(ඉෂාන් සංජීව)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනෙක් අද(11) වැලිකඩ බන්ධනාගාරයට ගොස් බන්ධනාගාර රෝහලේ සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුවදුක් විමසූහ.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා කියා සිටියේ තමන්ගේ නියෝගයක් අනුව කළ දෙයකට ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන දෙදෙනා නිකරුණේ දඬුවම් විඳින බවත් සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බවත් එය මැතිවරණ සමයේ බෙදාදීම නිසා මෙසේ දඬුවම් විඳීමට සිදුවී ඇති බවත් ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මෙයාව ඇතුළට දාලා අර මිනිස්සු දෙන්නව එළියට දාන්න. නඩුවේ තීන්දුව දෙනකම් හිටියේ මොකද? ඒ කාලෙම ඕක කියලා වගකීම බාර ගන්න තිබ්බනේ.
මැතිවරණ කොමසාරිස් කිහිප වතාවක් අවවාද කර තිබියදී එසේ කිරීම වරදක් බව නොතේරීමම දුකට කරුණකි. බොරුවට මිනිසුන් රැවටීම දැන්වත් නතර කරන්න.
වරද තිබෙන්නේ එතරම් උගත් පළපුරුදු රාජ්‍ය නිලධාරියෙක් වග කීමක් නැති ආත්මාර්ථකාමී දේශපාලකයෙක් දෙන නියෝග පිළිපැදීමයි.
ඒ සත්‍යය පිළිගන්නවා නම් ඔබතුමා නම් ඒ දඩයත් ගෙවලා දාලා ඒ ගොල්ලන් වෙනුවෙන් හිරේට යන්න එපායෑ. අපිත් පිළිගන්නවා සිල් රෙදි බෙදා දීමේ කිසි වරදක් නැහැ කියලා. මේ දෙන්නා සිරගත වූයේ මහජන මුදල් ඔබතුමාගේ ඡන්ද වැඩට යෙදෙව්වට මිසක් සිල් රෙදි බෙදුවට නෙමෙයිනේ....
මෙතුමා කිව යුත්තේ, "මගේ නියෝගයක් නිසා" නොව, "මගේ වැරදි නියෝගයක් නිසා" යයි කියායි. ඒ නියෝගය සම්බන්ධයෙන් තමන් වගකීම ගන්නා බවත් මහජනයාට කිව යුතුයි.
මේ වැඩ නිසා මුළු රටම ඉවරයි..
කියන්නකෝ ඉතුරු ටිකත්, ඔයාගේ නියෝග වලට සුදු වෑන් වල ගිහිපු අය, මෝරු සමග පීනපු අය, දිග ලිස්ට් එකක් තියෙනවා ඇති.
මහින්ද මහත්මයාණනි මහාධිකරණයක නඩු විභාගකින් වැරදි කරුවන් වුවත් පසුව මෙය වරදක් නොවෙයි ඔබ පවසන්නේ කෙසේද? ඔබ නැවත නැවතත් පවසන්නේ ඔබ සිටියානම් වැරදි කරුවන්ට දඬුවම් නොදෙන බව නොවේද? රජයේ නිලධාරීන් සිටින්නේ දේශපාලඥයන් කියන කියන දෙය කිරීමට නොව. හරි දෙය කිරීමට බව ඔබට නොතේරීම කනගාටුවට කරුණකි.
මහත්තයෝ... වචන කීපයක් මගහැරිලා නේද ? සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බවත් එය මැතිවරණ සමයේ බෙදාදීම වරදක් නිසා මෙසේ දඬුවම් විඳීමට සිදුවී ඇති බවත් නොකියා වරදක් කිරීමට නියෝග දුන් වැරදි කරුවා තමුන්ය කියල කීව නම් සම්පූර්ණයි නේද?
ඕක තමයි කියන්නේ නරක මිතුරු ආශ්‍රයෙන් වෙන් වෙන්න කියල.
