IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


බත්තරමුල්ලේ රාජ්‍ය ආයතන උදේ 7.30 සිට වැඩ

විනීතා එම් ගමගේ
 
අගනුවර හා ජනාකීර්න පෙදෙස්වල උදෑසන පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස රජයේ සේවකයන් සඳහා නම්‍යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලබන 18 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.  


රජයේ කාර්යාල රැසක් පිහිටි බත්තරමුල්ල ආශ්‍රිතව මුලින්ම ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ උදෑසන 7.30 සිට 9.15 දක්වා  ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමට රජයේ සේවකයන්ට ඉඩ සැළසෙන බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි. 


එමෙන්ම ඔවුන් පැමිණි වේලාව අනුව නියමිත සේවා පැය ගණන නිමාකොට පස්වරුවේ 3.15 සිට 5.30 දක්වා කාලය තුළ නික්ම යා හැකියි වේ. 


කෙසේ නමුත් සියලුම සේවකයන් පෙරවරු 9.15 සිට 3.15 දක්වා අනිවාර්යයෙන් කාර්යාලයේ රැඳී සිටිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.



අදහස් (28)

බත්තරමුල්ලේ රාජ්‍ය ආයතන උදේ 7.30 සිට වැඩ

raveendra Friday, 08 September 2017 01:27 PM

හොඳ අදහසක්... රජයේ නිලධාරීන් මේ හා සමගාමිව අවංකව සේවය කරන්නේ නම් මෙම වෙනස් වීමෙන් සැමට හොඳ ප්‍රතිඵල ලඟාකරගත හැක.

:       12       217

බුජං මහතා Friday, 08 September 2017 01:29 PM

අපි නම් හදවතින්ම එකඟයි... බරක් අඩුකලා වගේ... මොකද අපේ රටේ ගමනාගමනය?

:       5       163

Manaka Friday, 08 September 2017 01:57 PM

මේක තකතීරු වැඩක්. 7.30 ගියාම කියයි ඒ මිස් එන්නේ 9.30ට කියලා. එතකොට 4.30 ගියාම කියයි එ් මිස් දැන් ගියානේ 3.30ට කියලා. අන්තිමේ වෙන්නේ, අන්තිමට වුනේ රජයේ සේවය පැය 6ට සීමා වුණ එකයි.

:       361       772

Ruchi Friday, 08 September 2017 02:50 PM

මෝඩ අදහසක්. මෙයාල කස්ටමර් ගැන හිතන්නේ නැහැ. සේවකයා ගැන විතරයි හිතන්නේ. එතකොට වැඩ කරගන්න මිනිස්සු එන්න ඕනේ කීයටද? කෑම සඳහා පැයක් ගියහම පැය 5 ක් විතර මහජනතාවට වැඩක් කරගන්න ලැබෙන්නේ. මේක පනින රිලුන්ට ඉනිමන් තියනවා වගේ වැඩක්. රාජ්‍ය සේවයට අනිච්චාවත සංකාරා!

:       13       541

SampathFriday, 08 September 2017 04:28 PM

තව උදේට සහ හවසට තේ වෙලාව එතනටත් තව පැයක් යනවා එතකොට ඉතුරු වෙන්නේ පැය 4යි.

:       9       191

බද්රානි Friday, 08 September 2017 03:35 PM

කට්ටිය එකතුවෙලා උදේ 9.15 ට වැඩ පටන් අරගෙන 3.15 ට වැඩ නිම කරලා ගෙදර යන්න හදන මගඩියක් වගෙයි අපිට නම් පෙනෙන්නේ...අනේ, අපි නොදන්නවාද මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ කෙරුවාව? රජයේ කාර්යාලයක වැඩක් කරගන්න ගියාම තේරෙනවා කට්ටියගේ අවංකකම දෝරේ ගලනවා. "පනින රිළවුන්ට ඉනිමන් බඳිනවා" වෙනුවට, මේ පවතින ක්‍රමය කොයි කාටත් හොඳයි.. (තමන්ගේ හෘද සාක්ෂියට එකඟව රාජකාරි කරන මහත්ම, මහත්මීන් සියළු දෙනා මට කමා වෙත්වා !)

