ප්‍රේමවතී මනම්පේරි දූෂණය කර ඝාතනය කළ අයත් ඇඹිලිපිටියේ ශිෂ්‍ය ඝාතන සිදු කළ අයත් එල්ලුම් ගස් යැවූ බවත්, නිල ඇඳුමක් ඇඳගත්ත පළියට රණවිරුවකු යැයි කියාගත්ත පළියට වැරදි කරන අය ආරක්ෂා කිරීම ජනතාවට කරන අසාධාරණයක් බවත් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ අද කිරිබත්ගොඩ පැවැති උත්සවයකදී ය.
‘නිල ඇඳුමක් ඇඳගත්ත පළියට, රණවිරුවකු යැයි කියාගත්ත පළියට වැරදි කරන අය ආරක්ෂා කිරීම ජනතාවට කරන අසාධාරණයක්. සෑම දේශපාලනඥයකුම, සෑම රාජ්‍ය නායකයකුම එය තේරුම් ගන්න ඕනෑ.
අතීතයේ ස්ත්‍රී දූෂණ, මිනීමරුම් කළ හමුදාවේ අයට දඬුවම් දුන්නා. එල්ලුම් ගස් යැව්වා. එදා හිටපු රාජ්‍ය නායකයන් ජනතාවගේ පැත්තේ ඉඳගෙන වැරදි කරපු අයට දඬුවම් දුන්නා.
ප්‍රේමවතී මනම්පේරි දූෂණය කර ඝාතනය කළ අයත් ඇඹිලිපිටියේ ශිෂ්‍ය ඝාතන සිදු කළ අයත් එල්ලුම් ගස් යැව්වා. දේශපාලකයන්, රාජ්‍ය නායකයන් සැමවිටම ජනතාවගේ පැත්තේ ඉන්න ඕනෑ.
සමහරු මට දේශද්‍රෝහියා යැයි කියනවා. එසේ කියන කිසි කෙනෙක් එදා යුද්ධය කාලයේ අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන් එහාට යන්න බය වුණා. මේ රටේ මිනිස්සු අදටත් හුස්ම ගන්නේ, නිදහසේ ඉන්නේ අපි යුද්ධය ඉවර කළ නිසයි. ජනමාධ්‍ය අද මේ විදියට නිදහසේ ලියන්නේ ඒ නිසයි. යුද්ධය ඉවර කරපු අපි දේශද්‍රෝහීන් නම් මුළු රටම හොරා කාපු එවුන්, මිනීමරපු, සුදු වෑන් දාලා මිනිස්සු උස්සපු, දූෂණය, වංචා කළ ගෝල බාලයෝ දේශප්‍රේමීන්ද?
මම එදා අණ දුන්නේ ලක්ෂ දෙකක හමුදාවකටයි. ඒ හමුදාවේ හිටපු එක පුද්ගලයෙක් පමණයි ජගත් ජයසූරිය කියන්නේ. ඔහු ප්‍රහාරක මෙහෙයුම්වලට සහභාගී වූ කෙනෙක් නෙමෙයි. මම ලක්ෂ දෙකක හමුදාවකට අණ දෙනකොට ඒකේ ඇතුළේ ජගත් ජයසූරිය වගේ එක්කෙනෙක් ඉඳගෙන මොනවා හරි බියගුලු වැඩ කළා නම් ජනතාව පෙළන වැඩ කළා නම් හමුදාපති ඒකට වගකියන්න ඕනෑ නෑ. හමුදාපති වගකියන්නේ නීත්‍යනුකූලව කරන වැඩවලට පමණයි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරයෙන් වෛරය නොසන්සිදේ.
නිල ඇදුම් නෙතුවහරි අපරාද කරන්න නොහෙක. ඔබගේ මේ ප්‍රකාශය නිවැරදි කරන්න.
ෆොන්සේකා මහත්තයෝ, ඔබගැන තබාගත් බලාපොරොත්තු මෙයින් අවසානය්. කාපු බතේ පහරන්න එපා. 100% ක් ඔප්පු කල නොහැකිදෙට හුමිටි දෙන්න ගිහින් වලිගෙ හිටන් ගොම ගාගත්තා නේද, කාට පොපුලර් වෙන්නද මේවා කතා කරන්නේ ?
