(ශාන්ත රත්නායක)
සිල් සමාදන් වන බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි ලබා දිය යුතු බවට ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ජයන්ති මහොත්සවය සදහා පත් කළ රාජ්‍ය කමිටුව නිර්දේශයක් ලබා දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා එම නියෝගය දී ඇති බවද ඒ මහතා කියයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනුෂ පැල්පිට මහතා බැලීම සඳහා වැලිකඩ මැගසින් බන්ධනාගාරයට අද (10) පැමිණි අවස්ථාවේදී ගුණවර්ධන මහතා මේ බව කීය.
“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කර රකින්න අයිතියක් ජනපතිවරයාට තියෙනවා.ජනපතිවරයාගේ හෝ අදාළ අමාත්‍යවරයාගේ නියෝගයක් ක්‍රියාත්මක කළ විට ඒ අය කොහොමද ඒ නියෝග පිළිපදින්නේ කියන එක අද ප්‍රශ්නයක්.අසරණ වන රාජ්‍ය සේවකයාට පිහිට වෙන්න ඕනේ. ඒ නිසා අපි ව්‍යවස්ථා සාමාජිකයින් වශයෙන් තීරණය කරලා තියනවා මහසඟරුවනත් හා මහජනතාවත් දායක කරගෙන රුපියෙලෙන් රුපියල එකතු කරලා සිල් රෙදි සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුදලක් පිහිටවන්න“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නම් මෝඩ වැඩ... අපිට කියල මොනවා කරන්නද? උසාවියට කියන්නනේ තිබුණේ..
අන්න ඒ අයවත් දන්ගෙට යවන්න පාර සකසා දුන්නට ස්තුතියි... මොකක්ද ඒ කමිටුව මොනවද නම්?අපිටත් ආසයි දැනගන්න.
ඕක කියන්න තිබුණේ උසාවියේදී මිසක් දැන් මාධ්‍යයට නෙවේ. මෙයා හැමදාමත් අපිව අන්දන්න හදන කෙනානේ...
අන්තිමට ඒ මුදලටත් විදින්න තමයි මෙයාලා හදන්නේ... නඩුව යනකම් නිදාගෙනද හිටියේ?. 2500 ට ජීවත් වෙන්න පුළුවන් කිව්ව පණ්ඩිතයානේ. සිල් රෙද්දක් නැතිතරම් මේ රටේ මිනිස්සු දුප්පත් නෑ. මෙයාලගේ වාසියට කියන කතා තමයි මේ...
ලැජ්ජාවක් නැති වැඩ කරන්න එපා මහත්තයෝ. ගසාකාපු දේවල් වලින් ගෙවලා ඒ මහත්වරුන්ව එළියට ගන්න.
මෙයාට ඕනෑ විදියට හරි ඔය ඒකාබද්ධ නඩයට ඕනෙ විදියට රටේ නීති වෙනස් කිරීමයි. එය රටට කරන මහා අපරාදයක්... ඔය ආකාරයට බැඳුම්කර මගඩියත් නිවැරැදි වේවි. තමන් කරද්දී එය නීතියානුකූලවත්, අනුන් කරද්දී වැරදිත් විය යුතු නෑ... වැරැද්ද එසේමයි. ඔය උත්සාහය මේ නඩු තීන්දුවත් සමඟ තමන් ලඟ ඇති කළු සල්ලි..., සුදු කිරීමේ උත්සාහයක්. මේවට රැවටෙන්න එපා.
ජනාධිපතිවරණය වෙලාවේ සිල්රෙදි බෙදුවේ ඡන්ද ව්‍යාපාරේට ඒ අනුව මහජන මුදල් අවභාවිත කර තිබෙනවා. දැන් එක එක කතා කිව්වට වැඩක් නැහැ.
අපිනම් කිසිම දෙයක් කිසිම රජයකින් නම් ලබාගෙන නැහැ මේ ජීවත් වන කාලය තුළ... නමුත් අපි ඔය වෙනුවෙන් කීයක් හරි දෙනවා. මොකද මේ රට පරයින්ගෙන් බේරාගත්තා. ආර්ථිකය හදන්න බැරි වුණේ වෙනසක් වුණ නිසයි. දැන් සැපයි...
