(රොමේෂ් මධුෂංඛ)
යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45 කින් සමන්විත යාපනය බලකොටුවට යාම සාධාරණ බව උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා පවසයි.
එසේ යන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කර දීමට හැකි බව ද ඒ මහතා කියයි.
උතුරු ආණ්ඩුකාර වරයා මේ බව කියා සිටියේ වවුනියාවේ බෞද්ධ විහාරස්ථානවල විහාරාධිපතිවරුන් සමග වවුනියාවේදී පැවති සාකච්ඡාවකදීය.
“යාපනයේ සිංහල මහා විද්‍යාලය දැන් හමුදා කඳවුරක්. මම යෝජනා කරා ජනාධිපතිතුමාට ඒක නිදහස් කරල නැවත වතාවක් ඒ පාසල ආරම්භ කරන්න දෙන්න කියලා.ඉතින් ඒකට අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේදී යාපනය බලකොටුව තියෙනවා. අපේ හාමුදුරුවනේ මේ බලකොටුව අක්කර 45 ක් තියනවා නගර මැද්දේ තියෙන්නේ.බලකොටුවක් කියන්නේ සාමාන්‍යයෙන් හමුදාව පොලීසිය ඉන්න ඕන තැනකට. පෘතුගීසිකාරයොත් ඔතන හිටියා ලන්දේසි කාරයොත් ඔතන හිටියා.ඉංග්‍රීසිකාරයොත් ඔතන හිටියා.අපේ හමුදාවත් ඔතන හිටියා දැන් අපේ හමුදාව බලකොටුවෙන් එලියට ඇවිල්ල බලකොටුව නිකං තියෙනවා.
“සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල ඔහෙන් මෙහෙන් කෑලිවල ඉන්නවා.නැවත ඔවුන් බලකොටුව කරා ගමන් කරොත් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් ටික නිදහස් කරන්ගනත් පුලුවන්.ඒ වගේම අපේ නීත්‍යානූකූල අයිතිය තුළ අපි එතෙන්ට යන එක සාධාරණයි කියල තමයි මගේ මතය.මම ඒ ගැන යෝජනා කරලා තියෙනවා.ඒ වගේ වෙලාවකදී අර සිංහල විද්‍යාලය නැවත ආරම්භ කරල අපිට වැඩකටයුතු සිදුකරගෙන යන්න පුලුවන්“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝන්ටම සාධාරණයක් වෙන ඉතාමත් යෝග්‍ය අදහසක්. රජයකට වුනත්.., කාගේවත් පෞද්ගලික ඉඩම් අල්ලාගැනීමට අයිතියක් නැහැ. ඒක නීති විරෝධීයි. රාජපක්ෂවරුන් විසින් ඔය වගේ අසාධාරණකම් විශේෂයෙන් සුළු ජාතීන්ට අනන්තවත් වුනා. ඉඩම් බලෙන් පවරාගත්තා. සුළුජාතී ව්‍යාපාරිකයින් පැහැරගෙන ගොස්, කෝටි ගණන් කප්පම් ගත්තා. ඔයවගේ අපරාධ සම්බන්ධව වුනත් අගතියට පත් පාර්ශවයට, යහපාලනයෙන් සාධාරණයක් අද වෙනකම් වෙලා නැහැ. එනිසා, මහා ඇමතිතුමාගේ කාලෝචිත යෝජනාවෙහි ඇති සමාජ සාධාරණය කෙරෙහි මහා ඔළුගෙඩිවලට වැටහී, ඉතාමත් නුදුරු අනාගතයේදීම එය ක්‍රියාවට නැන්වෙවායි පතමි. මහා ඇමතිතුමනි.., ඔබට මාගේ ප්‍රණාමය සහ දීර්ඝායුෂ පතමි.
ඔවු ඔවු තුමා ඔතන තමා හොදම තැන වටකරලා ගහන්න පුළුවන් , බේරගන්න හිටිය වෛද්‍යරත්න (මාතර පැත්තේ රාහුලේ ) ගුවන් නියමුවත් දැන් නැහැනේ
ඒ දවස් වල ඔතන හිටිය නම් ඇමති ඔය බලකොටුව ගැන කතා කොරන්නේ නැහැ වට කරලා ගැහුවා කන්න නැතිව මරුන සොහොන් ඇතුලෙම ඇති. බේරගන්න ඇවිත් තවත් දහසක් පමණ මැරුණා අන්තිමට ගුවන් නියමු වෛද්‍යරත්න ප්‍රහාර මැද්දේ ගොඩබස්වල දීපු ආයුද බෙහෙත් ටිකෙන් අපේ ජීවිත බේරුනා ඔහේ මේ මොනවාද කියන්නේ
සිංහල මහා විද්‍යාලයේ නම වෙනස් කරනවද "දෙමළ මහා විද්‍යාලය" කියල ?