බොරුවට මිනිසුන් රැවටීම දැන්වත් නතර කරන්න. මෙතුමා කිව යුත්තේ, "මගේ නියෝගයක් නිසා" නොව, "මගේ වැරදි නියෝගයක් නිසා" යයි කියායි. වරද තිබෙන්නේ එතරම් උගත් පළපුරුදු රාජ්‍ය නිලධාරියෙක් මේ නියෝග පිළිපැදීමයි.
මේ වගේ අය ලංකා ඉතිහාසයේම බිහිවෙලා නැහැ කියලයි මම හිතන්නේ... බොහෝ රදලයෝ වසලයෝ බව නම් පේනවා...
ඔබේ නියෝගයක් නම් විදුලි සංදේශ කොමිසමට වෙච්ච මිලියන 600 ඔබ ගෙවන්න. එතකොට බැඳුම්කර පාඩුවත් ඒ නියෝග දුන්න අයට ගෙවන්න කියල අපිටත් ඔබටත් ඉල්ලන්න පුළුවන්......අදාළ අයගෙන්
ඔයාගේ වැරදි නියෝග තව කොපමණ ඇතිද නේද ?
මම සුදනා... මම සුදනා.... කිව්වට ඉස්සාගේ ඔලුවේ තියෙන්නේ මොනවාද?
දැන් හරි මෙතුමා අවබෝධ කරගත්ත එක ලොකු දෙයක්. මෙතුමා කවදත් තමන්ගේ හෝ පවුලේ වරද්ද පිළිගන්න පුද්ගලයෙක් නොවෙයි. මෙතුමාම දැන් කියනවනේ "සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බවත් එය මැතිවරණ සමයේ බෙදාදීම නිසා මෙසේ දඬුවම් විඳීමට සිදුවී ඇති බවත්...."
ඉදිරියේදී තවත් කී දෙනක්ගේ වැරැද්ද සහ දඬුවම් බාරගන්න වේවිද?
දැන් එතකොට වැරැද්ද කරලා තියෙන්නේ ගරු විනිශ්චයකාර තුමන්ලාද...? හිටපු එහෙම නැතිනම් මහජන ඡන්දයෙන් පැරදුණු මහත්මයාණෙනි, මිනිස්සුන්ගේ ඔළුවලට බොරු අදහස් දමන්නේ නැතිව ජීවිතයේ අවසන් කාලයේ බණ පොතක්වත් කියවාගෙන ගෙදරට වෙලා ඉන්න.
සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බව ඇත්ත. ඒත් ඒවා කල යුත්තේ තමන්ගේ මුදලින් මිස රජයේ මුදලින් නොවෙයි. අනෙක ඡන්දෙ කාලේ එහෙම කලේ තමන්ට වාසි ගන්න නේද? ඇයි දැන්වත් වරද පිලිගන්නේ නැත්තේ?
මුලින්ම කිව්වා යන අයගේ ෆයිල් තියෙනවා කියලා, ඊට පස්සේ කිව්වා හොරු ආරක්ෂා කළ නිසා පැරදුණා කියලා. දැන් මෙහෙම කියනවා යුද්ධයෙන් පස්සෙත් අවංක නායකයෙක් විදියට වැඩ කළානම් අදටත් ඔබතුමා රටේ ජනාධිපති. එහෙම වුණානම් ඔබතුමාටත් හොඳයි.. රටටත් හොඳයි.
ඔය කමෙන්ට් කරන කට්ටිය එදා ප්‍රේමදාස මහතාගේ ලේකම් අවි ආයුධ බෙදපු කාලේ ඉපදිලා ඉඳල නැහැ වගේ ..... එතකොට ඒවා මහජන මුදල් නෙමේද? ඒවා ප්‍රේමදාස මැතිතුමාගේ බූදලයද?
ඔය විදියට තමයි සුනාමි සල්ලිත් ගහ ගත්තේ... වෙලාවට නන්ද සිල්වා මහතා ඉඳලා වැඩේ ගොඩ දැම්මා...
බලාගෙන ඉන්න ඔය කියන බොරුවලට මයික් කටට වෙලාවක හෙන වදිනවා..