ඇයි ඔය සාක්ෂි උසාවියට ඉදිරිපත් නොකළේ? ගොනා යන්න ඕනේ කරත්තෙට ඉස්සල්ලා කියලා දන්නේ නැද්ද? උසාවියට ඉදිරිපත් කළොත් එක නීතිමය ප්‍රශ්නයක්. මාධ්‍යයට ඉදිරිපත් කලොත් ඒක ප්‍රචාරමය ප්‍රශ්නයක්...
හරි එතකොට ඒ කමිටුව කියලා තියෙනවද විදුලි සංදේශ නියාමනයට තියෙන මුදලින් සිල් රෙදි ගන්න කියලා? හොරකම් කරලා ඒක උසාවියෙන් ඔප්පු වුණාම ඒ දඩ මුදලටත් අපිට කෙළින්නයි හදන්නේ...
එතකොට මෙපමණ කලක් උපාසක, උපාසිකාවෝ සිල් ගත්තේ රෙදි නැතුවද? අපරාදේ කියන්න බැහැ. ඇනස්ලි, සැමුවෙල්, බර්ටි නැති අඩුව මොගොල්ලෝ පුරවනවා.
බල ලෝභයට පොරකන දේශපාලකයින්නේ... රට, ජාතිය, ආගම විකුණගෙන කන්න එපා. හැම වැරැද්දම කරලා එක ආගම දහම පිට දාන්න එපා. වීරතුංග මහත්මයා අවංක නිලධාරියෙක්. දේශපාලකයන්ගේ කීමට අනවශ්‍ය වැඩක් කරලා තමයි එතුමාට එහෙම වුණේ. මේක හොද පූර්වාදර්ශයක් රටේ හැම දෙනාටම.. වැරදි කරන දේශපාලකයින්ටත් මීට වඩා දැඩි දඬුවම් දෙන්න ඕනෑ. විශේෂයෙන්ම බැඳුම්කර හොරුන්ට. රට හදන්න නම් නීතිය ක්‍රියාත්මක විය යුතු නොවේද? මෙතන ඉන්න අයටත් ඕනෑතරම් චෝදනා තියෙනවා... ඔප්පු කරන්ට පුළුවන්.... එ්ක මුළු රටම දන්නවා .
අපේ දේශපාලකයන්ට තැලිය යුත්තේ කුමකින්ද යන්න මෙහි සඳහන් කළ නොහැකිය. මොවුන්ව පාර්ලිමේන්තු යවන අපිට" අං" තිබේද යන්නත්, නිතරම අපිම සොයා බැලිය යුත්තෙමු.
"දී කිරට බළලුත් සාක්කි" කියලා කියමනක් තියෙනවනේ... තව ටික දවසක් යනකොට කියයි ත්‍රස්තවාදය පාලනය කරන්න ත්‍රස්තවාදීන්ට මුදල් ලබාදෙන ලෙස ජාත්‍යන්තර සාම කමිටුවෙන් නිර්දේශ කළා. ඒක නිසා කොටින්ට රුපියල් මිලියන 700 ගානේ වසර ගණනාවක් ලබා දුන්නා කියලා බන්දුල මහත්තයෝ... ඔයා ළඟ හා ඔයාගේ ලොක්ක වටේ ඉන්න අය වුණාට රටේ ජනතාව ගොනාට අන්දවන්න හදන්න එපා... බන්ධනාගාර වල ඉන්න හොරු හා කුඩු මුදලාලිලා වෙනුවෙන් කදුළු සලන හා ඒ අයගේ වරදවල් වසන් කරන්න කටයුතු කරන උදවිය වහාම අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතුය.
1. සිල් රෙදි බෙදීම හොඳයි. ඒ සඳහා අවශ්‍ය මුදල් නීත්‍යානුකූල අන්දමට සොයා ගත්තා... 2 එම කටයුත්ත කිරීමට යොදා ගන්නා ලද කාලපරිච්ඡේදය.... 3 පැමිණිල්ල පිළිගෙන නඩුව විභාග කිරීමට අධිකරණය තීන්දු කර, තීන්දුව ප්‍රකාශයට පත්කළ පසු ඊලඟ පියවරට කරුණු සෙවීම කෙසේ වුවත් වෙච්ච දේ පිළිබඳව දැන් බොහෝ අය දැනුවත්.