රටේ ආරක්ෂාවට කරදරයක් නැත්තන් මිනිස්සුන්ගේ ජන ජීවිතයට බාදා කරන්න හොද නැහැ.
මෙයත් නිදාගන්න කොටින්ගෙන් ජරාව කාලාද?
හමුදාව කොටුවට දමල වහල දැම්මට පස්සේ , එළියේ අවා කල්ලි , කොටි අවතාර හොල්මන් කරනකොට මොකද කරන්නේ ? නඩු කරයටවත් නිදහසේ ගමන් කරන්න බැරි පොලිස් නිලධාරීන්ට රාජකාරි කරන්න බැරි වාතාවරණයක් පසුගිය මස කිහිපයේ උතුරේ තිබුනේ, ජෙර්මනියේ සහ යුරෝපයේ ජිවත්වන කොටි හිතවධින් පසුගිය මසකිහිපයේ සිට මුදල් රැස් කරමින් රැස්වීම් පවත්වමින් මොකක් හරි අඩවුවක් අල්ලන්න සුධනම් වන බවක් යුරෝපයේ ජිවත්වන වන අපට පෙනී යනවා , ආණ්ඩු කාරයත් උතුරේ ඉන්නේ හමුදාවේ ආරක්ෂාව තිබෙන නිසා බව අමතක කරන්න එපා , හමුදාව සහ උතුරේ සාමාන්‍ය ජනතාව අතර කොටු පවුරක් අවශ්‍ය නැත , හමුධව උතුරේ සාමාන්‍ය ජනතාව අතර සහයෝගයෙන් ඔවුන්ට ආරක්ෂාව සපයමින් උදවු කරමින් ජිවත් විය යුතුය , උතුරේ සිටින ජනතාව වෙනත් රටක පුරවැසියන් නොව ශ්‍රී ලංකික පුරවැසියන් බව අමතක කරන්න එපා ,
හමුදාව බලකොටුවල ඉන්නේ යුද්ද කාලෙට. මේ වගේ රට සමාජය පිරිහිලා තියෙන යුගයක හමුදාව, පොලිසිය ඉන්න ඕනේ මිනිසුන් අතර. නැත්තන් වෙන්නේ අන්තවාදීන්ගේ ප්‍රහාර වලට හමුදාව ලක්වෙන එක.
අනේ මගේ මොළේ! ප්‍රභාකරනුත් හරි කැමැත්තෙන් හිටියේ අපේ හමුදාවල් බැරැක්කවලට ගාල් කරලා තියනවට. ඉඩම් නිදහස් කරලා දෙන්න ඕනේ තමයි. නමුත් ගිනිකන්ද තවම නිවිලා නැති බව මෙයා ට තවම වැටහිලා නැද්ද නැත්නම් බටහිර ලෝකය සනසන්න කියන කතාවක්ද කියලත් හිතෙනවා. රටේ ආරක්ෂාව පිලිබඳ දැනුම ඇත්තේ බලයට එමින් සහ බලයෙන් පහවෙමින් ඉන්න දේශපාලකයෝ ළඟ නොවෙයි ආරක්ෂක අංශ වලයි. හමුදාවේ උපදෙස් වලට පටහැනි ක්‍රියාවකට අත ගසන්නේ නම් එයත් දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස අප සළකනවා.
