විනීතා එම් ගමගේ
ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කළේ යැයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ නම් වසර අටක් පුරා යුද අපරාධ වසන් කිරීම පිළිබඳව ඔහු වහාම අත් අඩංගුවට ගත යුතුයැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උයද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහී විම යන චෝදනාව අනුව වහාම ඔහු අත් අඩංගුවට ගත යුතු යැයි ද ගම්මන්පිල මහතා කීය.
හිටපු ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අපරාධයක තොරතුරු වසන් කිරීම යන චෝදනාව මත මාස 13 ක් රක්ෂීත බන්ධනාගාරයේ තබාගෙන සිටියේ නම් මේ සිද්ධියේ දී සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කර සිටියේය.
‘යුද අපරාධ වුණා නම් ඒවා ස`ගවා ගෙන සිටීම ගැන අත් අඩංගුවට ගත යුතුයි. යුද අපරාධ නොවුනා නම් රාජද්‍රෝහී වීම ගැන අත්අඩංගුවට ගත යුතුයි. ඒ කියන්නේ දැන් යුද අපරාධවුණත් නැතත් අත් අඩංගුවට ගත යුතුයි.‘ යැයි ද ගම්මන්පිල මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ ඇහේ තියන කුණ ගැන හොයන්න ඉස්සෙල්ලා තමන්ගේ ඇහේ තියන පරාලය ගැන හොයා බැලුවොත් හොඳයි නේද?
මෙවැනි කතා කීමෙන් වැළකි සිටිය යුතුයි. ජගත් ජයසූරියට විරුද්ධව චෝදනා තියෙන්නේ යුද්ධය කර එල්.ටී.ටී.ඊ. පරාජය කරපු නිසා නොවේ. යුද්ධය මුවාවෙන් වෙනත් අපරාධ කිරීම සම්බන්ධයෙන්. මෙහෙම සාක්කි දෙන්නේ හමුදා නීතිවලට බාහිරව වෙනත් පුද්ගලයන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීම සඳහායි.
ගම්මන්පිල වගේ අයට කට තියෙන හින්දා මොනවා කියන්න බැරිද? ඇයි මේවගේ දේවල්වලට ප්‍රසිද්ධියක් දෙන්න කියන එකයි ප්‍රශ්නේ....
කොටින්ගෙන් රට බේරලා දුන්න හින්ද වෙන්න ඇති සරත් ෆොන්සේකා මහතාව හිරේ දාන්න කියන්නේ අපි වගේ කල ගුණ නොදන්නා මුල අමතක වෙන ජාතියක් වෙලා...
මහජන නියෝජිතයකු හැටියට නොවෙයි ගම්මන්පිල මහතා හැසිරන්නේ. ගින්දර නිවන්න කටයුතු කරන්න හැර, තවත් පෙට්‍රල් වක්කරනවා. කොටි හිතවාදීන් මේ මොහොතේ කොතරම් සතුටින් ඉන්නවා ඇතිද?
ගම්මන්පිල මහතාට අකමැති මිනිස්සු ගොඩක් ඉන්නවා. කොහොම වුණත් මෙතන ඔහුගේ තර්කය හරි. "යුධ අපරාධ වුණා නම් ඒවා සඟවා ගෙන සිටීම ගැන අත් අඩංගුවට ගත යුතුයි. යුද අපරාධ නොවුණා නම් රාජද්‍රෝහී වීම ගැන අත්අඩංගුවට ගත යුතුයි. "
ඕස්ට්‍රේලියන් ජාතිකයෙක්ගෙන් සල්ලි වංචා කරලා මේ රටේ ඉතිහාසය තුල බිහිවුණු , කඩේ යන අයට පුළුවන්ද ෆොන්සේකා මහතා මේ රටට කල දෙයින් එක දෙයක්වත් කරන්න.
මෙවැනි පුද්ගලයින් නිවැරදිව හසුරුවමින් යුද්ධය දිනා රට බේරාගත් අයට මගේ ප්‍රණාමය...!!!
එහෙනම් ගෝඨාභය, මහින්ද මහත්වරු දෙන්නත් ගන්න වෙනවනේ මොකද ෆොන්සේකා මහතාගේ ලොක්කොනේ...
මේ වගේ හැම දේටම පැන පැන ප්‍රකාශ නිකුත් කරන මනුස්සයෙක් නම් ලංකාවේ තවත් නෑ.... ලෙන් දොර බින්දෙත් මෙයාම තමා හදිස්සි වෙලා
කියනකන් තමා හිටියේ මගේ හිතේ.... ගියසැරේ වගේ හිටියොත් නරකද ? මිලියන දෙකක් ඉන්න නිසා බයවෙන්න දෙයක් නෑ... දිනන එක දිනනවා.
මේ සේරටම වග කියන්න ඕනෑ හිටපු ආරක්ෂක ලේකම්වරයායි. ෆොන්සේකා මහතාගෙන් පලිගන්න... හමුදා නිලධාරීන් පාවිච්චි කළා. දැන් ඔහු පැත්තට වෙලා ඉන්නවා. හමුදා නිලධාරීන් අතර අනවශ්‍ය ගැටළු...
චානක් ලොස් ඇන්ජලීස් ..., තාම මොකෝ මුකුත් දාලා නැත්තේ?
රාජ ද්‍රෝහින්ව සාධාරණීකරණය කරන්න මෙරටේ ගුණමකුවන් ඉන්න එක පුදුමයක් නෙමේ. තරු පලන්දවපු රාජ්‍ය නායකයාව ගෝල්ෆේස් පිට්ටනියේ එල්ලලා මරනවා කියලා දැන් රටම පාවාදෙන්න හදනවා.
