IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


ලලිත් වීරතුංග - අනූෂ පැල්පිට අභියාචනයකට සැරසෙති

මනෝප්‍රිය ගුණසේකර
 
විදුලි සංදේශ නියාමන කොමිසමේ  කෝටි 60ක මුදලක් වැය කර  පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බේදා දීමේ චෝදනාවන්ට  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා  සහ අනූෂ පැල්පිට මහතා වැරදිකරුවන් කරමින් දුන්  නියෝගයට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය..
 
විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන්ට ද`ඩුවම් නියම කළ අවස්ථාවේදීම මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා දැනුම් දුන්නේය.
 
අදාළ අභියාචනය ඉදිරිපත් කිරීම ස`දහා මෙම නඩු තීන්දුව තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් ඉන්දතිස්ස මහතා නඩු තීන්දුවේ සහතික කරන ලද පිටපතක් තමන්ට අදාළ ගාස්තුවට යටත්ව නිකුත් කරන ලෙස ඉල්ලීමක්ද කළේය.
 
තීන්දුවේ මුද්‍රණ දෝෂ නිවැරදි කොට හෙට දිනයේදී තීන්දුවේ පිටපතක් නිකුත් කළ හැකි බව දැනුම් දුන් විනිසුරුවරයා ඒ ස`දහා හෙට දිනයේ ඉල්ලීමක් කරන ලෙස දැනුම් දුන්නේය.



අදහස් (40)

ලලිත් වීරතුංග - අනූෂ පැල්පිට අභියාචනයකට සැරසෙති

siri Thursday, 07 September 2017 01:26 PM

අර "ලිත්" බෙදපු අයට මොකද උනේ හැබෑට ?

:       0       0

පිටිගල මිලානෝ Thursday, 07 September 2017 02:31 PM

චෝදනා මනාව ඔප්පු වී ඇති බැවිනුයි ගරු විනිශ්චයකාර තුමා පවතින නීතිප්‍රකාර තීන්දුවක් ප්‍රකාශයට පත් කරේ. අභියාචනාවක් කරන්නේ තමා නිර්දොශියි කියන්නද?

:       9538       13857

samanFriday, 08 September 2017 01:05 AM

පිටිගල මිලානෝ ... මහාධිකරණයේ තීන්දුවක් අභියාචනාධිකරනයේද, අභියාචනාධිකරණයේ තීන්දුවක් ශේෂ්ඨධිකරනයේද අභියෝගයට ලක් කිරීමට ඕනෙම ලංකික පුරවැසියෙකුට අයිතියක් තියනවා.

:       10       45

Chanak Los angelesFriday, 08 September 2017 05:51 AM

මොකටද අභියාචනා දමන්නේ ? ඔවුන් ඉන්නේ හිරේ නොවෙයිනේ ... ඔවුන් ගත කරන්නේ රෝහලේනේ ...

:       10       79

maim game banda Friday, 08 September 2017 08:09 AM

ඔන්න රන්ජන්ගේ වාරේ... සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා... මේ නිසා තමයි මේ වගේ හොරකම් සිදුවෙන්නේ...

:       0       0

SalindaFriday, 08 September 2017 08:28 AM

බන්ධනාගාර ගතවුණු මොහොතේම බන්ධනාගාර රෝහලට ඇතුල්වෙන්නත් හැමෝටම අයිතිවාසිකම් තියෙනවාද?

:       0       0

ධම්මFriday, 08 September 2017 03:39 AM

ඔව්. ඒක චූදිතයාට තියෙන අයිතියක්.

:       6       29

ජගත් ලියනගේ Friday, 08 September 2017 08:21 AM

ඔව් ඔබ හරි, දැන් අලුත්ම ක්‍රමය තමයි.. හිරේ දැම්මම ගිහින් බන්ධනාගාර රෝහලේ ඇතුළේ ඉන්න එක..

:       0       0

RuwanFriday, 08 September 2017 06:01 AM

තීන්දුව ඉතා පැහැදිලියි. පලවන සහ දෙවන වැරදි ඉතා පැහැදිලි ලෙස ඔප්පුවී ඇත. එමනිසා මොවුන් කරන කිසිම දෙයක් කල්මැරීම පිණිස මිස වැඩක් නොවනු ඇත.

