(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව වාර්තා වේ.

මේ හේතුවෙන් කැබිනට් රැස්වීමේ ද උණුසුම්කාරී වූ බව රජයේ ආරංචි පවසයි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ඡන්දයට වසරකට පෙර රාජකාරියෙන් ඉවත්විය යුතු බවට පළාත් පාලන මැතිවරණ පනතට ගෙනෙන ලද සංශෝධනය සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිව තිබෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මැදිහත්වී දෙදෙනා අතර මත ගැටුම සමථයකට පත්කර ඇතැයි ද කියති.