මහත්තයෝ වංචාව, වංචාව විදිහට දකින්න... මේවට බුදුදහම ගාවගන්න එපා. ඔබතුමාලට ආගම ගැන කැක්කුමක් තිබුණා නම් මට වඩා හොඳ ක්‍රමවේද තිබුණා.
කමිටුව නිර්දේශ කළාද ඡන්ද අපේක්ෂකයාගේ පින්තූරයත් එක්ක ඡන්දයට ආසන්න දවසකම ඕවා බෙදන්න කියලා?
මේක හරියට මගේ ගෙදර තිබ්බ සල්ලි ටික හොරකම් කරපු හොරා අහුවෙලා හිරේ ගියාම දඩේ ගෙවන්න මටම කියනවා වගේ වැඩක්. මට මගේ සල්ලිටික ආපහු හම්බ වුනෙත් නෑ. ඒ මදිවට අතේ ඉතුරුවුණු රුපියලත් බලෙන් ගන්නවා. දෙපාරක් හොරකන් කරනවා.
ජනාධිපතිතුමාගේ සොහොයුරා පැදවූ රිය වකුගඩු රෝගියකු සහ ඔහුගේ සහෝදරයව යටකර මරුමුවට පත්කර පලාගිය ප්‍රවෘත්තිය ඉවත්කිරීමට බල කලේ කව්දැයි මහජනයා දැනගැනීමට කැමැත්තෙන් සිටියි.
නිර්දේශ කරලා තියෙන්නේ "මැතිවරණයක් පවතින අවස්ථාවක අපේක්ෂකයාගේ පින්තූරය සහ පණිවිඩය ඇතුලත් කර බෙදන්න" කියලද මන්ත්‍රීතුමෝ? වරදක් කර ඇතිබව තීරණය කර ඇත්තේ අධිකරණයක් මඟිනුයි. එම තීරණය වැරදියි කියා සිතනවා නම් ඒ ගැන උසාවියට කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. දැන් වැඩ කෙරීගෙන යන ආකාරයට මිනිස්සු අන්දන්න බොරු බයිලා ගහන්නේ නැතුව ඉන්න... එ්ක වඩා කාලෝචිතයි.
ඔබතුමාලා සිල් රෙදි බෙදන්න ඔය විදිහට සල්ලි එකතුකරා නම් හරිනේ.... නිකම් අපරාදේ රාජ්‍ය සේවකයෝ අමාරුවේ දාන්නේ නැතුව...
සත්‍යය විකෘති කරන මේ මහත්තුරු ගැන මට ලැජ්ජයි. මෙම කාරණාව සිල් රෙදි සම්බන්ධව හෝ බුදුදහම සම්බන්ධව නොවේ. ජනාධිපතිවරණයට කලින් දවසේ අපේක්ෂයාගේ රුව සමග විශාල මුදලක් වෙනත් රජයේ ආයතනයකින් ලබාගෙන ඡන්ද ප්‍රචාරණයක් කිරීම පිළිබඳවයි.
බන්ධනාගාර රෝහල්ගත ඥාතීන් හා මිතුරන් ඔබටත් සිටී නම් ඒ සඳහා අවසර ලබා ගත හැකිය. විශේෂ වරප්‍රසාද සහිත පිරිසට මාසිකව අල්ලස් ගෙවීමේ පදනම මත ද, වෙනත් පුද්ගලයින්ට දෛනික අල්ලස් ගෙවීමේ පදනම මත ද, මෙම අවස්ථාව ලබා ගත හැකිය.
ඇයි බන්දුල මහත්තයෝ ඕක උසාවියට නොකිව්වේ? කිව්වා නම් බේරගන්න තිබුණා නේද?
උසාවි නියෝගයට අපහාසයක්. ඇතුළටම දාන්න ඕනෑ.