දැන්නම් මිනිස්සුන්ට යුද්ධය අවසන් කිරීමත්, සංවර්ධනයත් වැරදි නියෝග වෙයි. සුළුදේවල් අල්ලාගෙන කරපු හොඳ අමතක කරලා මහ වැරැද්දක් කළා වගේ බනින නරක මිනිස්සු ඉන්න රටක් මේක....
ඔන්න ඔහොම කොන්ද පණ ඇතුව මුලින් කථා කරානම් කවුරු කවුරුත් ගොඩනේ..... අර අනිත් අය බේගල් ඇදබාන්නේ නැහැනේ.
ඔබලා තමයි මෙවැනි රාජ්‍ය නිලධාරීන් තම වංචාසහගත පටු සහ රටවැසියා නොමඟ යවන අවශ්‍යතාවයන් ඉටු කර ගන්න ඉහළට ඔසවා තබන මෙවැනි තනතුරු දුන්නේ. ඔබ නියම ජනහිතකාමී නායකයෙක් නම් රටවැසියාට සිදු කළ මේ වංචාවට සමාව ගත යුත්තේ ඔවුන් දෙදෙනාගෙන් නොව මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවගෙනි. මහජනයා වරක් නොව දෙවරක් ඔබට හිසනමා ඔබව ඉහළම පුටුවට යැව්වා. දෙවැනි වර ඒ මහා පුටුව සිංහාසනයක් කරගත් ඔබ සිතුවේ රට ඔබටත් ඔබේ ඥාතීන්ටත් ලියා දී ඇති බවයි. ඒ නිසාම ඒ ජනතාවම අවිහිංසාවාදීව පැන්සල් කොටයකින් කඩදාසි කැබැල්ලක කාටවත්ම නොපෙනෙන්න කතිරයක් ගසා සිංහාසනයෙන් බිමටම ඇද දැම්මා.....
වැරදි වැඩේ කලා මදිවට හත්පොලේ ගාගන්නවනේ...
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලා තියෙද්දී තමන්ගේ රූපය දාපු සිල් රෙදි බෙදන්න බැරි බව දන්නේ නැත්ද? මේ රටේ කරන්න දහසක් වැඩ තියෙද්දී සිල් රෙද්දක් බෙදුවේ ඡන්දය නිසා නෙවෙයිද? රටේ ධනය හොරකම් කරලා තව සුදනා වෙන්න කතා කරන්නේ. අපට පුදුමේ හොරු එළියේ ඉද්දි කොහොමද එහෙම වෙන්නේ කියන එකයි. හොරු නොදන්නවට ඒ අය හොරු බව රටම දන්නවා.
උපාසක අම්මලා සිල් ගන්නවා කියාලා මේ බැතිමතාට මතක් වෙලා තියෙන්නේ හරියටම ඡන්දෙ ඔන්න මෙන්න තියාලනේ!!
ඔබතුම ඔක්කොම කේරේ සිංහල මිනිහට විතරයි. මුස්ලිම් මිනිස්සු අපිට කිසිම දෙයක් කරලා නැ.
මැතිවරණයක් නැති දවස් වල මහින්ද මහත්තයා සිල් රෙදි කීයක් බෙදල තියෙනවද? අරලිය ගහ මන්දිරයේ එක වතාවකට මිනිස්සු 5000 කට දන්සැල් කීයක් දීල තියෙනවද? ලිත් කීයක් බෙදල තියෙනවද? හිනාවෙලා ඉන්න පින්තුරය තියෙන ඔරුලෝසු කීයක් බෙදල තියෙනවද? හිරේ ඉන්න යාළුවො බලල එලියට එනකොට මාධ්‍ය වේදීන් සාධාරණ ප්‍රශ්නයක් ඇහුවාම මොකද අප්පා මල පනින්නේ?
සිල් රෙදි බෞද්ධයාට විතරද? ව්‍යවස්ථාව වෙනස් කරලා මුස්ලිම්ලටත් මුලිකත්වය දෙන විදියට හදන්න ඕනේ. දැන් ඉස්සරට වැඩිය මුස්ලිම් මිනිස්සු ලංකාවේ ඉන්නවා.