උදය ගම්මන්පිල මහතාට කදිම පිළිතුරකි. අද දේශප්‍රේමින් සහ ජාති ප්‍රේමින් කියා ගන්නා අය කව්රු වෙනුවෙන්ද කියා ජනතාවට තේරුම් ගත හැකිය. අද නායකයන් ජනතාවගේ පැත්තේ නොවන බව යහපලනයෙන්ද බොහෝ විට දකින්නට ඇත.
අනේ මන්දා ,එකිනෙකාගෙන් පලි ගන්නා ගමන්ම තමනුත් මඩ නා ගන්නවා ඇරෙන්න වෙන දෙයක් නෑ ඊළඟට බලයට එන්න
පාසල් යන අවදියේ අපගේ ජීවවිද්‍යා ගුරුතුමා සරිරයේ කොටස් හදුන්වාදීමේදී අදොමුකයෙන් සරිරකෘත කිරීම හැර වෙන කිසිවක් කිරීමට නොහැකිබව ස්ථිර වශයෙන්ම අපට කියදුන්නත් දැන් දැන් ඔහු විසින් කියාදුන් සියල්ල අමුලික බොරු බව මෙය හොදම උදාහරණයකි.
නීතිය අංක 1. අපරාධ අපරාධයමයි.
කලදුටුකල වල ඉහගැනීම ලෝකයෙන්ම එකඊ ඉන්නේ, ලංකාවේ තමඊ
පොන්සේකාගේ වෛරය රෙද්ද පල්ලෙන් බේරෙනවා.චන්ද 5000ක් ගන්න බැරි මෙවන් පුද්ගලයෝ දේශපාලනයට අවහම, අවේ කොහොමද?ඉන්නේ කොතනද?කරන්න ඕනේ මොනවද?කියා අවබෝදයක් නැහැ.එනිසා මොහුව ඇතුලට අරගෙන ඇමති කම් දීපු අයට,ජනදිපතිගේ බෂාවෙන් කියනවනම්,"මඩු වලිගෙන් තලන්න ඕනේ"
මේ මැටි මෝලට තේරෙන්නේ නැද්ද මේක එහෙම ප්‍රශනයක් නෙමෙඉ වග. රටින් පිට ඉන්න කොටි හිතවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ හමුදවටි මේ පහර එල්ල කරන්න හදන්නේ. ජගත් ජයසුරිය වරධකරු උනොත් සම්බාදක පනවන්නේ ශ්‍රී ලංකාවට. නැතිව ජගත් ජයසුරියගේ පවුලට නෙමෙඉ. මේක තේරුම් ගන්න බැරි මේ මනිස්සය රට පවල දෙනවා කියන්නේ එකය්. මේකෙන් වෙන්නේ රටම අපකීර්තියට පත් වෙනවා. රට ඇතුලේ ප්‍රශ්න විසදගන්න ඔන්න්න රටේ තියෙන නිතිය අනුව. නැතිව රටින් පිට ඉන්න කොටින්න ඔන්න විදිහට නෙමි. ඊ මේක මේ සරත් ෆොන්සේකාට තේරෙන්නේ නැට්ටේ.
හිටපු පොලිස්පති තුමාටත්, රතුපස්වල වෙඩි තිබ්බ බ්‍රිගේඩියර් වරයාටත් මේ දේම වෙන්න ඔනා
එතකොට කෝටි ගණන් හොර සල්ලි බැණ ලගයි නැන්දම්මා ලගයි තිබ්බ එක අපරාදයක් නෙමේ වෙන්න ඇති
මෙතුමා කියන කතාව ඇත්ත. තිත්ත උනත් ඇත්ත එකයි. සමහර අය යුධ අපරාධ සාධාරණීයකරණය කරන්න හදන්නෙ දෙමල මිනිසුන්ට සිදු උන දෙයක් කියල හිතන නිසා. තමන්ගේ පවුලේ කෙනෙකුට එහෙම දෙයක් උනානම් කොහොමද කියල හිතල බලන්න ටිකක් . එතකොට ඔයාලට මානුසිකත්වය කියන්නේ මොකක්ද කියල තේරෙයි
ඔහු හරි...මේ මනුස්සයට වෙන වැඩේ තමයි , කෙලින් කතා කරන එක .තවමත් බෝම්බ කෑලි අැගේ තියාගෙන ජීවත් මේ මනුසයව හිරේ දාපු අයව වන්දනා මාන කරමින් ...මේ මනුස්සයට අවමන් කරන ජාතියක් කවදාවත් නැගිටින්නේ නැහැ . හොඳට බලන්න මෙයාට විරුද්දව සාක්ෂි දීපු අය . එක්කෙනෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දු .