:       14       786

dias Thursday, 07 September 2017 02:36 PM

ඉතා සාධාරණ නඩු තීන්දුවක්. වැරදි කරුවන්ට දඬුවම් ලැබීම මහජනතාව ලද ජයග්‍රහණයක්

:       6463       8300

Sarijini Thursday, 07 September 2017 04:52 PM

අභියාචනයද ඉතා ඉක්මනින් කෙලවර වේවායි පතමි.

:       3171       4197

chandana Thursday, 07 September 2017 05:48 PM

ඉතා හොඳ තීන්දුවක්. ඉදිරියට හැමෝටම පාඩමක් මේක.

:       161       1530

SANTH Thursday, 07 September 2017 05:48 PM

කෝ කෝ කෝ... පෙළපාලි... පිකටින .....පෝස්ටර් ....

:       132       1440

RuwanFriday, 08 September 2017 07:28 AM

දැන් පෙළපාලි පිකටින් නවතා දමා ඇත. හොරෙන්ම ලොක්කා රෑට පාර්ලිමේන්තුවේදී අගමැති සමග ඩීල් දාන එක තමයි දැන් කරන්න තියෙන්නේ. මිනිස්සු මේ හොරකම් වලට පිකටින් කරන්නේ නැහැ.

:       0       6

vidya Thursday, 07 September 2017 05:48 PM

තීන්දුවේ මුද්‍රණ දෝෂ ඇතිවෙනකොට මොන තීන්දුවද ඊළඟට එන්නේ .

:       143       24

ජගත් ලියනගේ Thursday, 07 September 2017 06:25 PM

අභියාචනා අධිකරණයේ කල් යන්නේ නැහැ

:       10       54

CHAMPAA Thursday, 07 September 2017 07:04 PM

මෙයාලට මේවා කරන්න අණ දීපු අයට හරිනම් අවුරුදු 30 ක් වත් අඩුම තරමේ දඩුවම් දිය යුතුයි .

:       1       100

Chanak Los angeles Thursday, 07 September 2017 07:16 PM

දැන් සැපද?

:       3       90

lion Friday, 08 September 2017 01:02 AM

ගරු අදිකරණයට අපගේ ප්‍රණාමය. ඔබ තුමන්ලාගේ තීන්දුව අපට අධිකරණය ගැන විස්වාසය නැවත ඇතිකළා. මේ රටේ දුක්විඳින ජනතාවගේ ජීවත්වීමේ අයිතිය නැති කල ඔවූන්ගේ මුදල් හොරා කාපු අනිත් වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න. රටේ ජනතාව ඔබ තුමන්ලා සමගයි.

:       1       251

ajith Friday, 08 September 2017 01:44 AM

කෝටි 60 ක් ඡන්දෙට සිල් රෙදි බෙදුව කියල ඔප්පුවෙලා තියෙන්නේ. වාහනයක් ගන්න කෝටි 04 ක් කිව්වම ඒක මේ ගොල්ලන්ට විශාල ප්‍රශ්නයක්. අපිට නම් ඔය දෙකම ලොකු ප්‍රශ්න.

:       2       192

Nimal Friday, 08 September 2017 02:13 AM

මහින්ද මහත්තටයට මේ ගැන මොනවද හිතෙන්නේ? මේවත් වැරදි නොවෙයිද? මේවා පලි ගැනීම්ද? ඔබතුමා සහ ඔබතුමාගේ ඔය පුත්ත්‍ර රත්නයෙන් පපුවට තට්ටු කරලා බලන්න හරිද වැරදිද කියලා.?

:       8       420

ජීවන් Friday, 08 September 2017 02:19 AM

මෙම සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන්ට සිල් රෙදි ගැනීමට පෙලඹවූ සහ අණ දුන් දේශපාලකයන් කවුද? ඔවුන්ට දඬුවම් නැත්ද?

