(චන්ද්‍රසේන ගමගේ)
ඇමති මහින්ද අමරවීර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඒකාධිපති ගමනක් යනවා. එතුමා පසු ගිය දා මහවැලි ඉඩම් ඔප්පු 3000ක් ජනතාවට ලබා දුන්නා.සජිත් ප්‍රේමදාස ඇමතිතුමාවත් මමත් මේ ගැන දන්නේ නෑ . ධීවර ඇමති වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තනි ගමනක් යනවා. අපි නිකමුන් වගේ ඉන්නවා.ජනාධිපති තුමනි කරුණාකරල මේ ගමන නවත්වන්න කටයුතු කරන්න යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා අද (14) සවස අම්බලන්තොට පට්ටිය වරායේ පැවති ධීවර හමුවකදී පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ දිලිප් වෙදආරච්චි ඇමතිවරයා,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සදහා එක්සත් ජාතික පක්ෂය පෙරමුණ ගත්තා. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මමත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාත් ඒ සදහා පෙරමුණ ගත්තා.අපිව පරාජයට පත් කරන්න කටයුතු කරපු මහින්ද අමරවීර ඇමතිවරයා නිසා අපි අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ජනාධිපති තුමා මේ තත්ත්වය නැති කරන්න කටයුතු කරයි කියා අපි බලා පොරොත්තු වෙනවා.
මම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති. නමුත් මමත් දන්නේ නැතිව අමරවීර ඇමතිවරයා ඉඩම් ඔප්පු දෙනවා. මෙම තත්ත්වය නැති කොට ඉදිරියේදී එන මැතිවරණවලට මුහුණ දිය යුතු බව මම ජනාධිපතිවරයා මතක් කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු දුන්නම මොකද ලැබෙන්නේ ජනතාවට... ඇයි මහත්තයෝ ඔබතුමාට ලැබෙන මනාප ගණන අඩුවෙයි කියලා හිතට බයක් දැනුණද? ඔබතුමන්ලාගේ ඔන්න ඔය නිවට මානසිකත්වය නිසා තමයි අප රට තාමත් නොදියුණු තත්වයේ ඉන්නේ. අනේ ඇත්තට මේවගේ දුක් අඳෝනා අහන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඇහුවා නම් කමක් නැහැ...
ඔන්න ඕක තමයි මේ රටට තිබෙන සාපය. මේ දේශපාලනය කරන අය රට ගැන හිතන්නේ නැහැ. ඊ ළඟ ඡන්දය ගැන තමා හිතන්නේ. කාට හරි ඉඩම් කෑල්ලක් ලැබෙනවා... එ්ක නවත්වන්න හදනවා ඡන්දෙ නැති වේවි කියලා. අමු කැවිලා....
ඉඩම් ඇමතිවරයා හෝ මහවැලි සම්බන්ද ඇමතිවරයාත් දන්නේ නැතුවද මේවා බෙදල තියෙන්නේ කියල දැනගන්න කැමතියි . මේ විදියට වැඩ කරන්න පුළුවන් නම් කාටත් හොරෙන් තමන්ටත් ලොකු ඉඩමක් අයිති කරගන්න පුළුවන් නේ
අමරවිරයි , ධිවර අධ්‍යක්ෂක ජෙනරාලුයි කරන්නේ මොනවද කියල ඔබතුමා දන්නවද ?? ඔවුන් දෙන්න එකතුවෙලා අපේ ධිවර කර්මාන්තය කනවා ...
මම නම් දැනගෙන හිටිය "ආඩි හත්දෙනාගේ කැද හැලියේ " තරම.දැන් උන් උන්ම කුලල් කාගන්නවා.අපි බලාගෙන ඉන්නවා.
අයියෙ, ඇත්තටම මේවට හිත නරක්කරගන්න ඕනනෑ, යහපාලනය ගැනසිතා සමාජගත පොරොන්දු අනුව වැඩකරමු.