කට නිසාලු මාළුවා නහින්නෙත්. එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ මේවට තමයි. ආප්ප නියායට නියමෙට ගැලපෙනවා.
යුනිෆෝර්ම් දරන්නෙත් මනුෂ්‍යයෝ. සිරකරුවොත් මනුෂ්‍යයෝ කියල වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයේ ලියල තිබුනට ඔවුන් විසින් කරන ලද වැරදි වලට තමයි ඔවුන් හිරේ ලගින්නේ. ඔබ විසින් නොකරන ලද වැරදි වලට ඔබව හිරේ දැම්මේ බල තන්හාවෙන් පෙළුන පවුලක්. නමුත් ජනතාව ඔබ සමග හිටියා. කිසිදා හිරේ නොයන මුක්තියකට හිමිකම් කියන අපරාධ කරුවන්ගේ ආශීර්වාදය මැද කෙසේ ඔබ අද දවසේ යුක්තියක් ගැන දොඩන්නේද? ඔබ ඔබට සිදුවූ අසාධාරණය පිලිබඳ පීඩා කාරී සිතුවිල්ලෙන් ප්‍රශ්න දෙස බලනවා. එහෙත් ඔබ රැකවරණ ලබන දේශපාලන පක්ෂයේ මිනිස්සුත් යුක්තිය හා සාධාරණත්වය ඉදිරියේ නිරුවත් වී සිටින බව ඔබට නොපෙනීම කනගාටුවට කරුණක්.
නිල ඇදුම ඇන්ඳත් අත්මරක්සවට වෙඩි තියන්න පුළුවන් බව නොදැන්නව්
තමන්ගේ අඩුකම ලෝකෙට පෙන්නනේ නැතුව වැදගත් විදියට ඉන්න. අපේම මිනිස්සුන්ට වෛර කරන්න එපා.
මේ වගේ අය හිටියාම ඇති ශ්‍රී ලංකාවට ආයේ හතුරන් පිටින් උවමනා නැහැ.
වෛරයේ උපත මෙයා.
එතුමාගේ ප්‍රකාශය යුක්ති සහගතයි. සාධාරණයි. හමුදා නිල ඇඳුම් ඇඳගන හිටපු පලියට කරපු අපරාධ තියනවනම් ඒවාට දඬුවම් නොදී බැහැ.මේ හුඟක් උන්නැහේලා බයිලා ගහන්නේ තම තමන්ගේ පටු දෘෂ්ටි කෝණයකින් බලලා වගෙයි.
යුද්දය ඉවරවෙලා අවුරුදු 8 පස්සේ NGO වලින් නඩු දම්මමද මෙයාට මතක් වුනේ යුද අපරාද ගැන..මොහු රට වෙනුවෙන් සේවයක් කල බව ඇත්ත..එත් මේ කරන්නේ වෛරයෙන් එකිනෙකාගෙන් පාලි ගැනීමක්.යුද හමුදාපති දුරය දරන ගමන් ජ.වී.පෙ සමග ජනදිපතිවරණයට ඉධිරිපත් වෙන්න සාකච්චා කල බව මෙතුමා පිලි ගත්ත නේද..ඒවාත් වැරදි නේද
මෙයාව රටෙන් පුටුවහල් කලයුතුයි,නුගේගොඩ සහ දුම්රිය ඇතුලේ බෝම්බවලින් මාරුව මිනිස්සු කවුද ඇල්ලුවේ.
නීත්‍යනුකූලව යුද කල හැකි රටක් මේ ලෝකයේ නැහැ පුද්ගලික ප්‍රශ්න මුල් කරගෙන පාවාදීම් කරන්න ඔබට අය්තියක් නැහැ මේ ගැන අම්බලන්ගොඩ උපන් කෙනෙකුට අමුතුවෙන් කියා දිය යුතු නැහැ එය දේශප්‍රේමී්න් ඉන්න ප්‍රදේශයක් . මේ ප්‍රශ්නයෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ කොටින්ට බව ඔබට තේරෙන්නේ නැති නම් ඔබ සිංහලයකු නොවේ බහුතර ජනතාව එය දනී ඔබ කරන ලද සේවය ඔබ විසින්ම අවමානයට ලක් කරගෙන ඇත
. දෘෂ්ටිකෝණය හකුලා ගෙන අපි නම් කොටි බෝම්බ නිසා හිටියේ ඇඳන් යට බස් වල ගියේ නැහැ යුද්ද කලේ ෆොන්සේකා තනිව නොවේ යුද කල විරුවන් මරුන අපි මෙහෙ බයිලා ගහනවා අපි උඩ බලාගෙන කෙල ගහනවා පාවා දෙනවා අපි සිංහල නිසා
හිරේ දාපු එක වැරදි ජනතාව කියන්නේ නැහැ ඒක හරි කියල උතුරු දකුණු ජනතාව ඒකට දඬුවම් දුන්න උන්ට සදහටම, දැන් ඒක හිරේ දාපු උන් එක්ක බලගනිව් අපේ රට කොටි හිතවාදීන්ට පාවා නොදෙව් නොදෙව් .......
