ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉවත්කරනු ලැබ ඇත.
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ.
නියෝජ්‍ය ඇමතිවරයා ඉවත්කරනු ලැබ ඇත්තේ රජයේ ඇමතිවරයකු වශයෙන් අනුගමනය කළ යුතු සාමූහික වගකීම් කඩකිරීම සම්බන්ධයෙන් බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. දැන්වත් මොහුට එරෙහිව තිබුන චෝදනා විභාග කරන්න.
එතනෝල් ගෙන්නලා කසිප්පු වලට කලවන් කරලා හොර අරක්කු හදල කෝටි ගණන් සල්ලි හම්බ කල මිසක් මෙයාල ජනතාවට කරපු සේවයක් නැහැ..මෙයාල ඉන්න තිබුනේ ඇමති කම් වල නෙවෙයි...හිර ගෙවල් වලයි
වැරදිකර සියල් දෙනා යවන්න...ඔය සෙට් එක නිසා තමයි ආණ්ඩුව සවුතු වුණේ...
විධායක ජනපති වැඩ අරඹයි . ඔහු කුඹුරේ සිටින පඹයෙක් නොවන බවත් නීති ගරුක පුද්ගලයකු වන බවත් මහජනතාව මෙයින් දැනගනු ඇත. මෙම තීන්දුව දුන් නඩුකාර තුමාට පළමු ආචාරය හිමිවේ. නිතිය දැඩි කර රට හදන්න .
ඇති යන්න්තම්. ඔය ටික කර ගන්න තමයි උඩ පැන්නෙ. අපිනම් දැනගෙන හිටිය ලඟදීම ටිකට් එක හම්බ වෙනව කියල.
ලොකු දෙයක් ....සල්ලි හම්බ කරන්න බලු වැඩ කලා මිසක්..සත පහක වැඩක් ඇති මිනිහෙක් නෙවෙයි..
විදුරු ගෙවල්වල ඉඳගෙන අනික් අයට ගල්ගහන්න එපා. කරපු ගොන් වැඩේ තේරෙයි ටික දවසක් යනකොට.
මේ තීරණ ගන්න තිබුන මීට ගොඩක් කලින්. එහෙම නෙත්නම් මේ වගේ හොර තක්කඩින්ට ඇමතිකන් නොදී ඉන්න තිබුන. මෙයාල නිසා මහින්ද ලොක්ක වගේ දගලනවා. තව ඉන්නවා මේවගේ ගෙදර යවන්න කට්ටිය.
හොද තීරණයක්.
ජනාදිපතිතුමනි කොළද නිල්ද කියල බලන්නේ නැතුව කෙලින් තිරණ ගැනීම ගැන සතුටුයි.
එක් අයෙක්ට දෙන්නෙක්ට විරුධව චෝදනා එක දෙක විභාග කරන්න පටන් ගන්න කොට හැමෝම නිකන්ම නිහඩ වේවි. හැමදාම විනය පරීක්ෂණ කරනවා කියල කරන්නේ නැති එකේ ප්‍රතිඵල.
ජනපතිතුමනි, දරුවන්ගේ අනාගතය පාරට ඇද දමන අය පුලුවන්නම් ඉවත් කරන්න ......
කාටද ඔය ඇඟිල්ල දික්කරන්නේ? කාගේද වැරැද්දද? අපි අපේ පැත්තටම ඇඟිල්ල දික්කරගනිමු...!
බොහොම හොඳ වැඩක්. ගරු ජනාධිපති තුමනි ඔය වගේ හොරු තව ඉන්නවා නම් ඔවුන්ට දඬුවම් දෙන්න...
ක්‍රිස්තියානි කටයුතු කිරීමට යක්ෂයාගේ අපාය සහය දක්වන කෙනෙක් මෙතෙක් තබාගෙන හිටියේ ඇයි? කර්දිනල් තුමන්ලා දේශපාලනයට සම්බන්ද නැති නමුත් මෙවැනි අය ගැන ජනපති අගමැති ට කිව යුතුය. ප්‍රභාකරන් මරා යුද්දය ජය ගත් නමුත් එම ජයග්‍රහණයෙන් වැඩක් නැත.
මෙයා ඒකාබද්දෙට කත් අදින්නේ නඩු ටික බේරගන්න. මොහු වරදවල් කිහිපයකට සම්බන්ධ අයෙක්. ජනාධිපතිතුමනි, නිසි දඩුවම් ලබා දෙන්න.
එක්නැලිගොඩ ප්‍රංශයේදී දුටු බව කිවා. නඩුව අහන්න.රෙදි නැතිව කඩේ ගිය එතනෝල් බුලියක්නේ.