මනෝප්‍රිය ගුණසේකර
විදුලි සංදේශ නියාමන කොමිසමේ කෝටි 60ක මුදලක් වැය කර පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බේදා දීමේ චෝදනාවන්ට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ අනූෂ පැල්පිට මහතා වැරදිකරුවන් කරමින් දුන් නියෝගයට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය..
විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන්ට ද`ඩුවම් නියම කළ අවස්ථාවේදීම මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා දැනුම් දුන්නේය.
අදාළ අභියාචනය ඉදිරිපත් කිරීම ස`දහා මෙම නඩු තීන්දුව තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් ඉන්දතිස්ස මහතා නඩු තීන්දුවේ සහතික කරන ලද පිටපතක් තමන්ට අදාළ ගාස්තුවට යටත්ව නිකුත් කරන ලෙස ඉල්ලීමක්ද කළේය.
තීන්දුවේ මුද්‍රණ දෝෂ නිවැරදි කොට හෙට දිනයේදී තීන්දුවේ පිටපතක් නිකුත් කළ හැකි බව දැනුම් දුන් විනිසුරුවරයා ඒ ස`දහා හෙට දිනයේ ඉල්ලීමක් කරන ලෙස දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර "ලිත්" බෙදපු අයට මොකද උනේ හැබෑට ?
චෝදනා මනාව ඔප්පු වී ඇති බැවිනුයි ගරු විනිශ්චයකාර තුමා පවතින නීතිප්‍රකාර තීන්දුවක් ප්‍රකාශයට පත් කරේ. අභියාචනාවක් කරන්නේ තමා නිර්දොශියි කියන්නද?
ඉතා සාධාරණ නඩු තීන්දුවක්. වැරදි කරුවන්ට දඬුවම් ලැබීම මහජනතාව ලද ජයග්‍රහණයක්
අභියාචනයද ඉතා ඉක්මනින් කෙලවර වේවායි පතමි.
ඉතා හොඳ තීන්දුවක්. ඉදිරියට හැමෝටම පාඩමක් මේක.
කෝ කෝ කෝ... පෙළපාලි... පිකටින .....පෝස්ටර් ....
තීන්දුවේ මුද්‍රණ දෝෂ ඇතිවෙනකොට මොන තීන්දුවද ඊළඟට එන්නේ .
අභියාචනා අධිකරණයේ කල් යන්නේ නැහැ
මෙයාලට මේවා කරන්න අණ දීපු අයට හරිනම් අවුරුදු 30 ක් වත් අඩුම තරමේ දඩුවම් දිය යුතුයි .
දැන් සැපද?
ගරු අදිකරණයට අපගේ ප්‍රණාමය. ඔබ තුමන්ලාගේ තීන්දුව අපට අධිකරණය ගැන විස්වාසය නැවත ඇතිකළා. මේ රටේ දුක්විඳින ජනතාවගේ ජීවත්වීමේ අයිතිය නැති කල ඔවූන්ගේ මුදල් හොරා කාපු අනිත් වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න. රටේ ජනතාව ඔබ තුමන්ලා සමගයි.
කෝටි 60 ක් ඡන්දෙට සිල් රෙදි බෙදුව කියල ඔප්පුවෙලා තියෙන්නේ. වාහනයක් ගන්න කෝටි 04 ක් කිව්වම ඒක මේ ගොල්ලන්ට විශාල ප්‍රශ්නයක්. අපිට නම් ඔය දෙකම ලොකු ප්‍රශ්න.
මහින්ද මහත්තටයට මේ ගැන මොනවද හිතෙන්නේ? මේවත් වැරදි නොවෙයිද? මේවා පලි ගැනීම්ද? ඔබතුමා සහ ඔබතුමාගේ ඔය පුත්ත්‍ර රත්නයෙන් පපුවට තට්ටු කරලා බලන්න හරිද වැරදිද කියලා.?
මෙම සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන්ට සිල් රෙදි ගැනීමට පෙලඹවූ සහ අණ දුන් දේශපාලකයන් කවුද? ඔවුන්ට දඬුවම් නැත්ද?
දේශපාලකයන්ගේ හැම තීරණ වලට Yes Sir කියන රජයේ නිලදාරීන්ට හොද පාඩමක්. දක්ෂ නීතිගරුක නිලධාරියෙක්නම් වැරදි දේවල් වලට බැහැ කියල අයින් වෙන්න තිබුනා.
අභියාචනා කරන්නේ , ඔය මිලියන 600 න් සිල් රෙදි බෙදුවෙ නැත්ද මහින්ද ගෙ ෆොටෝ එක ගහල ජනවාරි 8?
අපි ඔබට සදහා ගරුකරමි, විනිසුරුතුමනි. ඔබව මාරු කිරීමට මොවුන් උත්සහකලද ස්වාධීන අධිකරණ පද්දතිය ඊට හරස්විය. මෙන්න මෙයයි අපි යහපාලන රජයකින් බලාපොරොත්තු වන්නේ. ඉදිරියට ඉතිරි නඩුත් මෙම වසරේම අවසන් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා.!
කාලිංග වගේ මොන දක්ෂයෙක්, හයිරන් කාරයෙක් ආවත් නීතියෙන් මේවගේ අයට දෙන දඬුවම තද කරනවා මිස අඩුනොකළ යුතුයි.
