(විනීතා එම් ගමගේ)
අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයක දී ඊට සහභාගි වූ අයට පිළුණු වූ ආහාර ලබාදීමේ සිද්ධියක් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස මහතාගේ නියෝග මත විමර්ශනයක් අරඹා ඇත.
මෙම අවස්ථාවේ පත්වීම් ලිපි ලබා ගැනීම සඳහා 3000 කට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර ඔවුන්ගේ ඥාතින්ද උත්සවයට සහභාගි වී ඇත.
මේ අනුව උත්සවයට සහභාගි වූ පිරිස 5000 ක් පමණ වූ බවත් ඔවුන් සඳහා දිවා ආහාරය පෞද්ගලික සමාගමක් වෙතින් ගෙන්වා තිබු බවත් පැවැසේ.
දිවා ආහාර ලබා ගන්නා වේලාව වන විට එම ආහාර පාර්සල් සියල්ල පිළුණු වී තිබී ඇති අතර මේ සම්බන්ධව ක‍්‍රීයාත්මක වූ අමාත්‍යංශය ආහාර ඇණවුමේ ගෙවීම් සියල්ල අත් හිටවූ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධ පරික්ෂණ පවත්වා තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතනින් තම්යි රටම පිලුණු කරන්නෙත්, ගද ගස්සවන්නෙත්. මහ බැංකුව දින 100 තුළ කොල්ල කාපු අයව ඉතාම විස්වාසයි කියපු පිරිස ඉන්නේ ඔතන.
මොනවටද මේ පත්වීම් ලිපි දෙන්න දේශපාලකයින්ගේ කාර්යාලවලට ගෙන්නවන්නේ. ඕන නැති වැඩ මේවා. මේ වියදම් කරන්නේ මහජන මුදල් නේද? අපි පත්වීම් ගන්නකොට පත්වීම් ලිපිය නම්බුකාර විදිහට තැපැල් බෙදාහරින මහතා අතටම ගෙනවිත් දුන්න.
ඒ කාළේ කිව්වේ ජනාධිපති අරමුදලෙන්/අමාත්‍යංශවලින් දානෙ දෙනවා කියල...
නීතිය අනුව සමාගමට දඩුවම් කරන්න.
පත්වීම් ලිපි ප‍්‍රදානය කරන්න උත්සව මොකටද? අරලියගහ මන්දිරයට ගෙන්නන්නේ මොකටද? 5000 ක් පමණ කට්ටියකට අාහාර දෙන්නේ මොකටද? මේවා දැන්වත් නවතන්නේ නැත්තේ මොකද?
ඔන්න මහා ලොකුවට ප්‍රමිතිය දන්නවා කියන ඇමතිතුමාගේ අමාත්‍යංශයේ වැඩ. ඉතින් මේ වගේ ඇමතිකෙනෙක් යටතේ තියෙන සෞඛ්‍ය එක්ක මේ රටේ සාමන්‍ය මිනිස්සු මේ තරමින් හරි ජිවත් වෙලා ඉන්න එක වාසනාවක්.
ආප්ප නෙවයිනේ..........කෝ අරය ගැන මොකුත්ම කියල නැහැ නේ.
කියක් වියදම් කළාද දන්නේ නැහැ. එකක් රුපියල් 800 උනොත් සම්පුර්ණ මුදල 4,000000.
මහජන මුදල් වලින් හෝ පෞද්ගලික මුදල් වලින් ගෙනෙන ලද අහාර එසේ පිලුනුවී ඇත්නම් එයට සම්බන්ධ වුණු සියලු දෙනා හට දැඩි දඩුවම් දියයුතුය. මෙයත් බරපතල පාපකර්මයකි. මෙය කිසිවකුහට සුදු හුණු ගැමකට උත්සහයක් නොව.
මොනව කිව්වත්...අපි දෙගොල්ලම ගෙදරට ගෙන්නගෙන හරි ආගන්තුක සත්කාරය කරන්න ආසයි.
දත් රාජිත කරන හැම වැඩක්ම පිළුණු ගද ගහන ඒවා තමි ජාතියම ගදගස්වල තියෙන්නේ දත් රාජිත ,,,සීනිගම දෙවියෝ මොහුව පලව හරීවි
ඕක කරපු ඇමතිත් පිලුන් වෙච්ච කෙනෙක් නේ
ඉස්සර අරලිගහ මැදුරේ දන්සැල් දෙනවා කියා කියා චන්ද ගත්තු අය දෙන හිරිකිතයක් නැතුව 5000ක් දෙනා මැදුරට ගෙන්වන්නේ කෙසේද? මෙවැනි උත්සව ඇයි BMICH වැනි තැන්වල නොපවත්වන්නේ.
කරන හැම දෙයක්ම හත්පොලේ ගාගන්නවා. පොඩි දෙයක්වත් කලොත් හත්පොලේ ගෑවෙනවා. රටටම විහිලු සපයන කෝලම් මඩුවක් වෙලා. රටකට ජාතියකට ගිය කලක්. එකම එක දෙයක් හරියට කළා කියල ඇහුනද පසුගිය අවුරුදු දෙක හමාරට. තුහ්.... නොදකින්.
මම හිතන්නේ එක කාගෙහරි අත්වැරැද්දක් .
දැන් ඔතන කොහොමත් ඉන්නේ පිලුණු වුණු අයනේ.
සුදුසුකම් සපුරල පත්වීම් ලැබුණානම් ගෙදරට ලිපිය යැව්වා නම් ඉවරනේ. පත්වීම් ලිපි දෙන්නේ මොකටද අරලියගහ මන්දිරයේ. බත් පැකට් ගන්න මුදල් වෙන් කරන්න නියෝග දුන්නේ කව්ද? එකටත් යන්නේ ජනතාවගේ සල්ලි.
අන්න ඒකට ඒ කාලේ අඩියකුත් ගහල චිකන් එක්ක බුරියානි කාල පසු දා වැඩටත් එනවා....
කවදත් ඔහොම තමා. අප්පච්චි ඉන්නකොට මගේ භාර්‍යාවට ගුරු පත්වීමකට ආරාධනය කර, පිළුණු බත් පැකට් බෙදා දී තිබුණා. එවක නම් මෙවන් ප්‍රවෘත්තියක් වත් දකින්න ලැබුණේ නැහැ. මෙවර බස්නාහිර පළාත් ගුරු පත්වීම් ලබාදීම ගැන දැනටමත් ආරංචි තිබෙනවා. ඇමතිගෙන් ලිපියක් ලබා ගන්න එක් දවසකුත්, පළත් කාර්‍යාලයේ තව දවසකුත්, කලාප කාර්‍යාලයේ අදාළ නිලධාරීන් සිටියදී හරවා යැවූ තව දිනයකුත් ලෙස වටිනා දින තුනක් දැනටමත් නාස්තිකර ඇත. රැකියාවට තෝරාගත්තේනම් එක් වරම පත්වීම් දීමට නොහැකි තරම් අප නිළධාරීන් අසමත්ද??
මේ කෝලම් තියරිය දැන්වත් නතර කරන්න. උගත් දරුවෝ දේශපාලකයා ඉදිරියේ අසරණ කරන්න එපා. ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න.