(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව වාර්තා වේ.
මේ හේතුවෙන් කැබිනට් රැස්වීමේ ද උණුසුම්කාරී වූ බව රජයේ ආරංචි පවසයි.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ඡන්දයට වසරකට පෙර රාජකාරියෙන් ඉවත්විය යුතු බවට පළාත් පාලන මැතිවරණ පනතට ගෙනෙන ලද සංශෝධනය සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිව තිබෙන බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මැදිහත්වී දෙදෙනා අතර මත ගැටුම සමථයකට පත්කර ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස්.බී. ඔබ නිවැරදියි. එහෙම නොවුණොත් මොවුන් සමෘද්ධි දෙන්නෙත් තමන්ට ඡන්දය දෙන අයට පමණි. රජයෙන් පඩි ලබමින් රජයේ මුදල් බෙදා දෙමින් ඔවුන්ට ඡන්ද ටික එකතු කරනවා. එම නිසා මෙය ඉතා කාලෝචිත ක්‍රියාවකි. එස් බී ඔබට ජය...!!!
සුනිල් (සුසිල්) සහ එස්.බී සටන " බත " ඉදෙනාතුරු පමණි. බොරු, ගරු රඟපෑම්.... තම තමන්ට ලබාගන්න වරප්‍රසාද වලට ඔක්කොම කරට අත්දමාගෙන එකමුතුව වැඩ. හැමවිටම රැවටුනේ ඔබයි...
කැබිනට් තබා කිසිතැනකට ගත නොහෙනා ............. අඩුවක් නැතිව කට වාචල් පච ගසනා..................... එස් බී වැන්නො පඹයින් මෙනි හේනක වෙසෙනා .......................නොදකින් මෙහෙම පුඟුලන් නොඑළවනා ............
ඇයි මේ සමෘද්ධි නිලධාරීන්ට විතරක් මේ විදියේ නීති. අනිත් රජයේ නිලධාරීන්ට. රජයේ ඇමැතිවරුන්ට, මන්ත්‍රී වරුන්ට මේ නීති නැතිද?
මොන තරම් අපේ දේශපාලනය බංකොළොත්ද? මේ කූට ක්‍රම පාවිච්චි කරන්නේ කොහොම හරි ඡන්ද දිනාගන්න නේද? මේවට ජනරජය උල්පන්දම් දිය යුතුද?
එස්.බී. කරන සමහර දේවල් ජනප්‍රිය නැති වුණත්, ඔහුගේ තීරණ බොහෝ විට ප්‍රායෝගික වශයෙන් නිවැරදියි.
මේවගේ මිනිසුන්ව මෙහෙම පාර්ලිමේන්තුවට ගෙනෙනකොට, මහජන ඡන්දයක් මොකටද.
නීති ගෙන්න ඕන ඡන්දෙ පැරදුන අයව මොන විදියටවත් ඇතුලට ගන්න බැරි වෙන්න....
කැබිනෙට්ටුව රුකඩ පෙන්වන්න හදනවා මැති, ඇමති වරු රඟපානවා මුළු රටම බලනවා රට බල්ලට යනවා බල්ලන් රට යනවා .
වෙන රටවලත් රජයේ රැකියා කරන නිලධාරීන්ට මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න බැහැ
ආයතන සංග්‍රහයෙනුත් යම් යම් රජයේ සේවක කොටස්වලට දේශපාලනය තහනම් කරලා තියෙනවා. එහෙම තිබිලත් රහසිගතව දේශපාලන වැඩකරන අය කොච්චර ඉන්නවාද? රජයේ කාර්යාල වල දේශපාලන කයිවාරු නිසා අපතේ යන රාජකාරි කාලය කොච්චරද? ඒ නිසා එස්.බී. කියන දේ හරි. දේශපාලනේ කරන්න ඕන නම් කල් ඇතුව අයින් වෙන එකනේ කල යුත්තේ. අන්තිම මොහොත වන තුරු රජාකාරී කාලය දේශපාලනේ කරන්න යොදා ගන්නේ නැතුව.
සමෘද්ධි නිලධාරීන්ට යොදාගෙන චන්දෙ කරන විදිහ ගැන එස්. බි. කියන දේකට අභියෝග කරන්න කාටවත් බෑ
ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට බලය ලබා දීම යනු වඳුරන්ට දැලිපිහි දෙනවා හා සමාන දෙයකි. මෙයින් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවයි.
මෙතන ප්‍රශ්ණෙ තියෙන්නෙ වැඩේ හරිද වැරදිද කියල නෙමේ. මේ නිළධාරීන්ටත් මූලික අයිතිවාසිකම් කියල එකක් තියෙනවනෙ. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ඔවුන්ට අවස්ථාව නැති උණා. එහෙම උණානම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දෙන් සම්මත කර ගත යුතුව තිබුණා.
සමුර්දි නිළධාරීන් 60% ක් පමණ දේශපාලන අතකොලු එවැනි අයට මෙවැනි නීතියක් අවශ්‍යයයි.
ජනතාව අවදියෙන්. මැතිවරණයකදී බලමු ...!!!
ප්රා දේශීය සභා මැතිවරණයට මේ අයට බලපෑමක් කරන්න පුළුවන් නිසා තහනම් කරන්න ඕන
ඒ කාලේ සද්ද නැතිව හිටපු අය දැන් චන්ඩි වෙලා...