නීතියට අනුව, සිල් රෙදි බෙදීම නීති විරොදීනම්, එසේ නීති විරෝදීව බෙදපු දෙය තම සන්තකයේ තබාගැනීමත් නීති විරෝදියි නේද? එය එසේනම්, පොලිසියට සිල් රෙදි ගත්ත අයටත් නඩුදායිද? ඒවා බෙදූ හාමුදුරුවරුත් අත්අඩන්ගුවට ගන්න පුලුවන් නේද?
අභි ආයාචනය තව අවරුදු දෙකක් ඇදුනම විත්තිකරුවෝ නිකම්ම ගොඩ?
සිල්රෙදි බෙදුවේ ජනාදිපතිවරනයට කලින් දවසේ ... පෝය දවසේ. මහින්දගේ ඡන්ද ප්‍රචාරක ලේබල් එකකුත් අමුණලා දැන් කියනවා බෞද්ද කටයුතු වලට විරුද්දකම් කරනවා කියලා.
මහජන මුදලින් වැටුප් ලබන ඉහල නිල දරන රජයේ සේවකයින් කරන්න ඕනේ පවතින රජයෙන් කියන කියන එක කරලා තමනුත් වාසියක් ලබාගැනිම නෙමෙයි. එසේ කිරිම බරපතල වරදක්.
වතුර ඉල්ල්පු මිනිස්සුන්ට වතුර දුන්නේ නැහැ. වකුගඩු රෝගින් පිලිකා රෝගින් මුදල් නැතුව බලන් ඉන්නවා. ඒවා නොකර ඡන්දය ළංවුනාම තමන්ගෙ නම අංකය ගහලා රටේ පොදු මහජන මුදලින් සිල් රෙදි බෙදලා ඒකට බෞද්ධකමක් ගාවන්න හදනවා.
මෙය සිදු කිරීමට උපදෙස් දුන්න අයට නීතිය ක්‍රියත්මක වෙන්නෙ නැත්නම් මෙය කැකිල්ලේ තීන්දුවක් වැනිය.
මේ රටේ නිතිය හැල්ලු වෙලා තියෙන තරම මේකෙන් බලාගන්න පුලුවන්. දැනටම රෝහල් ගතවෙලා. වැරැද්දට දඩුවමක් අධිකරණයෙන් දෙන්නෙ විහිළුවටද. මහජනතාව මේ තරමටට ගොනාට ඇන්දිලාද.
මට තියෙන සතුට කොච්චරද කියනවනම් , මම ඊයේ දවාලට මොකුත් කෑවේ නැහැ
මම රුපවාහිනියේ දැක්කේ මේ දෙන්නම ඉතා වීර ක්‍රියාවක් කලා වගේ සිනහ වෙමින් උසාවියෙන් පිට වෙනවා , සාමාන්‍ය වරදකරුවෙක් බන්දනාගාරගත වෙනකොට දුක් වුනාට මේ සුපිරි වැරදිකරුවන් බන්ධනාගාර ගත වෙන්නේ ඉතාම සිනහමුසු සතුටු පෙනුමෙන්. මොකක්ද මේ වෙනස?
සතුටුයිද දැන්. මහජනයාට සාධාරනය ඉෂ්ට කිරීම ගැන ඔබ සැමට තුති.
පිටි ගල මිනිසුන්ගේ මොලේ පිටි වගේ. මේ වීරතුංග මහත්මයා උගතෙක්... මෙහෙම හිරේ වැටෙන්න ඕනෑ කෙනක් නෙමෙයි. අර විල්පත්තු ජාතික සම්පත් විනාශ කරන අයට දඩුවම් නෑ. මිල කල නොහැකි ජාතික සම්පත්, මේවා පුණ්‍ය කර්මයට සිල් රෙදි අරන් කී දෙනෙක් සිල් සමාදම් වෙන්න ඇති ද? වීරතුංග මහත්මයාට නිදහස ලැබේවා!!!
තට්ටු මාරු ක්‍රමයට මෙතෙක් රට පාලනය කරපු අය බෙදාගෙන රට කාපු ප්‍රමාණය කොතෙක්ද කිවහොත්, ඒ පව්කාර කාල පරිච්චේද තුල රටෙන් අඩකට වඩා හොරුන්, වංචනිකයින්, බොරු කාරයින් බවට පත්ව තිබෙනවා. කීදෙනෙක් අවංකව ආදායම් බදු ගෙවනවද, කී දෙනෙක් ආනයන භාණ්ඩ වලට නියමිත බද්ද ගෙවනවාද, කී දෙනෙක් හොරෙන් විදුලිය හා ජලය ලබා ගන්නවා ද කියා සංඛ්‍යාලේඛන හදපු කාලයක මා අද කියූ දේ සත්‍යතාවය කාට කාටත් වැටහෙනු ඇත. එදා වගේ අද හිරගෙවල් වලට නියම වන්නේ, මැති ඇමති වරු, ලේකම් වරු, පොලිස්පති වරු වගේ අය. මේ නිසා හිරගෙවල් වල ධාරිතාවය වැඩි කරනු වෙනුවට හිරගෙදර රෝහල් වල ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමක් ගැන බලයට එන ඕනෑම ආණ්ඩුවකට හිතන්න වෙනවා. නමුත් ඒ ප්‍රමාණයට දොස්තරලා අවශ්‍ය නොවන්නේ මේ "සිරකරුවන්" ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවෙන නිසා.