මේ නිලධාරීන් ආණ්ඩුව මාරු වුණොත් නඩු අහලා වරදකරුවන් වෙයි කියල නිකමටවත් හිතුවේ නැහැ... මහින්ද තමයි නැවතත් ජනපති කියල දැඩි විශ්වාසයක් තියෙන්න ඇති... එහෙම වුණා නම් ඔක්කොම මොකුත් වුණේ නැතුව වගේ ඉන්න තිබුණා.
ඔබතුමාගේ පාලන සමයේ තරම් රජයේ නිලධාරින් තනතුරු අවභාවිතා කල යුගයක් තවත් නැහැ. තානාපති කාර්යාල, බැංකු වල පවා සිටියේ පස්සා දොරින් රිංගපු නුසුදුස්සෝ. ඉතින් දැන් බොරු කණගාටු ප්‍රකාශ නොකර නිකන් ඉන්න.
ඔවුන්ට දඩුවම් දීම සාධාරණයි
අනේ පව්!! හිරගෙදරට ඇතුල් වෙද්දීම වැළදෙන බෝවෙන රෝගය ඒ දෙන්නටමත් වැළඳුනා නේද? ඔතනට එන අයට රෝග බෝකරන , බන්දනාගාර රෝහලේ තියන ප්‍රධානම විෂබීජය වන, රෝග නිර්දේශ කරන වෛද්‍ය වරුන්වත් මෙම රෝහලේම ප්‍රතිකාර ගැනීමට සැලැස්වීමට මෙරට අධිකරණය කටයුතු කරනු දැකීම නීතිගරුක ජනතාවගේ අභිලාෂයයි. මේ සඳහා රටේ උගත් බුද්ධිමත් යුක්තිගරුක ජනතාව පෙළගැසිය යුතුයි....
අනේ මහත්තයෝ, අපි මෝඩයෝ නෙමේ. පොට්ටේයොත් නෙමේ. මොන මෝඩ හරක් කතාවක්ද ඔය කියන්නේ. මුළු රටටම විහිලු සපයන්න එපා. ගෙදරට වෙලා අවසාන කාලේ බණක් කියාගෙන ඉන්න. නැත්තන් අබයාරාමෙට ගිහින් ගිහිගෙය අතාරින්න. ලැජ්ජයි.
බෙනිටෝ මුසොලිනිට කවදාවත් වරදින්න බැරි යයි සිතු පිරිසක් එදා ඉතාලියේ සිටියහ! අද මොහු සිතන්නේ මොහු කරපු, එමෙන්ම කරන , කරන්න බලාපොරොත්තුවන හැම දෙයක්ම හරි බවය. එහෙත් ඔබත් ඔබේ පවුලේ අයත් සහචරයනුත් මේ රට උලා කාපු බවට නොයෙක් චෝදනා තිබෙනවා නොවේද මහත්තයෝ?
මේ අය ඔක්කොමල සිල් රෙද්දේ එල්ලිලා හිටපු දුස්සිලයෝ. සිල් රෙදි දෙන්න ඉස්සර වෙලා බෞද්ධයෝ සිල් ගත්තේ නැද්ද? කෝටි හැටකින් මොන තරම් දේවල් රටට කරන්න තිබුනද? මේවා ඒ අයට කරන්න තිබුනේ ගෙදරින් ගෙනල්ලනේ. ලලිත් වීරතුංගට කල්පනාවක් වෙලා නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිල් රෙදි බෙදාදීම සිදුවෙන බව ලියුමේ ගහන්න. නඩු යනකොට රාජපක්ෂ කියනවා උසාවියේ තියෙන දේවල් ගැන කියන්න බැහැ කියල , හිරේ දැම්මහම කියනවා තමන් නිසා අර දෙන්න හිරේ ගිය කියල. හරි දේ හරි විධියට දකින්න බැරි අය අන්ධයෝ රැලක් වගේ. මුල යන කෙනයි, මැද යන කෙනයි, අග යන කෙනයි යන එක් කෙකෙකුටවත් කොහෙද යන්නේ කියල පෙන්නේ නැහැ. මේ අය පස්සේ යන සේරෝටෝම කණ වැල අල්ල ගත්ත අන්ධයෝ කියල තමා කියන්න තියෙන්නේ.
