(මොහොමඞ් බුහාර්ඩින්)
දඹුල්ල - කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේ ප‍්‍රදේශයේදි බස් රථ දෙකක් හා වෑන් රථයක් අද (09) අලුයම එකිනෙක ගැටී පෙර පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 13 දෙනකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
ඹවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව රොහල් ආරංචි මාර්ග පවසයි.
කැකිරාවේ සිට කොළඹට චාරිකාවක් යමින් තිබූ පෙර පාසැල් සිසුන් රැගත් බස් රථයක් , කන්තලේ සිට කොළඹට රෝගියකු රැගෙන යමින් තිබු වෑන් රථයක් හා කොළඹ - පොලොන්නරුව බස් රථයක් එකිනෙක ගැටිමෙන් මෙම අනතුර සිදුවි ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ශාන්ත අන්තෝනි බස්එක යන්නේ පාර ඒ අයගේ කියලා හිතාගෙනයි.
පුදුම තරගයක්නේ තියෙන්නේ... ඉස්සර කරන්න සල්ලි හම්බ කරන්න... කවුරුහරි යට කරගෙන හරි කමක් නෑ.. ඉස්සර වෙන්නයි හදන්නේ...
මෙවැනි දරුණු අනතුරු වලට ප්‍රධාන හේතුව නම් අධික වේගයෙන් රිය පැදවීමයි. ලංකාවේ රියදුරන්ගේ නීතිගරුක බව සහ විනය සැදිය හැක්කේ "ඇගට දැනෙන" දඩ ගැසීමකින් පමණයි. එමනිසා, වේග සිමාව ඉක්මවන රියදුරන් හට අවම දඩය රුපියල් 25000/= කරන්න.
පසුගිය දිනක මා පුත්තලමේ සිට වත්තලට බස් එකක ආවා. මා පුදුම වුණා ඒ බස් එක පොලීසියෙන් නොඅල්ලපු එක ගැන. ඒ තරම් අපරීක්ෂාකාරීවයි රියදුරු බසය පැදෙව්වේ. මෝටර් සයිකල් අල්ලාගෙන පොලීසිය දඩ කොළ ලියනවා මා ඕනෑ තරම් දැක්කා.