:       6       148

minipe Friday, 08 September 2017 03:41 PM

මොන වෙලාවට ඇරියත්, වැහවුවත්, රටේ රාජ්‍ය සේවා ආයතන වැඩියි. වටිනාකමින් වැඩි, දේපල ඇති ප්‍රදේශ වලින් මේ රාජ්‍ය ආයතන, වෙනත් ප්‍රදේශ වලට ගෙන යන්න ක්‍රමයක් සොයා බැලිය යුතුයි.

:       4       63

wije Friday, 08 September 2017 04:08 PM

එතකොට මේ රටේ සාමාන්‍ය මනුස්සයෙක් බත්තරමුල්ලේ රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න යනවානම් යන්න ඕනේ කීයටද දන්නා කෙනෙක් ඉන්නවානම් මට පොඩ්ඩක් කියන්නකෝ.

:       150       268

himal Friday, 08 September 2017 04:21 PM

නම්‍ය කාල වෙලාවන් ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයට භාවිතා කරනවා. මෙතනදී ආයතන ප්‍රධානියා දැන ගන්න ඕන මොන ආකාරයටද සේවකයින් කාල වේලා තීරණය කරන්නේ කියලා. එහෙම නැතුව එක එක වෙලාවට එන්න දීමක් නෙවෙයි මේක. අනික නියමු ව්‍යාපෘතියක් කරද්දි පවා තේ කෝප්පේ කිඹුල්ලු දකින උන්දැලා අදාළම නෑ.

:       12       12

raveendraSaturday, 09 September 2017 02:27 AM

හිමල් මයා වෙත, ඔබ නිවරදිලෙස මෙම අදහ විශ්ලේෂණය කිරීමට ගත උත්සාහය අප අගය කරන්නෙමු. අප ජිවත්වන වටපිටාවේද මෙය හොදින් ක්‍රියාත්මකවේ.කෙසේවෙතත් කාලය මොන විදියට වෙනස්කලත් අප මවුබිමේ වැඩිපුර සිටින්නේ "වංක " රජයේ නිලදාරීන් බැවින් ඔවුනට මෙය " මිහරකාට අදුකොළ " වැනිය. අප තවමත් දියුණුවෙමින් පවතින රටක් වන්නේ මෙවැනි නිලධාරීන් සිටින බැවිනි. මෙය රටේ මුල් පුරවැසියාගේ සිට පහලට සිටින පුරවැසිය දක්වා සිදුවන නිහින ක්‍රියාවලියකි.

:       16       57

පාලිත Friday, 08 September 2017 04:23 PM

මෙම ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ මෙය නියමු ව්‍යාපෘතියක් බවයි. හොඳ දේට හොඳයි කියන්නත් වැරදි දේට ඇයි වැරදි කියන්නත් අපි හුරුවෙන්න අවශ්‍යයි. හොඳයි කියන්නත් නරකයි කියන්නත් මම ඉක්මන් වැඩිදෝ යැයි සිතමි.

:       33       33

Samarak Friday, 08 September 2017 04:32 PM

තවත් ගොන් වැඩක්

:       14       30

සමන් Friday, 08 September 2017 04:42 PM

පනින රිළවුන්ට ඉනිමං බැන්දා වාගේ.... දුවන සුනඛයාට පොල් බෑවෙන් ගෑහුවා වාගේ වැඩක්...

:       23       29

Amal Friday, 08 September 2017 05:32 PM

මේ විස්තරය අනුව හිතන්න පුළුවන් 7.30 ට ආවොත් 3.15 ට යන්න පුලුවන් තව දවසක 8.00 ට ආවොත් 3.45 යන්න පුළුවන් කියලා. එහෙම බැහැ.... එවලා තිබෙන චක්‍රලේඛනය බලන්න. ඒකේ තියෙන්නේ අප එන වේලාව කලින් දැනුම් දී එකඟතාවයකට පැමිණිය යුතු බවයි. මේ දවස්වල බත්තරමුල්ල අවට තිබෙන මාර්ග තදබදය එක්ක අපිට එන්න වේලාව හරියටම කියන්න බැහැ. මොකද පොදු ප්‍රවාහන සේවා වලින් එන අයට හරියටම එන වේලාව කියන්න බැහැ. දුම්රිය හා බස්වල වේලාව වෙනස් කරලත් නැහැනේ. මේ චක්‍රලේඛනය අනුව වාසියක් වෙන්නේ බත්තරමුල්ල අවට පදිංචි සේවකයින්ට පමණයි.