:       2       315

Chandana Australia Friday, 08 September 2017 02:31 AM

දේශපාලකයන්ගේ හැම තීරණ වලට Yes Sir කියන රජයේ නිලදාරීන්ට හොද පාඩමක්. දක්ෂ නීතිගරුක නිලධාරියෙක්නම් වැරදි දේවල් වලට බැහැ කියල අයින් වෙන්න තිබුනා.

:       1       306

ජගත් ලියනගේ Friday, 08 September 2017 02:54 AM

අභියාචනා කරන්නේ , ඔය මිලියන 600 න් සිල් රෙදි බෙදුවෙ නැත්ද මහින්ද ගෙ ෆොටෝ එක ගහල ජනවාරි 8?

:       2       265

Ruwan Friday, 08 September 2017 03:08 AM

අපි ඔබට සදහා ගරුකරමි, විනිසුරුතුමනි. ඔබව මාරු කිරීමට මොවුන් උත්සහකලද ස්වාධීන අධිකරණ පද්දතිය ඊට හරස්විය. මෙන්න මෙයයි අපි යහපාලන රජයකින් බලාපොරොත්තු වන්නේ. ඉදිරියට ඉතිරි නඩුත් මෙම වසරේම අවසන් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා.!

:       1       2067

Chanak Los angelesFriday, 08 September 2017 06:30 AM

හොරුන්ට කඩේ යන පුද්ගලයෝ මේ කොමන්ට් කියවන්න ඕනේ. මේ වංචාවෙන් මොවුන් ගැලවීමට ගහපු සෙල්ලම් පේනවා නේද ?

:       1       161

maal Friday, 08 September 2017 03:42 AM

කාලිංග වගේ මොන දක්ෂයෙක්, හයිරන් කාරයෙක් ආවත් නීතියෙන් මේවගේ අයට දෙන දඬුවම තද කරනවා මිස අඩුනොකළ යුතුයි.

:       2       285

AS Friday, 08 September 2017 03:57 AM

නීතියට අනුව​, සිල් රෙදි බෙදීම නීති විරොදීනම්, එසේ නීති විරෝදීව බෙදපු දෙය තම සන්තකයේ තබාගැනීමත් නීති විරෝදියි නේද​? එය එසේනම්, පොලිසියට සිල් රෙදි ගත්ත අයටත් නඩුදායිද​? ඒවා බෙදූ හාමුදුරුවරුත් අත්අඩන්ගුවට ගන්න පුලුවන් නේද​?

:       110       42

Chanak Los angelesFriday, 08 September 2017 05:42 AM

විනිසුරුතුමාගේ නඩු තීන්දුව කියවන්න..

:       0       185

pitigala Friday, 08 September 2017 05:00 AM

අභි ආයාචනය තව අවරුදු දෙකක් ඇදුනම විත්තිකරුවෝ නිකම්ම ගොඩ?

:       66       1

kamal Friday, 08 September 2017 05:29 AM

සිල්රෙදි බෙදුවේ ජනාදිපතිවරනයට කලින් දවසේ ... පෝය දවසේ. මහින්දගේ ඡන්ද ප්‍රචාරක ලේබල් එකකුත් අමුණලා දැන් කියනවා බෞද්ද කටයුතු වලට විරුද්දකම් කරනවා කියලා.

:       0       186

perera Friday, 08 September 2017 06:10 AM

මහජන මුදලින් වැටුප් ලබන ඉහල නිල දරන රජයේ සේවකයින් කරන්න ඕනේ පවතින රජයෙන් කියන කියන එක කරලා තමනුත් වාසියක් ලබාගැනිම නෙමෙයි. එසේ කිරිම බරපතල වරදක්.

:       0       80

SIRISENA Friday, 08 September 2017 06:20 AM

වතුර ඉල්ල්පු මිනිස්සුන්ට වතුර දුන්නේ නැහැ. වකුගඩු රෝගින් පිලිකා රෝගින් මුදල් නැතුව බලන් ඉන්නවා. ඒවා නොකර ඡන්දය ළංවුනාම තමන්ගෙ නම අංකය ගහලා රටේ පොදු මහජන මුදලින් සිල් රෙදි බෙදලා ඒකට බෞද්ධකමක් ගාවන්න හදනවා.