මේවා ඔබතුමන්ලා නඩුව විභාග කරන වෙලාවේ පැමිණ කිව්වා නම් නේද හරි... දැන් අතන මෙතන කියව කියවා යන්නේ නැතුව. එය බුද්ධිමත් ඔබගේ සිතීම පිණිසයි...
මේ අය තාමත් හිතා ඉන්නේ මේ රටේ ඉන්නේ බත් කන මෝඩයින් කියලා.. මේවා කියන අය තමයි මෝඩ.. මෙමගින් ඔප්පු වෙනවා.... වංචාව හොඳින්ම.
රාජ්‍ය කමිටු නිර්දේශ කරලා රටේ සිල් ගන්න අය පාට පාට රෙදි ඇඳන් සිල් ගන්න නිසා වහාම සුදු රෙදි බෙදන්න කියලා. අනේ අම්මපා අපේ රටේ මිනිස්සුන්ගේ අවාසනාව දිගින් දිගටම මේ වගේ අයව පාර්ලිමේන්තු එවනවනේ...
සිල් රෙදි බෙදන්න රාජ්‍ය කමිටුවක් නිර්දේශ කරන්න ඇත්තේ නීත්‍යානුකූලව බුද්ධ ශාසන අමාත්‍යංශයේ අයවැය අනුව මිසක්, ජනාධිපතිවරණයට කලින් දවසේ මහින්දගේ ෆොටෝ එකක් දාලා විදුලි සංදේශ අමාත්‍යංශයේ මහජන මුදල් කෝටි ගාණක් අරගෙන නොවේ. මේ ඒකාබද්ධ කට්ටිය තවත් මුසාවාද කියලා තාමත් කඩේ යනවා.
ඡන්ද දායකයන්ට අල්ලස් දීම ගැන මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න වෙනවා...
මේ ගොල්ලන් රෙදි අඳින්නේ ලෝකෙට පේන්න විතරයි මං හිතන්නේ. සුදු රෙද්ද ඇන්දහම පවුකාර, බොරු කාර පංචස්කන්ධ ටික හිතනවා මහජනයා ඔක්කොම රැවටෙනවා කියලා. මෙහෙමත් ලජ්ජා නැති අයට ඡන්දෙ දීපු අපිටයි අර කියන මඩු වලිගෙන් ගහන්න ඕනෑ.
බන්දුල මහත්මයට නරකද, ඔය ගැලරියට පුහු තර්ක නිකුත් කරන්නේ නැතිව, පැත්තකට වෙලා ටිව්ෂන් පන්තියක් කරගෙන හිටියා නම්.
රාජපක්ෂලා තමාගේ ඡන්ද කැම්පේන් කිරීමට රාජ්‍ය සේවකයන් කොතරම් පීඩනයකට ලක් කළාද යන කාරණයද මෙයින් හොඳින්ම විද්‍යාමාන වේ.
අපරාදෙ කියන්න බෑ. මාර ලෝ පොයින්ට් එක... නාමල් බේබිටත් වඩා හොඳට ලෝ එක දන්නවා. හැබැයි පොඩ්ඩෙන් මිස් වුනේ, තීන්දුව දෙන්න ඉස්සෙල්ලා කිව්වනම් දෙන්නම ගෙදර.
සාධාරණව සෙවිය යුතු දේවල්... මෑතක තාජුදීන් ඝාතනය, රතුපස්වල ඝාතන, සිරකරුවන් ඝාතනය, ප්‍රභාකරන් ඝාතනය, නඩේසන් ඝාතනය... එදා ගෝනගල, අනුරාධපපුර, දෙහිවල, පිටකොටුව සහ රටේම ඝාතන, පුවත්පත් කලාවේදී රෝහණ කුමාර, බටලන්දේ ඝාතනය වූ පිරිස්, නයිවල දූ දරුවන් 28 දෙනා, දූෂණය කර මරා දැමුණු අහිංසක දූවරුන්, රෝහන විජේවීර, අතුකෝරල, රිචඩ් සොයිසා, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස, ඇතුලත් මුදලි ඝාතන ඉතිරි ටික පසුවට .... මින් හිතාමතාම මරා දැමුණු අහිංසකයින් මරපු අයට දෙවියන්ගෙන් සමාවක් නැත...
