අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටි අරඹේපොල රතනසාර හිමි අද (20) පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 20 October 2017
නෙවිල් ප්රනාන්දු රෝහල පවරා ගන්න ගිවිසුමක් නැතිලු නෙවිල් ප්රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු නීත්යනුකූල ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැතැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 19 October 2017
ආනන්ද සමරසේකර අධිකරණයට බාර වෙයි රගර් ක්රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වන ප්රචාර හමුවේ හිටපු අධිකරණ වෛද්ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද(19) කොළඹ අතිරේක මහේස්ත්රාත් ජෙයරාම් ට්රොස්කි මහතා ඉදිරියේ උසාවියට බාර විය. 19 October 2017
නව ව්යවස්ථාවක් අනවශ්ය බව අස්ගිරි - මල්වතු නාහිමිවරු කියති නව ව්යවස්ථාවක් ශ්රී ලංකාවට අවශ්ය නොවන බව කියමින් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු අද(18) විශේෂ නිවේදනයක් නිකුත් කළහ. 18 October 2017
අතුරුදන් වූ තරුණියන් තිදෙනා හමුවෙයි කොළොන්නාවේදී අතුරුදන් වූ තරුණියන් තිදෙනා අද(18) පොලිසියට බාර වූ බව පොලිස් මාධ්ය ප්රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 18 October 2017
ශ්රිලනිපයට නව දිස්ත්රික් සංවිධායකවරු නවයක් ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්රික් සංවිධායකවරු 9 දෙනෙක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ. 17 October 2017
‘බැඳුම්කර වංචාවට අගමැති වගකිව යුතුයි‘ - වාසු බැඳුම්කර කොමිසම ඉදිරියට පැමිණ කරුණු පැහැදිලි කිරීමට කැමති බව අගමැතිවරයා පවසන්නේ එම කොමිසම ඉදිරියට ළඟදීම සාක්කි දීමට කැඳවන බවට හෝඩුවාවක් ලැබුණු නිසා විය හැකි යැයි පාර්ලිමේන්තු මන්තී්ර වාසුදේව නානායක්කාර මහතා ප්රකාශ කළේය. 16 October 2017
බැඳුම්කර කොමිසම තවත් මාස තුනක් ඉල්ලයි භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවේ. 15 October 2017
මිගහකිවුල ඇළක් ගිලාබැස වතුර අතුරුදන් වෙයි මීගහකිවුල කෝමාරීක ගොවි ජනපදයට ජලය සපයන ප්රධාන ඇළ මාර්ගයේ වැල්ලේවෙල ඩී 02 ප්රධාන අතුරු ඇළ ගිලා බැස ඇති බවත් එතුළින් ජලය අතුරුදන් වන බවත් එහි නේවාසික ව්යාපෘති කලමණාකාර මාධව ඉන්දික රත්නායක මහතා පවසයි. 15 October 2017
බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙන්න බැඳුම්කර ගනුදෙනුවේදී සේවක අර්ථසාධක අරමුදලට සිදුකර ඇති හානිය වෘත්තීය සමිති ලෙස හෙලා දැකිය යුතු බවට යෝජනාවක් ශ්රී ලංකා නාවික සේවකයන්ගේ වෘත්තීය සමිතියේ නායක පාලිත අතුකෝරල මහතා විසින් ජාතික කම්කරු උපදේශන සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇතැයි කම්කරු අමාත්යංශ ආරංචි මාර්ග පවසයි. 15 October 2017
ඇමති අමරවීර ඒකාධිපති ගමනක් යනවා - දිලිප් ඇමති මහින්ද අමරවීර හම්බන්තොට දිස්ත්රික්කය තුළ ඒකාධිපති ගමනක් යනවා. එතුමා පසු ගිය දා මහවැලි ඉඩම් ඔප්පු 3000ක් ජනතාවට ලබා දුන්නා.සජිත් ප්රේමදාස ඇමතිතුමාවත් මමත් මේ ගැන දන්නේ නෑ . ධීවර ඇමති වරයා හම්බන්තොට දිස්ත්රික්කයේ තනි ගමනක් යනවා. අපි නිකමුන් වගේ ඉන්නවා.ජනාධිපති තුමනි කරුණාකරල මේ ගමන නවත්වන්න කටයුතු කරන්න යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්ය අමාත්ය දිලිප් වෙද ආරච්චි මහතා අද (14) සවස අම්බලන්තොට පට්ටිය වරායේ පැවති ධීවර හමුවකදී පැවසීය. 14 October 2017
ඊලාම් සංකල්පය අලුත්වෙයි ශ්රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්ය සංවිධානය පියවර ගෙන තිබේ. 13 October 2017
ප්රියංකර ජයරත්න ආණමඩුව සංවිධායක ධූරයෙන් ඉවතට හිටපු රාජ්ය ඇමැති ප්රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. 13 October 2017
දුම්රිය වර්ජනය අවසන් ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අවසන් කළ බව රියදුරන්ගේ සංගමය සහ නියාමකවරුන්ගේ සංගමය කියයි. 12 October 2017
හොරකම් කළ කෝටි 20 සොයාගනී තායිවාන බැංකුවකින් සොරාගෙන මෙරටට එවන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3ක මුදල සොයාගැනීමට සමත්වූයේ යැයි නිලධාරියෙක් පැවැසීය. 12 October 2017
