(විනීතා එම් ගමගේ)
සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කරනු ලැබූ අරුන්දික ප‍්‍රනාන්දු මහතාට අද හෙටම වෙනත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවන බවට අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයක නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉඟියක් පළ කළේය.
ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතිනි. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ද එම උත්සව සභාවට සහභාගි වී සිටි අතර ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක ද නියැලී සිිටියේය. ඔහුගේ පැමිණීම පිළිබඳව උත්සව සභාව ද විමතියට පත්ව සිටියේය.
එහි දී ජනාධිපතිවරයා උත්සව සභාව ඇමතුයේ නැත. උත්සව සභාව ඇමතූ ප‍්‍රධාන කථිකයා වූයේ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාය. ඔහු සභාවෙන් අවසර ගන්නා අවස්ථාවේ අරුන්දික ප‍්‍රනාන්දු මහතා හැඳින්වූයේ ‘‘ ඊයේ නියෝජ්‍ය ඇමති, අද මන්ත‍්‍රී , හෙට ආයෙත් නියෝජ්‍ය ඇමති’’ යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ලැජ්ජාවක් නැද්ද? මේ ආණ්ඩුවට නැවත එන්න. මේවගේ අයව දේශපාලනයෙන් ඉවත් කලයුතුයි. ගන්න හදන අයටත් ලැජ්ජාවක් නෑ. අපේ කරුමේ මේ වගේ ඒවා දකින එකනේ...
අහෝ ලෝක පාලක දෙවියනි, ඉහළ සිට පහළටම ලෝකයට පෙනෙන්න පමණක් රෙදි අඳින, අල්පමාත්‍ර වූ හෝ ආත්ම ගෞරවයක්වත් ලැජ්ජාවක්වත් නොමැති දේශපාලකයින්ගෙන් පිරුණු අපේ රට මෙවැනි අයගෙන් මුදා ගන්න සමතෙක් මේ මව්බිමේ නැද්ද?
මහින්දගේ පස්සෙන් ගිහින් වැඩක් නෑ කියලා තේරෙන්න ඇති.
කාපු කෑම වල රස දන්නා කෙනෙක් ලෙහෙසියෙන් එලවන්න බැහැ. කොච්චර එලෙව්වත් අායෙත් එනවා.
බලාගෙන ගියාම ඔක්කොම එකයි. හමදාම රැවටෙන්නේ මේ අයව පත්කරන මහජනයායි. ලබන මැතිවරණයේදී සියලුදෙනා ඡන්දය දැමීමෙන් වැලකී සිටිය යුතුයි.
එතනෝල් වලින් වාහන දුවන්න පුළුවන් කියලා දැනගෙන වෙන්නැති....
කවුරුහරි මඩුවලිගයක් මට එවනවද? වෙන කාටවත් නෙවෙයි මටම තලාගන්න.
කවුරුහරි මඩුවලිගයක් මට එවනවද? වෙන කාටවත් නෙවෙයි... මටම තලාගන්න.
සමහර දේශපාලකයෝ සමාන වෙන්නේ භූත, ප්‍රේත ආත්ම වලට තමයි.
ඊයේ යහපාලනයේ ගුණ වයාගෙන ආපු කට්ටියට මතක හිටින්න පාඩමක් ඉගැන්නුවනේ...
සමහරවිට මහින්ද යටතේ වෙන්නත් බැරි නෑනේ. ඔය කියන සේරම මෛත්‍රිට "විපතක්" වුණොත් මහින්ද පැත්තකට යනවා එක මොහොතකින්. එහෙම වුණොත් පක්ෂයේ ප්‍රශ්නය ඉවරයි.
ශ්‍රී ලංකන්ස්ලා තවම ට්‍රැඩිෂනල් ජාතියක් කියලා තමයි ටැමිල්ස්ලා හිතන්නේ...
එක්නැලිගොඩ පැරිස් වලදී ඇස් ගෙඩි දෙකෙන් දැක්කා කිපු මේ හාදයා ගැන තව මොන කතා ද ? ඡන්දේ දෙන අපි මිනිස්සු පවු ...