ශ්‍රී ලංකාව,ඉන්දියාව, ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතී ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව,ඉන්දියාව හා ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 24 April 2017
ඇමරිකානු නෞකාව ගිල්වා දමන්නට උතුරු කොරියාව සූදානම් තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව කියයි. උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මේ බව කියා සිටියේය. 23 April 2017
ශ්‍රී ලන්කන් ආරක්ෂක ප්‍රධානියා නෙරපන්න නියෝග ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මරණ තර්ජන කළේ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත. 23 April 2017
තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය දක්වමින් ඛණිජ තෙල් සමිති වර්ජනයක් චීන වරාය තෙල් ටැංකි 99 ඉන්දීය තෙල් සමාගමට (අයිඕසී) පවරා දීමට රජය ගෙන තිබෙන තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තී සිමිති අද (23) මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී ජේ රාජකරුණා මහතා පවසයි. 23 April 2017
කුණු ලොරිවලට පහර දුන් දෙදෙනකු වත්තලදී අත්අඩංගුවට කොළඹ නගරයේ එකතුවන කැළි කසළ මුතුරාජවෙළ බෝපිටිය රක්ෂිතයට රැගෙන ඒමට විරෝධය පාමින් කුණු ලොරිවලට පහර දුන්නැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 April 2017
කුණුවලට එරෙහිව කරදියානේ නිහඬ විරෝධයක් වේරහැර - කරදියාන කසළ අංගනයට කුණු රැගෙන ඒමට විරෝධය පා ප්‍රදේශවාසීහු නිහඬ උද්ඝෝෂණයක් වෙරහැර බොරුපන පාලම ආසන්න දී නිහඬ විරෝධයක් කළහ. 22 April 2017
සංචාරක මණ්ඩලයේ ණය රුපියල් බිලියනය ඉක්මවයි ජාත්‍යන්තර විකාශන ආයතන තුනකට රුපියල් මිලියන 500ක් පමණ ගෙවීමට තිබෙන හෙයින් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රවර්ධන ව්‍යාපාර අකර්මණ්‍ය වී ඇතැයි වාර්තා වේ. ඊට අමතරව එම ආයතනයේ සේවා පවත්වා ගැනීමේ දී ඇති ගැටළු නිසා අමතර ණය රුපියල් මිලියන 600ක් පමණ ගෙවීමට ඇති බවත් ඩේලි එෆ්.ටී. පුවත් පත වාර්තා කරයි. 21 April 2017
සයිටම් තනි අයිතිය අහෝසි කරයි මාලබේ සයිටම් ආයතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසි කර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පැවැසීය. 21 April 2017
කුණු බැහැර කිරීමට විරුද්ධ වීම වරදක් වෙයි සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 20 April 2017
කිරිඳිවැල ජනතා විරෝධය හමුවේ කුණු ලොරි හරවාගෙන යති කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසළ ලොරි 10ක් රැගෙන ඒමට විරෝධය පළ කළ පිරිසට මීට ටික වේලාවකට පෙර පොලිස් ප්‍රහාරයක් එල්ල විය. පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ ද ප්‍රදේශවාසීන් පළවා හැරීමට නොහැකි විය. අවසානයේ කුණු ලොරි ආපසු හරවාගෙන යෑමට සිදු විය. 20 April 2017
මීතොටමුල්ලේ කුණු ගෙන එතියි ජා ඇල - මීගමුව සීරුවෙන් මීතොටමුල්ලේ කුණු ටොන් 300 පමණ ප්‍රමාණයක් රැගත් රථ (ඩ්‍රම්ට්‍රක්) ජාඇල පමුණුගම ප්‍රදේශයට පැමිණ කුණු බැහැර කිරීමට සූදානමක් ඇතැයි ලද තොරතුරු මත එය වළක්වාලීමට ප්‍රදේශවාසීහු අද (20) දෑලතුර ඇල ඉවුර සිට බලාසිටි නමුත් පස්වරු 2.00 වනතුරුත් කුණු රැගත් රථ නොපැමිණියේය. 20 April 2017
මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැනත් සාකච්ඡා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනා ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම නැරඹීම සඳහා මෝදි මහතා මැයි 12 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ඔහු දින දෙකක් ශ්‍රී ලංකාවේ සිටිනු ඇත. 20 April 2017
ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පැවසීය. අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. 20 April 2017
පොල් ගෙඩියක් ඇහිලුවාට වෙඩි තබා මරයි පන්නල හෙන්ඩියාගල දී අනවසරයෙන් පොල් වත්තකට ඇතුළු වී පොල් අහුලමින් සිටි අයකු (27) පොල්වත්තේ මුරකරු තැබූ වෙඩිපහරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 19 April 2017
කරදියාන ප්‍රදේශවාසීහු කුණු ප්‍රතික්ෂේප කරති, කුණු ලොරි හරවා යවති කරදියාන කසල අංගනයේ අවට ප්‍රදේශවාසීහු කොලඹ කුණු කරදියානට රැගෙන ඒමට විරෝධය පළ කරමින් අද (19) විරෝධතාවයේ නිරත වුහ. 19 April 2017
කොළඹ කුණු කරදියානට මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දුන්නේය. 18 April 2017
හිස නැති මළ සිරුරක් සාලියවැවදී හමුවෙයි සාලියවැව - නීලබැම්ම ප්‍රදේශයේ තිබී හිස නැති මළ සිරුරක් හමු වු බව සාලියවැව පොලීසිය කියයි. එම ස්ථානයේ තිබී පොලිස් කොස්තාපල් වරයකුගේ හැදුනුම්පතක් හා පිස්තෝලයක් හමුවී ඇති බවද පොලිසිය පවසයි. 18 April 2017