:       0       0

Anton Austria Friday, 08 September 2017 05:53 PM

උඩ ලියපු අය වෙතයි... බද්රානි, සම්පත්, රුචි වෙත, ඔතන කොහෙවත් ලියලා නැහැ පැය 5 ට 6 ට සිමාවෙනවා කියලා. කියවලා දෙවරක් ඔලුවට ගත්තා නම් හොඳයි. හැබැයි මානක නම් කිව්වා හරි මේක තකතීරු වැඩක්. 7.30 ගියාම කියයි ඒ මිස් එන්නේ 9.30ට කියලා. එතකොට 4.30 ගියාම කියයි එ් මිස් දැන් ගියානේ 3.30ට කියලා. .

:       0       0

amila Saturday, 09 September 2017 12:36 AM

දැනටත් සමහර ඔය කියන තැනේ ඉන්නන සමහර බවලත්තු මෙහෙම තමා වැඩට එන්නේ. ආයෙ ඒ ගොල්ලන්ට අමුතු දෙයක් නෙමෙයි.

:       0       1

dammika Saturday, 09 September 2017 12:45 AM

දැනටත් නිකන් බොහෝඅය ඉන්නේ. මේ කරන්නේ නිතියෙන්ම නිකන් ඉදලා පඩි ගන්න වැඩක්.

:       0       1

abaran Saturday, 09 September 2017 01:16 AM

වේලාවන් දෙකක් මොකටද? 7.30 නම් 7.30......පැය දෙකකට කිට්ටු කාල පරාසයක වාසියක් නිසා රටට තමයි අවාසිය. හැම විටම ජනතාව ගැන සිතන්න. අතීසාරයට අමුඩ ගැහීමෙන් පලක් නැත.

:       0       1

abaran Saturday, 09 September 2017 01:21 AM

මෙහිදී ආයතන ප්‍රධානියාගේ පැමිණීමේ වෙලාව 7.30 සහ පිටවීමේ වෙලාව 5.30 අනිවාර්ය කල යුතුමයි.ඒ කැප කිරීම කල නොහැකිනම් මේ ක්‍රමයෙන් පලක් නැත.අපි නොදන්නා රජයේ සේවකයෝ....

:       0       39

perakumSaturday, 09 September 2017 05:33 AM

අනේ අබරන් ආයතන ප්‍රධානියාට මේ කොන්දේසිය දැම්ම ගමන් වැඩේ හබක්...! අපි නොදන්න ආයතන ප්‍රධානියෝ...!

:       0       8

kanthi Saturday, 09 September 2017 01:56 AM

අපොයි, වැඩ නම් කරන මිනිස්සු. කීයට ආවත් එකයි.

:       0       0

Ravi Saturday, 09 September 2017 02:31 AM

දැන් ඉතින් කොයි වෙලාවට ගියත් අර කට්ටිය තවම වැඩට ඇවිල්ල නැහැ. එහෙම නැතිනම් වැඩ ඇරිලා ගිහින්.

:       0       0

මම1 Saturday, 09 September 2017 03:24 AM

. මේකෙන් වෙන්නේ ප්‍රවාහන පහසුකම්, සේවකයින් ගේ පෞද්ගලික වැඩ වල කාල සටහන්, වලට පහසුවක් වෙනවා වගේම කාර්යාල වැඩි වේලාවක් විවෘතව තිබීම. දැන් සේවකයන් 20 ක් උදේ 8.30 සිට 4.30 වෙනකන් ඉන්නවනම් මේකෙන් වෙන්නේ සේවක්යින් 10 ක් 7.30 සිටත් 20 ක් 3.15 වෙනකනුත් 10 ක් 5.30 වෙනකනුත් සිටීම. මෙයින් සේවය සැපයිය හැකි කාලය උදේ පැයකිනුයි හවස පැයකනුයි දික් වෙනවා. රොස්ටර් ක්‍රමයට සේවකයින්ට සුමානයක් හැර සුමානයක් දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ලැබෙනවා. මෙය සේවකයින්ට, මහජනයාට, ප්‍රවාහන පහසුකම් වලට වගේ හැම පැත්තෙන්ම හොඳ ක්‍රමයක්. මතක තියා ගන්න සංවර්ධනය කියන්නේ සිමෙන්ති වලින් කරන දේවල් විතරක් නෙවෙයි.

