(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා විදේශ ගතවී ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් තමන්ට දැනගැනීමට ලැබුණු බව වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (12) කොමිසමට දැනුම් දුන්නේය.
තහවුරු නොකළ මෙම ආරංචිය සනාථ කරගැනීම සඳහා කොමිසමේ විමර්ශන නිලධාරීන් අද පස්වරුවේ ඔහුගේ නිවසට ගිය බව ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා දැනුම් දුන් විට නැඟී සිටි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා තම සේවාදායකයා විදේශගත වී නොමැති බවත් ඔහු මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින බවත් පැවසීය.
අර්ජුන් ඇලෝසියස් මහතා හෙට දින (13) මෙම කොමිසම හමුවට පැමිණීමේ අපේක්‍ෂාවෙන් පසුවන්නේ යැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසමේ විමර්ශන නිලධාරීන් තම සේවාදායකයාට කරදර කරන්නේ යැයිද වැඩිදුරටත් දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටේ අගුලු දාන්න. බයිලා තමයි ඔක්කොම කියන්නේ
මොහු රට හැර යාමට ඇති ඉඩ කඩ ඉතා විශාළයි, ඒ නිසා සුදුසු පියවර කල් ඇතිව ගත්තොත් හොදයි
අහිංසකයට කරදර කරන්න එපා ලිවේරා මහත්තයෝ...?
මේ විදියට කටයුතු කලානම් මෙලහකට ගිය ආණ්ඩුවේ ඔක්කොම හිරේ. බලන් ඉන්න අපිටත් තේරෙනවා ලිවේරා මහත්තයල කරන රාජකාරිය ටිකක් වැඩි කියල. විනිශ්චය කර තුමෙකුත් කියල හිබුනා නේද මේක ප්‍රබන්ධයක් වගේ කියල.
අර්ජුන් ඇලෝසියස් මහතා විදේශ ගතවී ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් තමන්ට දැනගැනීමට ලැබුණු බව වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (12) කොමිසමට දැනුම් දුන්නේය. ගියද නැද්ද ගුවන්තොටු පලේ ආගමන විගමන පාලකගෙන් අහන්න.
ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ඉස්සර නම් මෙහෙම නැහැ.
වෙන අයගේ වගේ මෙයාගේ පස්ස්පෝර්ට් එක ගන්නේ නැත්තේ අයද පොඩි ළමය වගේ