මිලියන 70 ක රන් අබරණ රේගුවේදී අසුවෙයි රුපියල් මිලියන 70ක නිම කරන ලද රන් ආභරණ කිලෝ 10ක් විදේශ මත්පැන් බෝතල් බහාලුමක දමාගෙන පැමිණි ලාංකිකයකු කටුනායක ගුවන්තොටුපළේදි අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි. 17 April 2017
මීතොටමුල්ලේ මිය ගිය ගණන 27 ක් - අතුරුදන් ගණන අවිනිශ්චිතයි මෙතෙක් හඳුනා ගත් මළ සිරුරු ගණන අනුව මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියේ මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බව තහවුරු මීතොටමුල්ල කුණුකන්ද පාමුල ඛේදවාචකයෙන් මිය ගිය ගණන 27 දක්වා ඉහළ ගොස් ඇතැයි යුද හමුදාව කියයි. අද රාත්‍රී 9.20 වන විට මිය ගිය 26 දෙනකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර තවත් පුද්ගලයකුගේ කකුලක් පමණක් සොයාගෙන තිබේ. 16 April 2017
රුපියල් බිලියනයක රන් අබරණ කඩිනමින් අයිතිකරුවන් වෙතට එල්ටීටීඊ ත්රස්තයින්ගේ බාරයේ තිබී හා යුද සමයේ දී අතහැර දැමූ නිවාසවල තිබී සොයාගත් රුපියල් බිලියනයක් පමණ වටිනා රත්රන් භාණ්ඩ හා අනෙකුත් ආභරණ නැවත ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග කියයි. 16 April 2017
මියගිය ගණන 21 ක්- මළ සිරුරු ගමට ගෙන ආ යුතු යයි කියමින් ඥාතීහු විරෝධය දක්වති මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් මිය ගිය ගණන 20 දක්වා ඉහළ ගොස් ඇත.තුවාල ලැබූ 11 දෙනෙක් මේ වන විට රෝහල් ගත කරනු ලැබ සිටිති. අතුරුදන් වූ ගණන පිළිබඳ කිසිදු වගකිව යුතු ආයතනයක් මේ වන තෙක් ප්‍රකාශයක් කර නැත. 16 April 2017
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මරන හයක් මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමෙන් 17 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවත්, ඉන් හය දෙනකු මිය ගිය බවත් ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ‘ලකාදීපයට‘ පැවසීය. 14 April 2017
මිතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටිමෙන් ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් මිතොමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් දහම්පුර ප්‍රදේශයේ නිවාස කිහිපයක් යටවිමත් සමග එම පුදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇත. කුණු කන්ද කඩා වැටීම නිසා ගෙවල් 100 කට ආසන්න සංඛ්‍යාවක් යටවී ඇතැයිද වාර්තාවේ. 14 April 2017
ඇමරිකානුවෝ ලොව දැවැන්තම බෝම්බය ඇෆ්ඝනිස්ථානයට අතහරිති පරමාණු බෝම්බයට පමණක් දෙවැනි වන නමුත් ඇමරිකාව විසින් නිෂ්පාදනය කරන ලද දැවැන්තම බෝම්බය ඇමරිකානු යුද හමුදාව විසින් අද අලුයමදී ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවරට මඳක් නැගෙනහිරට වන්නට පතිත කරන ලදි 14 April 2017
කඩුවෙල වෙිඩි තැබිමකින් දෙදෙනෙක් මරුට කඩුවෙල කොතලාවල හංදියේ දි මිට මද වෙලාවකට පෙර සිදුවූ වෙඩි තැබිමකින් තරුණයින් දෙදෙකු මිගොස් ඇත. 13 April 2017
පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ අවුරුද්දට ගෙදර එති සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ පහැර ගැනීමට ලක් වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිස මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් ලංකාවට පැමිණියහ. 12 April 2017
නාමල් පෙරේරාට පහර දුන් බුද්ධි අංශ කෝප්‍රල්වරු හඳුනා ගැනෙති ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයාව සිටි මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතාට පහර දී පැහැරගෙන යෑමට තැත් කළැයි සිද්ධියට අදාලව පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමට නාමල් පෙරේරා මහතා සමත් විය. 12 April 2017
මේ ආණ්ඩුවෙනුත් අපේ ජනතාවට විසඳුමක් ලැබිලා නෑ - සම්පන්ධන් ජනතාව බලාපොරොත්තු වූ වෙනස මෙතෙක් වත්මන් ආණ්ඩුවට ඉටු කිරීමට නොහැකී වී ඇතැයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා කියයි. 12 April 2017
ජොන්ස්ටන් ප්‍රනාන්දු ආසන සංවිධායක ධුරයෙන් ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිකවැරටිය ආසන සංවිධායක ධූරයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත්කරනු ලැබ තිබේ. ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 April 2017
දයාසිරි පඬුවස්නුවරට, ධර්මසිරි බිංගිරියට කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් තිදෙනක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ. 11 April 2017
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026