මේ කට්ටිය ගැන හිතලා වෙන්න ඕනෑ කවි ලියන්න ඇත්තේ....
අපට ආරංචි වුණා, සිල් රෙදි බෙදලා නිලධාරින් හිරේ ගියාම මහජනයාගෙන් රුපියල රුපියල එකතු කරලා දඩය ගෙවන්නත්... ඔය කියන කමිටුවෙන් නිර්දේශ කරලා තියෙනවා කියලා. ඒක වෙන්න ඇති මුන්නැහේලා අපෙන් මේ සල්ලි ඉල්ලන්නේ.
සම්බුද්ධ ශාසනේ රකිනවා නම් ඕනතරම් අවස්ථා තිබුණා. බොදුබල සේනා විකාර කරද්දී, දළදා මාලිගාව ඉස්සරහ රේස් පදිද්දී හිතුනේ නැද්ද සම්බුද්ධ ශාසනේ ගැන? කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුණලු. තාමත් හිතාගෙන ඉන්නේ ජනතාව හරක් කියලද?
ඔබතුමාටත් ඕනෑනම් සිල් රෙදි බෙදා දෙන්න පුළුවන් (ඡන්ද කාලේ නෙවෙයි), මහජනයාගේ සල්ලි වලින් නෙවෙයි. ඔබතුමා අර දාඩිය හලලා හලලා ඉතාමත් සාධාරණව හරි හම්බකරගත් කෝටි ගණන් සල්ලිවලින් සොච්චමක් වියදම් කරලා දුන්නා නම් එ්කේ කිසි වැරැද්දක් නැහැ. මහත්තයෝ, රුපියල හරි මිනිසුන්ගේ සල්ලි වලින් ඔය හොරු බේරගන්න ගියොත් වැස්ස වෙලාවට එලියට නං බහින්න එපා.
මේකත් අර රුපියල් 2500/- න් නොමැරී කාලා ඉන්න පුළුවන් කථාව වගේ එකක්.
බලය ලබා ගැනීම සඳහා අල්ලස්දී ඔප්පු වුණාට පස්සේ දැන් බයිලා කියනවා විතරයි. දැන් දඟලලා වැඩක් නැහැ.
බලය ලබා ගැනීම සඳහා අල්ලස්දී ඔප්පු වුණාට පස්සේ දැන් බයිලා ගහනවා. මහජන දේපොළ සොරකාපු අය වෙනුවෙන් සත පහක් දෙන්න එපා..... ජාතියයි, ආගමයි විකුණන් කාපු පසුගිය පාලකයෝ දැන් ඇති කෙහෙල් කාපු උගුඩුවො වගේ....
හොරකම හෝ වංචාව මොනම ක්‍රමයට ඉදිරිපත් කළත් එහි වෙනසක් නැත. එය සමාජ විරෝධී බව ළදරුවකුට වුණත් තේරෙන කාරණයකි. එබැවින් මෙම සිද්ධිය පිළිබඳව තව තවත් හෝද හෝද මඩේ දැමීමක් විනා වෙන කිසිදු ප්‍රතිඵලයක් නොමැත. තවද අප එකිනෙකා හරිය, වැරදිය කියා ඇන කොටාගැනීමත් අර්ථ ශුන්‍ය වේ. දැන් අප සැමගේ අවධානය යොමුවිය යුත්තේ මහ බැංකුවේ අපේ දුප්පත් මුදල් හොරාකාපු අයට ලැබෙන තීන්දුව ගැනය. ඊට අමතරව තවත් වැදගත් දෙයක් ඇත. "එ් මහා මුදල් කොල්ලය" සාධාරණීකරණය කිරීමට සෑම උත්සාහයක්ම ගත්ත ෆුට් නෝට් බයිලා ලියපු දේශද්‍රෝහීන්ට ලැබෙන තෑගි මොනවද?
ආ... මේ රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියපු මන්ත්‍රීතුමා නේද?
රුපියල් 2500 ක් පවුලකට මාසෙකට ඇති කියපු කෙනා ද ?