දුම්රිය වර්ජනය අඛණ්ඩව තම ඉල්ලීම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 12 October 2017
දුම්රිය වර්ජනයෙන් කොටුව දුම්රියපොළ උණුසුම් වෙයි එක්වරම දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටින මගීන් විරෝධය පෑම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. 11 October 2017
ලිට්රෝ සභාපති ලාංකිකයකු නොවේ තායිවාන බැංකුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්රාත් ලංකා ජයරත්න මහත්මියට අද (11) දැනුම් දුන්නේය. 11 October 2017
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව අලුත් සන්ධානයක් දෙමළ ජාතික සන්ධානයට (ටී.එන්.ඒ.) විරුද්ධ පෙරමුණක් පිහිටුවීම සඳහා උතුරේ ද්රවිඩ නායකයන් කිහිපදෙනෙකු එකතු වී ඇතැයි ආරංචි මාර්ග කියයි. 11 October 2017
පර්පෙචුවල් ලිපි ගොනු දෙක වහාම ඉල්ලයි හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ටේරෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි 11 October 2017
නාමල් ඇතුළු පිරිස 16 තෙක් රිමාන්ඩ් අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි හම්බන්තොට මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා අද (10) රාත්රී නියෝග කළේය. 10 October 2017
නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්රශ්න කිරීමට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ. 10 October 2017
බෑණා ලාබ ඉපයූ බව මාමා පිළිගනී ප්රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටේරෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (09) පිළිගත්තේය. 10 October 2017
නාමල්ගේ සමාගමේ අධ්යක්ෂවරියට ඇප පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සමඟ හෙලෝ කෝප් සමාගමේ විත්තිකාරියක ලෙස නම් කොට සිටිය දී අධිකරණය මඟ හැර විදේශ ගත වී සිටි අත්අඩංගුවට ගනු ලැබු ඉරේෂා ද සිල්වා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කළේය. 10 October 2017
මන්ත්රී නාමල්ගේ සමාගමේ අධ්යක්ෂකවරිය අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට එරෙහිව නඩුවක සැකකාරියක වු ඔනෙලා ද සිල්වා අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 10 October 2017
තායිවාන බැංකු කොල්ලයට සැකපිට ශලීල මුණසිංහ අත්අඩංගුවට නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලක් වංචා කර සාවද්ය පරිහරණය කළැයි සැකපිට පොලිසිය සොයමින් සිටි ශලීල මුණසිංහ නමැත්තා අද(9) රාත්රියේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විය. 09 October 2017
‘ඉල්ලීම් නැත්නම් ව්යවස්ථාවට සහාය නෑ‘ - ටීඑන්ඒ නව ආණ්ඩුක්රම ව්යවස්ථාවට සහාය පළකරන්නේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් ත්රිත්වයක් ඊට ඇතුළත්ව ඇත්නම් පමණක් යැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. 09 October 2017
තායිවාන අපරාධ විමර්ශන කණ්ඩායමක් ශ්රී ලංකාවට තායිවානයේ බැංකුවක පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී එක්සත් ජනපද ඩොලර් මිලියන 60ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කිරීම සඳහා එරට අපරාධ විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් ශ්රී ලංකාවට එවීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ‘ෆෝකස් තායිවාන්’ පුවත් සේවය වාර්තා කරයි. 09 October 2017
අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් ගල්කිස්සේ දී රෝහින්ග්යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණැයි රිමාන්ඩ් කර සිටින අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනකු ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අක්මීමන දයාරතන හිමි ඔක්තෝබර් 10 වැනි දා රිමාන්ඩ් කළේය. 09 October 2017
තායිවාන බැංකුවකින් සොරාගත් කෝටි 11ක් ලංකාවට තායිවානයේ බැංකුවක පරිගණකවලට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරීමට ජාත්යන්තර අපරාධකරුවන් පිරිසකට උපකාර කළැයි කියන ශ්රී ලාංකිකයන් දෙදෙනෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 08 October 2017
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026