ඔබතුමා එතරම්ම කලබල විය යුතු නැහැ. ඔවුන් දෙපල මදකට අසනීප වුවා පමණයි.. මෙවැනි රෝගීන්ව ජනාධිපති අරමුදලෙන් සිංගප්පුරුවට ගෙනගොස් ප්‍රතිකාර කිරීම ගැන අදාළ බලධාරීන්ව උනන්දු කරවන්න.
ඔය සිල් රෙදි වලට මෙතුමාගේ ස්ටිකර් එකක් අලවල බෙදුවේ ඇයි, තමන්ගේ චන්ද ගොඩ වැඩි කර ගන්න රෙදි බෙදන්න නියෝග දෙන්න ඕනේ තමාගේ මුදල් වලින්.එකත් චන්දෙ ලග තියන් නෙමෙයි.මේ දෙන්න හිරේට යනකම් ඉදල දැන් වරද බාර ගන්නේ කොහෙන් හරි මෙතුමාට රිංගල යන්න තැනක් ඇති.සිල් රෙදි බෙදලයි මෙහෙම උනේ කියල ජනතාව මුලාකර ඔඋන්ගේ හිත්වල වෙයිරය වපුරන්න එපා.
මේ ප්‍රකාශයෙන්ම ඇපෑල පරාදයි... කතා දෙකක් නැහැ.
ජනාධිපතිවරණයක් පැවැත්වෙන දිනට දින කිහිපයකට කලින් එක් අපේක්ෂකයෙකුගේ නම සහ රුව යොදා දේශපාලකයන් විසින් සිල් රෙදි බෙදා දීම බුදුදහමට කල අගෞරවයකි. රටේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි. මේ ගැන තවත් මේ මොනවා කියනවා ද?
කුම්බලා මාළු කෑවා නම් දුක්විඳහන් පූසෝ කිව්වලු....
තාත්තාගෙන් පස්සේ පුතාලා, ඊට පස්සේ මුණුබුරෝ රජ වෙයි කියලා හිතාගෙන කරපු වැඩනේ මේවා...
තමුන්ගේ මුදල් වලින් සිල් රෙදි අරන් දුන්නා නම් අපි දොස් කියන්නේ නැහැ.. මේවා වංචා සහගත මුදල්.. තවත් ජනතාව රවටන්න එපා මහත්තයෝ .. ඒකෙන් වෙන්නේ තවත් පව් පුරවා ගන්න එක විතරයි.
වෙන මොනවත් ඕන නැහැ, සිල්රෙදි බෙදීමට දඬුවම මේකනම් මහා බැංකුව හොරා කෑම, හම්බන්තොට විකිණීම, ආණ්ඩුවේ පෙට්රෝල් සෙඩ් හිතවතුන්ට පමණක් බෙදාදීමට දිය යුත්තේ "මරණ දඬුවමයි" කෝ බලන්න ලලිත්ව, අනුශව හිරේ දාන්න අත්පොලසන් දුන්නු අපේ පාටකයෝ කී දෙනෙක් මේකටත් අත්පොලසන් දෙයිද කියල?
පිංපතා දන් දිය යුත්‍තේ තමන් විසින් දැහැමින් උපයා ගත් දෙයිනුයි. දුප්පත් ජනතාවගේ මුදල් මංකොල්ල කා සිල් රෙදි බෙදා ජන්දය දිනීමට යාම මහත් පාප කර්මයකි. මේ ඉහල රාජ්‍ය නිලධාරීන් මෙය තේරැම් නොගැනීම රටේ අවාසනවාකි. රජයේ සේවකයන් දේශපාලකයන් දෙන වැරදි නියෝග පිලිපැදිය යුතු නැත. ඔවුන් කර ඇත්‍තේ දේශපාලකයන් පින වීමට ඔවුන්ට පන්දන් ඇල්ලීමයි.