රට වෙනුවෙන් විශිෂ්ඪ සේවයක් කරපු සරත් පොන්සේකාම තමයි, සුදුකොඩි කතාව හරහා ලෝකයා ඉදිරියේ රට පාවාදුන්නේත්, එ් නිසාම මානව හිමිකමි කොමිසමේ දැඩි පීඩනය ලංකාවට එල්ල වුනේත්.
නිල ඇඳුම් දාගත්ත අය අනුන්ගේ ගෙවල්වල ඉන්න වැඩකරන කාන්තාවන්ව දුෂණය කිරීමත් එහෙනම් වරදක් නේද. ඒවටත් හිරේ දාමු.
පොන්සේකාට ලැබෙන වරදානවලට ඕනෑම පහත් නිවට නියාලු දෙයක් වුවත් කරනවා,රට පාවා දී හෝ රණවිරුවා පාවා දී තමන්ගේ මඩිය තර කර ගන්නවා.මොහුට ඩොලර් කුට්ටි ලැබෙනවා,මේ වගේ අයෙක් වෙනුවෙන් කතා කරන්නවුන් එදා කොටින් වෙනුවෙන් රට පාවා දුන් එවුන් බව දැන ගත යුතුය,
මේවගේ පහත් ගතිගුණ තියෙන මිනිසුන්ට මොනවටද ""වෙල්විදානේ"' කමක් දුන්නේ. මිනිහ සැරසෙන්නේ ,අපේ කුඹුරට මෙච්චරකල් දුන්නු වතුර ටිකත් නතරකරන්න .. එන්.ජි .ඔ සහ ඩොලර් කාක්කන් එකතුවී අපේ රට නැවතත් අවුල් ජාලයක් කරන්න හදන්නේ , මෙතුමාට ඒ දේ තේරුම් නොයන්නේ මන්ද ? මේ වෙල්විදානෙගේ අවුල්වූ මනස ඉක්මනින් සුවපත් වේවා ..වෛරය දුරුවේවා..
ෆොන්සේකා හමුදාපති කාලෙ මෙවැනි වැරදි උනා නං ඔහු බම්බු ගහ ගහ ඉන්නෙ ඇති කියල දැන් හිතෙන්නෙ
බම්බුව තමා මහිදයගෙන් ඉල්ලගෙන කාල දැන් රට පවා දෙන්න හදනවා
දැන් කියන්න මේ සෑම දෙනාම සරත් ෆොන්සේකා මහතාට දොස් කියන්නේ මේ ප්‍රකාශය කරන්න ඔහුට සිදු උනේ ඇයි කියල විජේසුරිය මහතා යුධ අදිකරණයට ගේන්න සුදානම් කියන පුවතින් පසු ෆොන්සේකා මහතා කිසිවක් ප්‍රකාස කලද නැ නමුත් විජේසුරිය මහතා ලංකාවට ඇවිත් කල ප්‍රකාශය තුලින් කෙලින්ම වරද පැටෙවුවේ කාටද? ෆොන්සේකාට නෙවේද? එක හරිද? එක නිසා නෙවේද ෆොන්සේකා උත්තර දුන්නේ .ෆොන්සේකා කියනවා විජේසුරිය වන්නි භාර නිලදාරිය හැටියට සෙබළුන්ට කිසිම අණ දීමක් කලේ නැ කියල විජේසුරියත් පිලිගන්නවා ඒක ඇත්ත කියල අහෙනම් ඔහු කල යුද්ධයක් තියනවද? රැක ගන්න කොහෙද කීර්ති නාමයක් යුනිපොර්ම් එක ගහල සේවකාලයට අනුව නිලතල ලැබුනට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනෙකුන් පාවාදුන්නේ මොහු බව හොදටම පැහැදිලී ෆොන්සේකා එදා හිරගත කරන්න මහිදට සහය දුන්නේද මොහු බව රටම හොදින්දන්නා බව මතක තබා ගන්න හොදින් බලන්න පහත පුවත් දෙක * වන්නි මෙහෙයුමට අණ දුන්නේ ෆොන්සේකා - ජගත් ජයසූරිය 2017 සැප්තැම්බර් මස 01 ප.ව. 06:47 ලංකාදීප * ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙනවා - ෆොන්සේකා 2017 සැප්තැම්බර් මස 01 ප.ව. 07:31 ලංකාදීප කවුරුන්ද වරද කලේ තීරණය ඔබට බාරයි කතෘ තුමනි කරුණාකර මෙය පලකරන්න
SF කියන කතාව හරියටම හරි. එක එක දේශපාලකයට ඕන විදියට නීතියට අර්ථකතන දෙන්න බෑ. කවුරු කලත් වැරැද්ද වැරද්දමයි.
