රජපවුලේ කෙනෙක් මෙහෙම කලානම් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙන්නේ නැහැ...

:       2       74

sam Saturday, 09 September 2017 09:34 PM

රිය අනතුරක් සිදු කර පලා යාම මනුසත් බව ලැබුවෙකු නම් කරන්නේ නැහැ . මියගිය දෙදෙනාට නිවන් සුව .

:       0       24

RaveendraSunday, 10 September 2017 03:56 PM

සෑම් මය වෙත ඔබගේ නිවැරදි අදහසට අපද එකග වන්නෙමු. මෙතන සිරිසේනද, මහින්දද නොව සිදුවීම පිලිබදව කතා කිරීමේදී අප අවට පරිසරයේ නම් මෙම රියැදුරගේ රියදුරු බලපත්‍රය තහනම් කර අදික වන්දි මුදලුත් අයකර පරිවාස හිර අඩස්සියේ තබා සම්පුර්ණ පුනරුත්ථාපනයකින් පසු සමාජ ගතකරනු ඇත. මෙවන්නගේ රියදුරු බලපත්‍රය පරීක්ෂක නිලධාරියටද තරයේ අවවාද සහිත ලිපි ලැබෙනු ඇත. මෙතන "අරයගෙ මල්ලි ,මෙයාගේ නංගි අරයගෙ පුතා" කතා අදාල නැත. මොකා උනත් වැරදිනම් වැරදිය.

:       3       15

Chandana - Australia Saturday, 09 September 2017 11:14 PM

මහින්ද තාමත් කියන්නේ හිටපු ලේකම් ලලිත් සහ අනුෂ හිරේ දාපු එක වැරදිලු. උසාවි නඩු විභාගයකින් වැරදිකරු වුණාට පස්සෙත් ඒක පිළිගන්න කැමති නැහැ. එකෙන් අපිට හිතා ගන්න පුළුවන් දේ තමයි මහින්ද හිටියනම් මේ මිනිසුන්ට කවදාවත් දඩුවම් හම්බ වෙන්නේ නැහැ කියන ඒක. ජනවාරි 8 මිනිසුන් ගත්ත තීරණය කොච්චර නිවැරදිද කියල තේරෙන්නෙ දැන් තමයි

:       156       255

පිටිගල මිලානෝ Saturday, 09 September 2017 11:29 PM

'නැණසිරි ප්‍රඥා රත්න ' මහෞශද කුමාරයාට නොදෙවැනි නමක්. අත්වල වැලි තියෙනවද?

:       3       36

dingirala Saturday, 09 September 2017 11:57 PM

දැන් ලංකාවේ නීතියයි පොලිසියයි සුපිරිනේ. ඉස්සර ජනාධිපතිගේ සොහොයුරෙකු තියා යාලුවෙක්වත් අත්අඩංගුවට ගන්න එක හීනයක්.මේ තත්ත්වය රටේ හැමදේකටම හැමතැනම තියනවනම් කොච්චර ෂෝක්ද?බැංකු මංකොල්ල කෑවත් තව පාරක් මේගොල්ලන්ට චන්දෙ දෙන්න වටිනවා මන් හිතන්නේ.

:       136       252

sathyayaa Sunday, 10 September 2017 12:27 AM

ජනාධිපතිගේ සොහොයුරෙක්ද නැත්නම් සාමාන්‍ය රියදුරෙක්ද කියන එක ප්‍රශ්නයට සෘජුව අදාළ නැති වුනත් මේ රියදුරා සතු විශාල වගකීමක් තිබුණා සිතන්න: 1. තමා අතින් යම් වරදක් සිදුවුව හොත්, රටේ ජනාධිපති වූ තම සොහොයුරා ට ඉන් ඇතිවිය හැකි අපහසුතාවය 2. මේ පවුලේ ඉන්නෙත් මනුෂ්‍යයෝ වුණාට තමන් සුවිශේෂ පවුලක් නොවන බවත් අන් අය වගේම රටේ නීතියට ගරු කළ යුතු බව 3. සුඛෝපබෝගී වාහන තිබෙන්නේ ගුවන් ගත වෙන්න නොව මහා මාර්ග වල ගමන් කරන්න බව 4. අනතුරක් කර පළායාම තුලින් දැක්වූ අකාරුණික හා අමානුෂික බව පවුලේ ජානවල ගැබ් වී ඇත්ද යන කුකුස ජනතාව තුළ ඇතිවිය හැකි බව . මේ අනතුර දේශපාලනය ට කිසිසේත්ම සම්බන්ධ නොවුවත්, අහඹුවෙන් හෝ රියදුරා ජනාධිපතිගේ සොහොයුරෙක් වීමද, මිය ගිය සොහොයුරන් දෙදෙනා ජ.වී පෙ සාමාජිකයින් වීමත් මේ අනතුරට දේශපාලනයක් ගෑවීමේ ප්‍රවණතාවයක් ඇතිවීමද නොවැළක්විය හැකියි. අප දැඩි ලෙස විශ්වාස කරන පරිදි, ජනාධිපති කිසිසේත්ම මේ ප්‍රශ්නයට ගෑවිය යුතු නැහැ. අඩු වශයෙන් අපරාධය කළ සොහොයුරාට විරුධව තරාතිරම නොබලා දඬුවම් කළයුතු බවවත් නීති අංශවලට දැනුම් නොදිය යුතුයි. එසේ කිරීමෙන් දේශපාලන වාසියක් ලැබීමද නොවැළක්විය හැකියි.