ඔබ පවසන ආකාරයට මහජන ඉඩම් ඔඋන්ට ලබාදීම හොද ක්‍රියාවක් උවද පවතින තත්වයේ හැටියට යාපනය , කිලිනොච්චි, මන්නර් , මුල්ලිටිවූ , වවුනිය, යන දිස්ත්රික්ක සදහා අවමය යුධ හමුදා කදවුරු දෙක බැගින් වත් අනිවාර්යෙන්ම තිබිය යුතු වන්නේය තවද ඒවා අනුකණ්ඩ නොවිය යුතු වන අතර ඇතිවන ඕනෙම හදිසි තත්වයක මුහුණ දීමට හැකිවන පරිදි මේ කදවුරු ශක්තිමත්ව පිහිටවීම වැදගත් වේ ඔබට අන් අයගෙන් ලැබෙන බලපෑම් අපට නොතේරෙනවා නෙවේ එහෙත් රටේ ආරක්ෂාව සුළුකොට තැබිය නොහැකි බවත් ඔය කියන බිම් වල අනෙක් ජාතීන්ට ( සිංහල හා මුස්ලිම් ) ජනතාවට ඇති අයිතීන්ද තහවුරු කර ඔඋන්ගේ අයිතෙන්ද ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමි උතුර යනු තනිකරම දමිල ජනතාව ජීවත් වූ පළාතක් නොවන බවත් 1983 යුද වාතාවරණය මත පලාගිය ඒ ජනතාවට ලබාදීම ඔබගේ වගකීම බවද මතක තබා ගන්න මේ පළාත දමිල ජනතවට පමණ යන මතය මුදුන්පත් ක්රකීමට දමිල නායකයනට ඉඩ නොතබන ලෙසත් ඔබට දැන්ව සිටිමි එය ඔබ රට හා ජාතිය පාවාදීමක් අවබෝද කර ගන්න දමිල ජනතාවට රටේ ඕනෙම පළාතක ජීවත් වීමේ අයිතිය මෙන්ම අන් ජාතීන්ටද එය එසේම විය යුතුය
දැන් එතකොට යාපනේ හිටපු සිංහල මිනිස්සුන්ට අයිති ඉඩම් කවද්ද ඒ මිනිස්සුන්ට දෙන්නේ. ඔයා කොටින්ට කඩේ ගියාට කමක් නැහැ ඒත් සිංහල මිනිස්සුන්ට අයිති දේවලුත් ලබා දෙන්න රනිල් වගේ වෙන්නේ නැතුව
මෙයා හදන්නේ ඉස්සරකාලේ වගේ " Seramonial " හමුදාවක් බවට පත්කරන්නද අපේ හමුදාව. එතකොට මුලදී නටපු කොටි නැටුම් ආයෙත් පටන්ගනීවී. ආණ්ඩුකාර තුමෝ රැවටෙන්න එපා කොටි නිදාගෙන විතරය් කැලේ හැරලා ගිහිල්ලා නෑ.
ඒ බලකොටුව ඓතිහාසික සිහිවටනයක් සේ තබා ගන්න. අපේ හමුදාව දකුණට ගේන්න. එහේනේ දැන් සටන තියෙන්නේ.
ඔබ තුමාගේ මතය කාලෝචිතයි කරුණාකර එය ක්‍රියාවට නගන්න ජනතාවගේ ඉඩම් ජනතාවට ආපසු දීම රජයේ වගකීමක් ,මොකද උතුරේ ජනතාවගේ ඒකායන ඉල්ලීමත් එකම නිසා ,
මෙහෙම දේශපාලනය ඕන ගොනෙක්ට කරන්න පුළුවන්. රටේ අඟලෙන් අඟල හැම බිම් කඩක්ම එක එක්කෙනාට පන්ගාත්තු කරවල අන්තිමට අපි මුහුදට පනිමුද? ඔබතුමාගෙන් පටන් ගන්න. මෙහෙමත් අයට තවත් චන්දය දෙන මිනිස්සු ඉන්නවද?
සිංහල විදුහල පෙන්නලා කුරේ යහපාලන ආණ්ඩුවේ මතය නොකියා කියනවා වගේ.......|
ප්‍රභාකරන්ට බැරි උන දෙය අද ඉන්න දේශපාලකයන්ට කරන්න පුළුවන් ........
සැමට සාධාරණය කරන්නයි මහා ඇමතිවරයා උත්සාහ කරන්නේ. රජින්ද,තමිඳු සහ නුවන්.., ඔය තුන්දෙනාට හෝ පවුලට අයිති ඉඩමක් හෝ දේපලක් කවුරු හෝ බලහත්කාරයෙන් ගත්තොත්.., ඔයාල බකන් නිලන් ඉන්නවද..? මරාගනීයි නේද..? අන්න, ඒවගේ අසාධාරණයකට සාධාරණයක් කරන්නයි මහා ඇමතිවරයා යෝජනා කරන්නේ. දැන් තේරෙනවා මේ රට එක තැන පල්වෙන්නෙ මොකද කියලා.