ඔබ මහා පාවාදෙන්නෙකි. ජනක පෙරේරාගෙන් හිස් වුන තැනට ඔබට පැමිණීමට හැකිවුනා මිසක්, එතුමාව ඝාතනය නොවුනා නම් ඔබ කවමදාවත් හමුදාපති කෙනෙක් වෙන්නේ නැහැ. එහෙම වුනානම් ඔබ විසින් කන්කෙදිරිගා ඉල්ලාගත් ඔය ෆීල්ඩ් මාර්ෂල් පට්ටමත් නැහැ.මොනතරම් වැඩකාරයෙක් වුනත් ඔහු " පාවා දෙන්නෙක් " නම් ඔහු නිකම්ම නිකම් නිකමෙක් විතරයි.
බලවතා ඉදිරියේ හැමදේටම "යස් සර් " කියනා කොන්ද පණනැති පෙන්දෝ රජකරනා ලෝකයේ ..., ඔබවැනි නිර්භීතව සාධාරණය වෙනුවෙන් රටේ ඉහලම ලොක්කට වුනත් අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කියන්න හැකිවීම ගැන, අපිට ආඩම්බරයි මැතිඳුනි. මහරජා කිව්වා කියලා, වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැනේ.
එතකොට අරයා විපත වෙන්න එති
නිල ඇදුම් ඇන්දට හෝ නො ඇන්දට යුද්දයකදී යුධ නීතියට පිටින් අපරාධයක් කරලා තියේනම් ඒවා යුධ අපරාධ , එක්සත් ජාතීන්ගේ සම්මුතිවලට අත්සන්කරලා තියන ඕනෑම සාමාජික රටක එවැනි දෙයක් සිදුවුනොත් ඒ ගැන නීතියෙන් ක්‍රියාකරන ක්‍රමවේදයක් තියනවා . නමුත් මේක ත්‍රස්තවාදීන්ට අදාළ නැහැ මොකද ඔවුන් එහි සාමාජිකයෝ නොවන නිසා , මේ ප්‍රශ්නය රජ්‍යතන්ත්රිකව විසදන්න ඕන බුද්දියෙන් , මෙහි අදහස් පලකරන ඇතැම් අය සාපෙළ දක්වාවත් පාසල් හෝ නොගිය බව පෙන්නුම්කරනවා
නිල ඇදුම් ඇන්දට හෝ නො ඇන්දට යුද්දයකදී යුධ නීතියට පිටින් අපරාධයක් කරලා තියේනම් ඒවා යුධ අපරාධ , එක්සත් ජාතීන්ගේ සම්මුතිවලට අත්සන්කරලා තියන ඕනෑම සාමාජික රටක එවැනි දෙයක් සිදුවුනොත් ඒ ගැන නීතියෙන් ක්‍රියාකරන ක්‍රමවේදයක් තියනවා . නමුත් මේක ත්‍රස්තවාදීන්ට අදාළ නැහැ මොකද ඔවුන් එහි සාමාජිකයෝ නොවන නිසා , මේ ප්‍රශ්නය රජ්‍යතන්ත්රිකව විසදන්න ඕන බුද්දියෙන් , මෙහි අදහස් පලකරන ඇතැම් අය සාපෙළ දක්වාවත් පාසල් හෝ නොගිය බව පෙන්නුම්කරනවා