:       2       6

C.K.Lankaputhra Sunday, 10 September 2017 12:34 AM

ඉස්සර කාලේ වුණානම්? බලන්න තිබුණා වැඩ වෙන හැටි.

:       2       7

chamind Sunday, 10 September 2017 01:29 AM

රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකාව නීතිය නැති ව රටක්ව පැවතිනි. අද ජනපති සොහොයුරාටද නීතිය එකය. මෙය ආදර්ශයට ගෙන රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් විය යුතුය.

:       86       112

ධම්ම Sunday, 10 September 2017 03:06 AM

මහින්ද පාරවල් හදලා කරපු වින්නැහියක්. ඔය පාරවල් පෙර තිබූ විදියට තිබුනා නම් මේ දෙන්නාගේ ජීවිත බේරා ගන්න තිබුනා.

:       11       57

rohana Sunday, 10 September 2017 03:06 AM

මේ දැන් කාලේ ඒ කාලේ ?????

:       11       12

බන්දුල පෙරේරා Sunday, 10 September 2017 03:13 AM

හිටපු කෙනාගේ සහෝදරයෙක් ඇල්ලුවා නම් එහෙම අල්ලපු පොලිස් නිලධාරීන් මෙලහට අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේ..

:       99       51

Daham Sunday, 10 September 2017 03:16 AM

පොලොන්නරුවේ වකුගඩු රෝගීන් ගැන මහා අනුකම්පාවෙන් කතාකරන කාලයක වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු ජීවිතය බේරාගෙන මධ්‍යම රාත්‍රියේවත් තම ගෙදරට යාමට නොහැකි ලෙස, බලවත් පිරිස් අධික වේගයෙන් ජීප් වලින් යටකරගෙන ගොස් මිනිසුන් මිය යාමට සැලැස්වීම හෙලා දැකිය යුතුය.

:       6       96

shan saudi Sunday, 10 September 2017 04:03 AM

පසුගිය කාලේ නම් පොලිසියේ උදවිය මාරු කරලා යාපනේ දිසාවට දාලා.. අදනම් ඒ අය මෙලහකටත් නැහැ. අහිංසක හමුදාවේ හරි සාමාන්‍ය රියදුරෙක් හරි හැප්පිලා බලන්න ඕනේ මෙයාට මොකද වෙන්නේ කියලා හා අගතියට පත් අයට මොකද වෙන්නේ කියලා... යුක්තිය පසිඳලයිද නැත්නම් බලය පතුරුවයිද කියලා.

:       4       60

justin Sunday, 10 September 2017 04:21 AM

යහපාලනය! ජයවේවා ! එදා නම් මැරුණ අයගේ කාව හරි රිමාන්ඩ් කරලා හොඳ කතාවක් ගොතලා ඇති...

:       22       115

Chanak los angeles Sunday, 10 September 2017 05:42 AM

මේක මෛත්‍රී මැතිතුමාට අපහාස කරන්න කරපු රාජපක්ෂවරුන්ගේ වැඩක් වගේ මට පේන්නේ...

:       13       30

loku Sunday, 10 September 2017 06:12 AM

නියම යහපාලනය කියන්නේ මේකට තමයි. ජනපතිතුමා ප්‍රමුඛ යහපාලනය සදා පවතීවා.!!!

:       19       59

kumar (galf) Sunday, 10 September 2017 06:13 AM

ලියන අදහස් දාන්නේ නැත්තේ බය ඇතිනේ !!!

:       2       22

Rizwan Dubai Sunday, 10 September 2017 07:05 AM

දැන් බලමු අපේ රටේ නීතිය කාටත් සමානද කියලා.?

:       0       5

PA-RA Sunday, 10 September 2017 07:54 AM

පොලිසියේ දඩ වැඩි කරන්නේ මේ අයගේ වැඩ නිසයි. නමුත් පලිය වන්නේ අහිංසක රියදුරන්... බලන්න මේ ආණ්ඩුවට වෙනදේ...

:       55       15

රජින්ද Sunday, 10 September 2017 08:34 AM

දේශමාමක සහ මොහුගේ හෝ මොහුගේ සහෝදරයාගේ හෝ අවංක භාවය ගැන කෙස් පැලෙන තර්ක හෝ ලෝක බොරු අදහස් නොදා ඉන්න ඕනේ. මොකද මේ මොහුව අත්අඩංගුවට අරගෙන මිසක් ඇවිත් බාර වෙලා නොවන නිසාත්, වැඩි කාලයක් කූඩුවේ නොයිඳ ඉතාමත් ඉක්මණින්ම නිදහස් වීමට සියල්ල සුදානම් නිසාත්ය.

:       2       164

Chanukah Sunday, 10 September 2017 12:40 PM

වැලි රාජුගේ පවුලේ උදවිය ගැන ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       1       42

siri Sunday, 10 September 2017 08:03 PM

තමුන්ගේ වාහනේකට කෙනෙක් හැපුනොත්,අඩු තරමින් රෝහලකට ගෙනියන්නවත් තරම් මනුස්ස කමක් නැති අමනුස්සයෙක්ද මේ මිනිහ.සමහර විට එහෙම රෝහලකට ගෙනිච්චනම් ඔවුන්ගේ ජීවිත බේරෙන්න තිබුන.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 90 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 43 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 302 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 186 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 497 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 266 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1902 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1687 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site