මෙයා මෙහෙම කයිවාරු ගහන්නේ විවස්ථාව අනුව ජනාධිපතිට නඩු දමන්න නොහැකිය යන මුක්තිය වාසියට අරගෙනයි. ඒවුනාට අධිකරණය මෙයාට කන පැලෙන්න නඩු තීන්දුව ප්‍රකාශ කර තිබෙන්නේ .. අනේ පව් ...
පක්ෂ පාට ගැන නොසිතා, දුෂිතයන් සහ අපරාධකරුවන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව යම් ප්‍රමාණයක් හෝ පෙළගැසෙන බවක් ඉහත ප්‍රතිචාර වලින් පෙනෙන්නට තිබීම රටේ වාසනාවක් බව කිවහැකිය. මාධ්‍ය ආයතන හිමිකරුවන් කව්රු වුනත් මාධ්‍ය වෘත්තිකයන්ද ජනතාව යම් නිවැරදි තැනකට ගෙනයාමේ උත්සාහයක් මේ මොහොතේ පැවතීමද අපි අගය කළ යුත්තෙමු.
මැතිවරණ උල්ලංගනයක් නම් මැතිවරණ නීතිය අනුව නඩු දැමිය යුතුය. එසේ නම් මහාධිකරණයේ නඩු පැවරුවේ මන්ද?
චන්දන ඔයා වගේ එක පැත්තකට කත් අදින ඡන්දදායකයෝ රැලක් මේ රටේ ඉන්න නිසා තමයි දෙපැත්තේම දේශපාලකයෝ රටේ ජනතාව මෝඩයෝ කියල හිතාගන හිතේ හැටියට රටේ ධනය මංකොල්ල කන්නේ.මෙතැන කවුරුවත් කොමෙන්ට් දාල නැහැ ඔයා මෙහි කියා තියෙන වැරදි කරපු මේ ආණ්ඩුවේ අය නිවැරදියි කියල. ඒ අයත් කවද හරි ඒගොල්ලෝ කරපු වැරදි වලට දඬුවම් විඳිය යුතුමයි. වැරැද්ද කවුරු කරත් එකයි.
මේ අය හිරේ විලංගුවේ දාන්නේ කවදද
තමන්ගේ පුද්ගලික ධනයෙන් සහ ඡන්ද නැති කාලෙක සිල් රෙදි බැරි නම් වෙන රෙද්දක් බෙදුවත් කිසිදු ප්‍රශ්නයක් නැහැ.
පසුගිය පාලන සමයේ තරම් රජයේ නිලධාරින් තනතුරු අවභාවිතා කල යුගයක් තවත් නැහැ.
චන්දන ඔයාට ඕනෙ විදීයට දඩුවම් නියම කරන්න බැහැ. ඒක නිති පොතේ තියෙන ප්‍රකාරව සිදු කල යුතුයි. කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි. නමුත් අරයා කලා මෙයා කලා අරයා කල එක ලොකු නිසා පොඩි එක හොයන්න එපා කියන ගොන් තර්කය ගෙනාවොත් එකකටවත් දඩුවම් නැහැ. එහෙම රටක් හදන්න බැහැ
පසුගිය කාලයේ එක්ප්‍තරා ආයතනක ප්‍රචාරක අංශයේ වියදම පමණක් රුපියල් මිලියන 362 ක් බවද පුවත්පත් වල ගියා. මේවා මොනතරම් වංචාද? අහිංසක මහජන මුදල් කාගේ සාක්කු වලටද ගියේ. ඒ අයට දඩුවම් කෝ.
වකුගඩු රෝගින්, ලියුකේමියා රෝගින් රටේ වැහිවැහැලා. සමහරුන්ට විදුලිය, ජලය නැහැ. හිසට නිවහනක්ර නැහැ. තාම ණයට දුවන්නේ. මෙහෙම තියාගෙන බෙදුවනේ කෝටි 600 ක සිල් රෙද්දක් ඡන්දයට කලින් දවසේ.