තමන්ට වැඩක් කරන්න බැරි නම් අඩු ගානේ අනුන් කරපු වැඩ වලට ඉරිසියා නොකර ඉන්නවා.
මහින්ද අමරවීර ඇමතිතුමා තංගල්ල ආසනේ ජන හදවත් දිනාගෙන හොද ජනපදනමක් ගොඩනගාගෙන ඇත.ජදුර, අගුනුකොලපැලස්ස, සංවර්දනය කර ඇත . පසුගිය මැතිවරණ ප්‍රතිපල බලන්න. ධීවර ඇමතිකම ලැබීමත් සමග වෙරළ අශ්‍රිත ජනයාගේද සිත් දීනා ගෙන ඇත . මහින්ද අමරවීර මහතාගේ ගමනට දිලිප්ට ඉර්ශීයව ඇත. දිලිප් සජිත් ගේ පිහිටින් ගොඩ උනේ,හැකියාව කුසලතා අතින් අමරවීර ඉදිරියෙන්.
හිතේ වේදනාවට දිලිප් ඕව කියවන්නේ. අඩුම ගනනේ තංගල්ල අසනයවත් දිලිප්ට දිනාගන්න බැරිඋනා. හොද ජන පදනමක් අමරවීරට තිබෙනවා. දිලිප් බේරුනේ සජිත්ගේ පිහිටෙන් .
අනේද කියන්නේ මුස්ලිම් නායකයෝ මුස්ලිම් මිනිස්සුන්ට ඉඩම් ඔප්පු දුන්නොත් තමා සරම උස්සගෙන කෑගහන්නේ.අපේ රටේ ඉඩම් ඔප්පුයි සිල් රෙදියි බෙදනවා ඇරෙන්න දේශපාලකයෝ කරන දෙයක් නෑ.විශේෂයෙන් බහුතරයක් සිංහල නායකයෝ.
ජනතාවට ලැබෙනවානම් කවුරු දුන්නහම මොකද .අපි සගිත් ප්‍රේමදාස මහතාත් අමරවීර මහාතාත් වැඩ කරන බව අසා තිබෙනවා ඇහෙනවා.ඔබ තුමා ගැන නම් වැඩි පැහැදීමක් නෑ..
දීලිප් ඔබ තුමා සජිත් නැත්නම් ඔතන නෑ.අමරවීර මහත්තයත් සමග සහයෝගයෙන් වැඩ කොට ප්‍රදේශයට වැඩක් කරන්ඩ.ඔබ තුමා ලෙඩෙක් බව තන්ගලු ජනතාව දන්නවා. අමරවීර මහතා වගේම පේමදාස මහතාත් මෙම ප්‍රදේශයට වැඩ කරනවා.ඔහොම එල්ලිලා ඉන්න බලන්ඩ. ඔබ තුමාට මොලය පෑදේවා.
මීට වඩා නරකද ඔය දෙන්න එකතු වෙලා මේ ගැන කතා කරලා එකට වැඩ කරන්න වැඩ පිළිවෙලක් හැදුව නම්. ප්‍රසිද්ධියේ එකම ආණ්ඩුවේ ඉන්න අනික් මිනිහ ගැන විවේචනය ටිකක් කැතයි නේද?
සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. කවුරු මොනවා දුන්නත් මොකද එකම ආණ්ඩුවනේ. මීට වඩා වැඩක් කරන ඇමති කෙනෙක් වෙන්න බලන්න. පුළුවන්නම් පාසල් 50ට පොත් බෙදන්න.
හොඳින් වැඩ කොට ජනප්‍රසාදය දිනා ගන්න. අමරවීර මහතා ඔබට වඩා ඉදිරියෙන් බව දැනගන්න. ඔප්පු කවුරු බෙදුවත් කමක් නෑ. ඔබට පුළුවන්නේ දුප්පත් ළමයින්ට දුප්පත් පවුල්වලට මොනවා හෝ බෙදන්න. බස් නැවතුම හදා නගරය පිරිසිදුව තැබීමේ වැඩ පිළිවෙලක් ගෙන්න.