සැම්, මේක වැදගත් දෙයක්... හෙලිකොප්ටර් දර්ශන අවශ්‍ය වෙයි. අපට මේ රට පළමුව රැකගත යුතුයි.
එතකොට ඒ කාලේ සරත් ෆොන්සේකාව කුදලාගෙන යනකොට ගම්මන්පිලගේ ඔය සාධාරණත්වය කොහේද තිබුනේ? එතකොට කටේ පිට්ටුද?
ඇමති ෆොන්සේකා, ගම්මන්පිල වගේ දේශපාලකයෝ නිසා වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙන එක. බටහිරට අවශ්‍යකරන දේ රිදී බන්දේසියකම දාලා දෙන්නයි දෙන්නා හදන්නේ. බටහිරට අවශ්‍ය කොහෙන් හරි පොටක් පාද ගන්න. ඒක සුදු කොඩි නඩුව හරහා ෆොන්සේකායි, ගෝඨාභයයි කරලා දෙන්න හදලා නූලෙන් බේරුනා. දැන් වෙනමම වටයකින් එන්නෙත් ඒකටම තමයි. කවදාහරි අපේ වීරෝදාර රණවිරුවෝ ලබා දුන්න විජයග්‍රහණය පාවා දෙන්නේ පළිගන්නම උපන් කඩප්පුලි දේශපාලකයෝම තමයි.
ගම්මන්පිල මහත්තයයි, වීරවංශ මහත්තයයි තමයි මේ රට බේරා ගත්තේ...
කටක් නෙවෙයි වක්කඩක්.. තනියෙන් ඡන්ද 1000 වත් ගන්න බැරි වුණාට ශ්‍රී.ල.නි.ප. ඡන්ද වලින් ඇතුළට ඇවිත් බොරුවට පා.ම. මහින්ද මහතාට කඩේ යනවා.
මෙතුමා ඉඳගෙන හබල් ගාන බෝට්ටුව අයිති එක්කෙනෙකුත් ෆයිල් වගයක් ළඟ තියාගෙන මොනවාද වසන් කළා. ඒක නම් එතුමා වැදගත් විදියට පිළිගත්තා. ගම්මන්පිල ඇත්තන්ට අනුව ඒක රාජකීයන් විසින්ම කළ දෙයක් නිසා නියම රාජද්‍රෝහී ක්‍රියාවකි. ඒකටත් දෙන්නකෝ මේ වගේ ප්‍රකාශයක්. එහෙම ගම්මන්පිල උත්තමයෙක්ට අපේ ගෞරවය හිමිවෙනවා නොඅනුමානයි.
කවුරු මොනවා කිවත් මේ දෙන්නම රණවිරුවෝ. රට බේරගත්ත වීරයෝ.
අපේ සිංහල ජාතියට ඉක්මනට හැම දෙයක්ම අමතක වෙනවා. යුද්දේ කාලේ මේගොල්ලෝ හිටියේ ඇදන් යට. මහින්දලා හිටියේ හතර වටේ හමුදා ආරක්ෂාව දාගෙන.ජාතික වීර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයට අපහාසාත්මක ලෙස කතා කලාට මෙයාවයි අත්අඩංගුවට ගන්න ඕනේ.
ඕක ගැන සාක්ෂි දෙන්න ගියානම් අයෙත් එතුමා හිරේ . ගොටබයලගෙන් ජීවිත් බේරාගෙන ඉන්න එකත් ලොකු දෙයක් .
මේ සල්ලි වලට ආත්මය පාවාදුන් අයව වහාම අත්අඩංගුවට ගන්න ඕනේ . ලැජ්ජය් ලංකා පුරවැසියෙක් හැටියට. කියවන්නේ පොඩි ලමඊ වගේ.
උයද ගම්මන්පිල උන්නැහෙත් ඉදලාම මෝඩකතාවක් දෙකක් කියනවා...,මේ ඔක්කොම සැරසෙන්නේ තමාගේ පුටුව රැකගන්නයි . එහෙම නැතිව රට -ජාතිය සහ රණවිරුවෝ රැකගන්නම් නොවෙයි
ගොම්මන්පිලගේ කතා කවුරු අහනවද?
චාමර! ඔයා කතා කරන්නේ පොඩි දරුවෙක් වගේ. ත්‍රිවිධ හමුදාවල නිත්‍ය ප්‍රධානියා රටේ ජනාධිපති. ඊළඟට ආරක්ෂක ලේකම් කියල කෙනෙක් ඉන්නවා. යුද අපරාධ කියල දෙයක් ලංකාවේ සිදු නොවුනේ හමුදාවන් සහ ත්‍රස්තවාදීන් අතර පැවතුනේ යුද්ධයක් නොව ත්‍රස්ත මර්දනයක් නිසා. ඉතාමත් මන්ද බුද්ධික ලෙස ත්‍රස්ත මර්දනය යුද්ධයක් ලෙස හුවා දක්වමින් හිටපු පාලකයා සහ පවුලේ අය සටනේ ජය තමන් වෙත උදුරා ගත්තා මිස ත්‍රස්ත මර්දනයේදී සිවිල් වැසියන්ට හානියක් සිදුවුනේද කියා බැලුවේ නැහැ. දේශපාලනයට අයිති වැඩේ නොකර රටට අවාසි සාධකයන් ජාත්‍යන්තරයට මුදා හරින්න කටයුතු කළ මෝඩ දේශපාලකයින්ට ආවැඩූ ගම්මන්පිලලාත් හරිනම් අධිකරණය ඉදිරියට පමුණුවන්න ඕනේ මේවා මගහැර සිටීම ගැන.