බෞද්ධ. හින්දු මුස්ලිම් සහ වෙනත් ආගම් ඇති රටේ සිල්රෙදි විතරක් මහජන මුදලින් බෙදිමම මොනතරම් කැතද? ඇයි වැඩිපුර තියෙන්මේනේ ඒ ඡන්වාදනේ. මෙවා බෙදන්න අපි කාගෙත් බදු මුදලින්. අපෙන් නාහා පුද්ගලික වාසියට කෝටි 600ක රෙදි බෙදනවා .මෙහෙම රටක් ලොව කොහේවත් නැතුව ඇති
බලය තිබෙනකොට මොලේ නැත.
ඔබ තුමා රජයේ නිලදාරින්ට බල පාම් කල බව පිළිගත් එකේ හොඳයි. නෙව් කරනා අබිආචනයත් සමග උසාවියට කරුණු දක්වා උසාවිය ඉදිරියේ සමාව ගතහොත් නීඩ්ස් හොඳ. ඔබ තුමා කල වර්ඵරේ පිළිගැනීම හොඳ වැඩක්. රතුපස්වල ඇතුළු අනෙක් කාරකම් සම්බන්දවත් ප්‍රකාශ කර පව් සෝදා අරින්ඩ.
වැරදි නියෝග දිමේ විපාක. නව ආණ්ඩුක්‍රම විවස්ථාවට ඇතුලත් කරන්න දේසපාලකයන්ට රජයේ දේපොළ මංකොල්ල කෑමට නොහැකි අනපනත් ඇතුල්කරන්න
ඔබතුමාට දැන් පොඩි ළමයි අමතකද? දැන් ළමයි වඩා නොගන්නේ ඇයි?.
JR හේ විවස්තාව වෙනස් නොකොට 18 වනු සංසෝදනය හරහා ඔබ සදාකාලිකව බලයේ සිටීමට උත්සහ ගැනීම ලැජ්ජාව නොවේද?
ඔබ පාලන සමයේ මරා දැමුණු පුද්ගලින්ගේ මරණ ගැන ඔබ තුමාට කිවහැක්කේ කුමක්ද?
ඔබතුමාගෙ ඡන්ද වැඩවලට නීති විරෝදිව කොපමන වෙනත් දෑ බෙදුවද.ඒවායේ වටිනාකම පමණක් අපට දැන ගැනීමට සලස්වන්ඩ . ඔබ තුමා අරලිය ගහ මන්දිරය සඳහා කල වියදම කියන්ඩ?.
මේ පිරිහීමට වග කියා යුත්තේ රටේ ජනතාවයි . මෙම වැරදි ක්‍රියා අනුමත කරන පිරිසක් රට තුළ සිටීම නිසා මෙවැනි වැරදි ක්‍රියා නැවැත්විය නොහැක .
සිල් රෙද්දෙන් වහල තියෙන්නේ කුණු ගොඩක්නේ.
අපේ රට අන්ත දරිද්‍රතාවයකට ඇඳ දැමූ හැම දේශපාලඥයෙක්ම, හැම රාජ්‍ය නිළධාරියෙක්ම නීතිය ඉදිරියට ගෙනවිත් ඔවුන්ගේ දේපළ වලින් මෙම අලාභය ගෙවිය යුතුයි.
මෙතුමාගේ වැරදි නියෝග තව කොපමණ ඇතිද ? නියෝග නැතුවම මහජන මුදල් විනාශ කරපු ලොක්කෝ තව කීයක් හිටියද? තාම ඔවුන් වැඩ හැබැයි.