:       0       96

raveendraSaturday, 09 September 2017 05:24 AM

මම1 මයවෙත, දැනට දකින්නට තිබෙන අදහස්වලින් ඉතා සාර්ථක අදහසක් ඔබවිසින් ඉදිරිපත් කිරීම ගැන අප සතුටුවන්නෙමු. අප විස්වාස කරනවා මෙය තමා වියයුත්තේ. මගේ මුල්ම අදහසේ ගැබ්වන්නේත් මෙයමය.නමුත් අප රටේ වංක පුද්ගලයන් වැඩිපුරම සිටින බැවින් මෙය සාර්ථක කරගැනීමට ලෙහෙසි පහසු නොවනු ඇත. නැවතත් සදහන් කරන්නේ අප අවුරුදු 60ක් 70ක් කාලයක සිට ( තවමත් ) සංවර්ධනයවන රටක් වන්නේ ලක්මවගේ දුදරුවෝ වැඩිදෙනෙකු "වංක " පුරවැසියන්විමය. මෙය මුල් පුරවැසියාගේ සිට සෑම පුරවැසියකුටම අදාලවේ.

:       1       13

rohana Saturday, 09 September 2017 04:04 AM

ඔය ඉතින් වැඩ කරන පැය 8 වැඩ කරගන්නේ නැතුව ඉන්න වැඩක් තමයි.රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න නෙවෙයි 50% කපන්න ඕන.මම අහනවා රටේ ජනතාවගෙන් කාටද පුළුවන් එක දවසකින් රජයේ ආයතනයකින් වැඩක් කරගන්න පුලුවන්ද? උන් අපිව රස්තියාදු කරලා කරලා එපා වුනාම තමයි වැඩේ කරන්නේ මගේ අදහස සියලුම රජයේ ආයතන පුද්ගලික කල යුතුයි.

:       0       50

මොහමදි Saturday, 09 September 2017 06:01 AM

සියළුම අයගේ දැනගැනිම සඳහා ය.. මහත්වරුණි... කොළඹ සේවය කරණ රාජ්‍ය සේවකයන් වැඩි පිරිසක් රාජකාරි සඳහා පැමිණෙන්නේ නෑ. විශේෂයෙන් අප ඔවුන් ගැන අවධානය යොමු කළයුතුයි නේද? කුරුණෑගල, මහව, අනුරාධපුරය වැනි ප්‍රදේශවල සිට රාත්‍රි 2, 3 ඇහැරගෙන. වැඩිහිටි අය කොපමණ පිරිසක් එනවාද? එබැවින් අප මෙම ප්‍රශ්නය ඉතා ගැඹුරින් නිරික්ෂණය කළ යුතුව ඇත.

:       0       0

ajith Saturday, 09 September 2017 06:31 AM

ඔය තියෙන්නේ, මොනවා කලත් වැරදියි කියන අර කට්ටියට මෙහෙයවන්න තවත් උද්ඝෝෂණයකට හොඳ නිමිත්තක්....

:       0       0

Nuwan Saturday, 09 September 2017 07:37 AM

රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවය මනින ක්‍රමයක්... පෞද්ගලික ආයතනවල වගේ ඇතිකරන එකයි මුලින්ම කරන්න ඕනෑ. ඊට පස්සේ මේ වගේ හොඳ තීරණ ගන්න පුළුවන්... එවිට වැඩකරන කාලයට සමානුපාතිකව කොච්චර වැඩ කළාද කියලා බලන්න පුළුවන්... බදු ගෙවන ජනතාවට සාධාරණයක් වෙනවද බලන්න පුළුවන්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 335 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 220 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 966 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 444 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 2046 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 4230 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 550 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 147 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1165 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site