:       0       122

Lee ranatunga Friday, 08 September 2017 06:28 AM

මෙය සිදු කිරීමට උපදෙස් දුන්න අයට නීතිය ක්‍රියත්මක වෙන්නෙ නැත්නම් මෙය කැකිල්ලේ තීන්දුවක් වැනිය.

:       0       82

jayantha Friday, 08 September 2017 06:47 AM

මේ රටේ නිතිය හැල්ලු වෙලා තියෙන තරම මේකෙන් බලාගන්න පුලුවන්. දැනටම රෝහල් ගතවෙලා. වැරැද්දට දඩුවමක් අධිකරණයෙන් දෙන්නෙ විහිළුවටද. මහජනතාව මේ තරමටට ගොනාට ඇන්දිලාද.

:       0       131

sumith Friday, 08 September 2017 07:02 AM

මට තියෙන සතුට කොච්චරද කියනවනම් , මම ඊයේ දවාලට මොකුත් කෑවේ නැහැ

:       0       2

srimala Friday, 08 September 2017 07:09 AM

මම රුපවාහිනියේ දැක්කේ මේ දෙන්නම ඉතා වීර ක්‍රියාවක් කලා වගේ සිනහ වෙමින් උසාවියෙන් පිට වෙනවා , සාමාන්‍ය වරදකරුවෙක් බන්දනාගාරගත වෙනකොට දුක් වුනාට මේ සුපිරි වැරදිකරුවන් බන්ධනාගාර ගත වෙන්නේ ඉතාම සිනහමුසු සතුටු පෙනුමෙන්. මොකක්ද මේ වෙනස?

:       0       26

blu Friday, 08 September 2017 07:26 AM

සතුටුයිද දැන්. මහජනයාට සාධාරනය ඉෂ්ට කිරීම ගැන ඔබ සැමට තුති.

:       0       1

nuwan Friday, 08 September 2017 07:47 AM

පිටි ගල මිනිසුන්ගේ මොලේ පිටි වගේ. මේ වීරතුංග මහත්මයා උගතෙක්... මෙහෙම හිරේ වැටෙන්න ඕනෑ කෙනක් නෙමෙයි. අර විල්පත්තු ජාතික සම්පත් විනාශ කරන අයට දඩුවම් නෑ. මිල කල නොහැකි ජාතික සම්පත්, මේවා පුණ්‍ය කර්මයට සිල් රෙදි අරන් කී දෙනෙක් සිල් සමාදම් වෙන්න ඇති ද? වීරතුංග මහත්මයාට නිදහස ලැබේවා!!!

:       9       1

sathyayaa Saturday, 09 September 2017 12:18 AM

තට්ටු මාරු ක්‍රමයට මෙතෙක් රට පාලනය කරපු අය බෙදාගෙන රට කාපු ප්‍රමාණය කොතෙක්ද කිවහොත්, ඒ පව්කාර කාල පරිච්චේද තුල රටෙන් අඩකට වඩා හොරුන්, වංචනිකයින්, බොරු කාරයින් බවට පත්ව තිබෙනවා. කීදෙනෙක් අවංකව ආදායම් බදු ගෙවනවද, කී දෙනෙක් ආනයන භාණ්ඩ වලට නියමිත බද්ද ගෙවනවාද, කී දෙනෙක් හොරෙන් විදුලිය හා ජලය ලබා ගන්නවා ද කියා සංඛ්‍යාලේඛන හදපු කාලයක මා අද කියූ දේ සත්‍යතාවය කාට කාටත් වැටහෙනු ඇත. එදා වගේ අද හිරගෙවල් වලට නියම වන්නේ, මැති ඇමති වරු, ලේකම් වරු, පොලිස්පති වරු වගේ අය. මේ නිසා හිරගෙවල් වල ධාරිතාවය වැඩි කරනු වෙනුවට හිරගෙදර රෝහල් වල ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමක් ගැන බලයට එන ඕනෑම ආණ්ඩුවකට හිතන්න වෙනවා. නමුත් ඒ ප්‍රමාණයට දොස්තරලා අවශ්‍ය නොවන්නේ මේ "සිරකරුවන්" ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවෙන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 753 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 299 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 935 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 315 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 777 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 399 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1908 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1689 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site