කලකට ඉහතදී ඔබ වහන්සේ ඉතාමත්ම විටින සම්පතක් වුණා ශ්‍රී ලංකාවට. ධර්ම කරුණු සම්බන්ධව සහ ඉතාමත්ම හොදින් ධර්මය දේශනා කරන හිමිනක් ලෙස ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වූ කාලයක් තිබුණා..නමුත් ඔබ වහන්සේ පෙර කල යම්කිසි කර්මයකට ඔබගේ ගමන වෙනත් මගකට යොමිවී තිබීම පිළිබඳ මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි..ඔබ තවමත් ප්‍රමාද නැත දේශපාලය ඕන කෙනෙකුට කරගන්න කියලා හිමිවරුන් ප්‍රර්ථනා කරන නිවන් මාර්ගයට නැවත ඔබ වහන්සේ ප්‍රවිෂ්ඨ වෙනවා නම් අපිට ඉතාමත්ම සතුටුයි. ඔබ වහන්සේ සිල් රෙදි සම්බන්ධව ඔය ගන්න ක්‍රියා මාර්ගය ඔබගේ හෘද සාක්ෂියට එකඟ නොවන බව ඔබ වහන්සේම දන්නවා..සිල් රෙදි දුන්න හේතුවත් ,බෙදපු ආකාරයත් එහිදී සිදුවුණු වංචා ගැනත් ඔබ වහන්සේ දන්නවා..එහෙම දැනගෙනත් අහිංසක මිනිසුන්ගෙන් සල්ලි එකතු කිරීම නිසා ඔබ වහන්සේ මේ ආත්මයෙත් විශාල කර්මයක් කරගන්න නේද හදන්නේ..අවසාන වශයෙන් ඔබ වහන්සේට විශේෂයෙන් සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්ප පහළ වේවායි ප්‍රර්ථනා කරමි..
ජනපතිගේ සහෝදරයා අතින් සිදුවූ හදිසි අනතුරු නිසා ඔහු අත්අඩංගුවට ගන්නදැයි අසු විට ජනපති දුන් උත්තරය ? ජනපති රටට ආදර්ශයක් .
තස්ත්‍රවාදීන් ප්‍රශ්නය විසදුවා. බටලන්දත් සුදු රෙදි වලට වඩා පුළුල්ව විමසන්න ඕනේ කාරණයක්. එතැනදී සිංහල තරුණ තරුණියෝ 10000 ක් පන පිටින් පිච්චුව. මේ ඔක්කොම සිංහල බෞද්ධයෝ.
මේ මහත්තයා කියල තියෙන කතාවට කටේ මසුරන් දන්නා ඕනේ, අනික මේ ඕක මේ ඔයා විතරක් කියන කතාවක් නොවෙයි , ග්‍රාමීය මට්ටමේ , නුගත් අන්තවාදී පිරිස් හැරෙන්නට ලංකාවේ 75 සියයට ඉන්නේ ඔය මතයේ තමා. ඔයා මොනවා කීවත් බල ලෝබය කියන එක නවත්වන්න බෑ නෙ.කාපු අය තමයි ඒකේ රස දන්නේ.
හිටපු ජනපති වරද පිළිගනී. ව්‍යවස්ථාව අනුව නිතිය සැමට සමානයි. නමුත් විධායකය ට එය අදාළ නැත . 2/3 හෝ ජනමත විචාරණයකින් මෙය වෙනස් කර යුතුයි. එසේ නොකර මෙම රට සැදිය නොහැක. වහාම ව්‍යවස්ථාව වෙනස් කරන්න.
එච්චර ලස්සනට උසාවියෙන් එළියට බැහැපු ජෝඩුව බන්ධනාගාරයේදී ලෙඩ වීම සම්බන්ධව බන්ධනාගාරයේ ලොක්කන්ගෙන් නිදහසට කරුණු ඇසිය යුතුයි .
චන්දන ඔයා පා.ම. මහින්දගේ කෙනෙක් බව පේනවා.ඔයා දන්නවද හම්බන්තොට වරාය 30% අයිති වෙලා තිබුනේ කාටද කියලා එතකොට මාගම්පුර ports private limited කාගේද කියල දන්නවද? එකේ මොනවද කලේ වුනේ මොනවද කියල දන්නවද?