(රංජන් කස්තුරි)
දේශීය ආදායම් පනත් කෙටුම්පත හෙට (07) පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිත ය.
නව පනතට අනුව ශ්‍රී ලංකාවේ තිබෙන විදේශ සමාගම් විසින් සිය රටවලට ලාභ යැවීමේදී අයකරනු ලබන ප්‍රේෂණ බද්ද,ප්‍රාග්ධන බද්ද ,රඳවාගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද ඔක්තෝබර් 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව පනතට අනුව සංස්ථාපිත බදු ඇතුළු අනෙකුත් ආදායම් බදු ගෙවීම 2018 වසරේ අප්‍රේල් 01 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
නව පනත මගින් දැනට අයකරන සියයට 10 ,12 ,15 ,20 හා 40 ආදි වශයෙන් වන බදු අනුපාත සරල කර තිබෙන අතර මින් ඉදිරියට එම බදු අනුපාත සියයට 14, 28 හා 40 යනුවෙන් අනුපාත තුනක් යටතේ පමණක් අයකරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
පුද්ගල අදායම් බදු ගෙවීමේදී දැනට ආදායම් බදු අයතරන ලබන වාර්ෂික ලක්ෂ පහක් වන ආදායම් කාණ්ඩය ලක්ෂ හය දක්වා නව පනතින් වැඩි කර ඇතැයි ද මුදල් අමාත්‍යංශය කියයි.
තනි ව්‍යාපාරිකයෙක් හෝ ආදායම් ලබන පුද්ගලයෙක් සිය වාර්ෂික ඉපයීමෙන් ලබන ශුද්ධ ලාභයෙන් වසරකට ලක්ෂ පහක මුදලක් බදුවලින් නිදහස් කිරීමටද නියමිත ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.