අදින්නාදානේ කළා මදිවට මුසාවාද සහ සම්ප්‍රප්පලාප වලිනුත් පව් පුරවා ගන්න රැලක් තමයි. ලොක්කා ඇදේට යනකොට එ්ක තම වාසියටම නොපෙන්වන, ඒකම හරියි කියලා කියන කපටි පිරිසක් තමයි....
ආර්ථික විද්‍යාව දැනගත්තට ගණන් බැරි බන්දුල මහත්තයා එක එක කමිටු නිර්දේශ කළාට විදුලි සංදේශ නියාමක කොමිසමේ කෝටි 60 ක් ගත්ත එකයි මෙතන වැරැද්ද? ඒකට අනුමැතිය දුන්නේ කවුද? බෝක්කුවක් වගේ කට තිබුණු පලියට කතා කියන්න එපා. ඇත්ත තේරුම් ගන්න පුළුවන් මිනිස්සුත් ශ්‍රී ලංකාවේ තාම ඉන්නවා.
බන්දුල මහත්තයා පැත්තකින් ඉන්න... ජනතාව රුපියල රුපියල දෙනකම්...
රාජිතට විශාල ධනස්කන්දයක් තිබෙද්දී දුප්පතාට දෙන ජනාධිපති මුදලින් සිංගප්පූරු යන්න මුදල් දුන්නේ කෙසේද? මෙය වහාම සොයා බැලිය යුතුය
බන්ධුල මහත්තයෝ මෙහි ප්‍රේමදාස යුගයේ පාස්කරලිංගම් එල්ටීටීඊයට සල්ලි දීපු එක ගැන කියනවා. ඉතින් තමුන්නාන්සෙ ඊට පස්සෙ මුදල් ඇමති වෙලත් හිටිය නේද? ප්‍රේමදාසට පස්සේ අවුරුදු 20 ක් ශ්‍රීලනිපය ආණ්ඩුත් කලා නේද? ඇයි ඒවා ගැන හෙව්වෙ නැත්තේ..? දැන් මොනවද මේ කියන බයිලා.. අනික බැසිල් රාජපක්ෂ එල්ටීටීඊයට සල්ලි දුන්නයි කියලා කීවේ... ඔහේලම රාඩා ආයතනයට පත් කරපු ටිරාන් අලස් මහතාද? ඉතින් ඒක ගැනත් හොයමුද?
ටියුෂන් ගුරෙකුයි මුදලාලි කෙනෙකුයි කරන විහිලු වගේ.
ලංකාවේ මුළු ජනගහනය මිලියන 20. රුපියල ගානේ එකතු කරලා මිලියන 104ක් හොයන හැටි දැනගන්න අපිත් ආසයි. එහෙම උනොත් ආර්ථික විද්‍යාව සම්බන්ධ මී ළඟ නොබෙල් ත්‍යාගය අපේ බන්දුල ගුණවර්ධන මැති තුමාට. කාටද ආඩම්බර
ඉහල රාජ්‍ය නිළධාරියෙක්ව සිටිය දී දේශපාලනය තහනම්. එහෙම තියෙද්දී හිටපු ජනාධිපති ලේකම් දේශපාලනය කළ බව රහසක් නොවේ. කුරුණැගල දී විධායක නිළධාරින් කැදවලා ඡන්දෙ ඉල්ලුවා
මේ සිරකරුවන් දෙදෙනාට ලැබී තිබෙන්නේ බරපතල වැඩ ඇතුව සිර දඬුවමක් ... නමුත් දැන් ඉන්නේ සැප ඇතුව රෝහලේයි. මේ කොටා මොනවද තවත් කියන්නේ ?
බන්දුල මහත්තයට සහ ආකබද්ද විපක්ෂය වෙත: ඇති නේද මිනිස්සු දල තියෙන කොමෙන්ට් ටික. තමුන් ල කියන හැම බොරුවම ගිලින්න තරම් ලංකාවේ ජනයා මෝඩ නැති බව තේරුණා නේද.
මුන්ගේ හිත ගැන ජනතාව දන ගන්න ඕනේ. බලයට කෑදර කම මිසක් යුක්තිය සහ සාධාරණය ගැන හිතන්නෙම නැහැ. කුණු බක්කියට යන ගමන්නේ.
මෙයාලා අහුවුනේ බදු මුදල් වලින් ලක්ෂ 600 ක් ඡන්දය වෙනුවෙන් බෙදලායි. තව තව ආයතන වල ඉන්නවා අසරණ මිනිසුන්ගේ මුදල් තමන්ගෙ සාක්කුවලට දාගත්තු නිලධාරින්. ඒගැනත් වහ වහා සෙවිය යුතුයි
ගුණවර්ධන මහතා මෙච්චර මෝඩයි කියලා දැනගත්තේ අද. ඡන්දෙට නම ලකුන සහිතව මහජන මුදල් මිලිවන 600 ක් අරගෙන සිල්රෙදි බෙදිමයි ආගමයි පටගවා ගන්න තරම් අතදරුවෙක්දනෙ බලනකොට.
එකල බොහෝ රාජ්‍ය ඉහළ නිලධාරින් ඔයවගේ වැඩ කලේ වෙන කරන්න දෙයක් නැති කමටම නෙමෙයි. බොහෝ අය නිලතල ගත්තෙත්. රැදුනෙත්, හම්බකරගත්තෙත් දේශපාලනය නිසයි. එහෙම වුනාම එන උපදෙස කිව්වටත් වඩා හොදට කරනවා හැර වෙන මොනවා කරන්නද? අහුවුනාම කියනවා කියපු නිසා කලයි කියලා.
මේ ඒකාබද්ධය කියන්නේ තුන් කුජීතු ගහපු ලෝක හොරු නඩයකි! විලි ලජ්ජා නැතුව, මගොඩිකම් කරලා මුන් තව නිදහසට කරුණු කියන්නත් එනවනේ. අධිකරණයට අපහාස කිරීම ගැන නඩු පවරන්න සුදුසුයි!
එහෙනම් අර ඡන්දයට බස් ටික අරන් ගමනා ගමන මණ්ඩලයට මුදල් නොගෙවා ඉන්නෙ රාජ්‍ය කමිටුවෙන් අනුමෙතිය දීල වෙන්න ඇති.
නිර්දේශය ලැබුණේ ඡන්දය ලඟාවන විට ද?. ජනතාව මෝඩයන් යැයි සිතන්න එපා.
ගොවි මහත්ත්වරුන්ට උදලු බෙදන්න, රටේ බොහෝ ගොවීන්ට උදලු නෑ.
ජනතාවගෙන් භාගෙකට වඩා ටිකක් වැඩියෙන් යම් දෙයක් තේරුම්ගන්න පුළුවන් බුද්ධියක් තියන පිරිසක් බව මතක තියාගත්තොත් හොඳයි.
මෙයාල හිතාගෙන ඉන්නේ අපි බත්කන හරක් කියල. පොදු මහජනයාගේ සල්ලිවලින් සිල් රෙදි බෙදුවේ උපාසක අම්මලාව රවටල අපේ චන්දෙට අරින්න. එත් පැරදුනේ මිනිස්සුන්ට මොලේ තිබුන හින්ද. දැන්වත් හිතපල්ලා මිනිස්සු රෙදි දීල රවට්ටන්න බැරිබව. ඔයාලා කියන බයිලා අපි පිළිගන්නේ නැහැ. මොලේ නැතිවුනාට කමක්නැහැ. එ්ත් එ්ක පෙන්වන්න එපා. ලක්ෂ 6000 ක් කියන්නේ කජුඇටද? ඔය සල්ලි වලින් උමාඔය ප්‍රශ්නේ විසදන්න තිබුන. ජලය නැති ප්‍රශ්නේ විසදන්න තිබුන. ඕකෙන් 3000ක් හොරා කාල හරි ඉතුරු 3000න් අඩුම ගන්නේ ගෙවල් 300ක් හදල අවතැන් වෙලා ඉන්න අයව පදිංචි කරවන්න තිබුන. ඔලුවෙන් හිතපල්ලා කරපුදේ හරිද කියල.
රුපියල් 2500 කින් පවුලක් කාල බිල මාසයක් ගතකරන්න පුළුවන් කියපු අයගෙන් තව මොන කතාද ?