(ඡායාරූප - ශාන්ත රත්නායක)
එක්වරම දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටින මගීන් විරෝධය පෑම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
රාජකාරී නිමවී නිවෙස් බලා යෑමට පැමිණි බොහෝ පිරිසක් පූර්ව දැනුම් දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වූහ. මේ හේතුවෙන් දැඩි කෝපයට පත් මගීහු දුම්රිය ස්ථානාධිපති කාර්යාලය වටකොට දුම්රිය වර්ජනයට විරෝධය පෑහ.
මරදාන දුම්රියපොළේ ද මෙවැනිම තත්ත්වයක් හටගෙන ඇතැයි දුම්රිය ආරංචි පවසයි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් කොළඹ කොටුව හා මරදාන දුම්රියපොළවලට පිටත්කොට ඇතැයි පොලිස් ආරංචි පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා දෙකක් නැහැ මේ වගේ අයව සේවයෙන් නෙරපා හරින්න ඕනා.
පුෂ්පකුමාර මහතාණෙනි, ඔබට නම් දුම්රිය දිව්වොත් ඇති. එය ක්‍රියාකරවන සේවකයන්ට හෙන ගැහුවත් කමක් නැද්ද? තමන්ට කෙලවෙච්ච දවසට, අඩාගෙන එන්නකෝ බබාට සුප්පුවකින් කිරි පොවන්න.
මෙවැනි පහත් වර්ඡන හෙලා දැකිය යුතුයි
දැන් අපි සාමාන්‍ය මහජනතාව විදියට ඉවසුව හොඳටම ඇති , ආණ්ඩුවට ගානකුත් නැහැ වර්ජන ඉවරයකුත් නැහැ. අපි පිඩාවට පත් වෙන සාමාන්‍ය මිනිසුන් විදියට එකමුතු වෙලා මේ උද්ගෝෂණය කරන අයටත් මේ දුක ගැන වැටහීමක් ලබාදෙන්න ඕනේ. ආණ්ඩුවත් මිනිසුන් හරි දේට එකතු වෙනකොට බය වෙයි (ඉන්දියාවේ උනානම් මෙලහකට දුම්රිය කට්ටියගේ ගෙවල් ඉවරයි)
මහින්දගේ කාලයේ භය නිසා නොතිබුන වැඩ වර්ජන දැන්කාලේ හිතු මනාපේ, හිටිහැටියේ පැවැත්වෙන බව පෙනේ. ආණ්ඩුව ලබා දී ඇති නිදහසින් අයුතු ප්‍රයෝජන ගනිමින් මහජනතාවට හිරිහැර වන අයුරින් දැන් වැඩ වර්ජන පැවැත්වේ.
මෙන්න මේ වෙලාවට තමයි පා.ම.මහින්දගේ අගය දැනෙන්නේ. වර්ජනය කළා නම් හෙට ගෙදර.
ජාතිය ආගම ගැන නිතරම බණ කියන අයගෙන් පිරිච්ච රටක් මේක. මේ විදිහට ගහෙන් ගෙඩි එනව වගේ ජරා වැඩකරන්න පුලුවන්ද මිනිස්සුන්ට. කී දාහක් මිනිස්සු අසරණ වෙනවද මේ වැඩ නිසා.
අද රටේ ඇතිවන බොහොමයක් වර්ජන වලින් පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනතාවයි. මේ වර්ජන වලින් රජයේ මැති ඇමතිවරුන්ට කිසිම අපහසුතාවයක් නොවන අතර, ඔවුන් මේ වර්ජන තුලින් මහජනයාට ඇතිවන පීඩාව එතරම් ගණනකට නොගනී. මෙවැනි, මහජනයාට සේවය නොකරන මැති ඇමතිවරුන් ඇති ආණ්ඩුවක් රටකට අවශ්‍යද?
මේ ආණ්ඩුව ආපු දවසේ ඉදලා මහජනතාවට වර්ජන විතරයි
අපේ රටට රජයේ සේවය හරියන්නේ නැහැ. මේ වගේ ආයතන අනිවාර්යෙන්ම පුද්ගලීකරණය කල යුතුයි. මේවා රජයේ ආයතන කිවුවට මේ වලින් ජනතාවට නොමිලේ සේවයක් වෙනවද ?? නැහැ.. මේවා පුද්ගලීකරණය කළා නම් අඩු තරමේ කාර්යක්ෂම සේවයක් හරි ජනතාවට ලැබෙනවා. මොකක් හරි හොඳ රටක සමාගමක් හොයාගෙන මේ වගේ ආයතන දුවන්න ඒවලට බාරදෙන්න ඕන. එතකොට මේ අය වැඩ කරයි. මේවා රජයේ ආයතන සහ දේපොළ කිවුවට මේ වලින් ජනතාවට සත 5 ක වටිනා සේවයක් වෙන්නේ නැහැ. වෙන එකම දේ තමයි මේ වල පඩි ගෙවන්න ජනතාවගේ පොකට් එකට තට්ටු වෙන එක. මේ අය හදන්නේ නිකන් ඉඳන් පඩි වැඩි කරගන්න. ඒකට ඉත්තට ගන්නේ හැමවෙලේම ජනතාවව. මේක විතරක් නෙමෙයි රජයේ සියලු ආයතන පුද්ගලීකරණය කල යුතුයි. එහෙම කලාම නිකන් සෙල්ලන් දදා පඩි ගන්න හදන අයට වෙන්නේ එල්ලෙන්න තමයි. මේ රට දියුණු කරන්න නම්, ජනතාවට කාර්යක්ෂම සේවයක් ලැබෙන්න නම් සියලු ආයතන පුද්ගලීකරණය විය යුතුයි. මොකද රජයේ සේවය කියල මොන ආයතනයේ මොන වැඩේද නොමිලේ කරලා දෙන්නේ. කොහේ හෝ තැනක නොමිලේ කරන වැඩක් තියෙනවා නම් එක කරගන්න අල්ලස් දෙන්නේ නැතුව නොමිලේ පුලුවන්ද ? බෑ...
හරිනම් මේකත් විකුණලා දන්නා ඕන. එතකොට ඔක්කොම හරි.
දොස්තරලා වර්ජනය කරහම දැඩි කෝපයට පත් වෙන්නේ නැත්තේ ඇයිද දන්නේ නැහැ මේ ජනතාව.
මමත් ඊයේ 7.00 ට දුම්රියපොළට ගියා. ගියාමයි දන්නේ කොච්චි නැහැ කියලා. ඉස්කෝලේ ළමයි, පොඩි ළමයි, වයසක මිනිස්සු කර ගන්න දෙයක් නැතුව බලන් ඉන්නවා. මේ අයට අද නිදහස වැඩියි. නිදහස තියෙන නිසා අද හැමතැනම ස්ට්‍රයික්.
ලංකාව අසාර්ථක රාජ්යක් වී හමාරයි. හැමතැන වර්ජන, පිකටින් අාණ්ඩුවලට බැරිවලා රටේ දැවෙන සංවේදී ගැටළු වලට විසඳුම් දෙන්න. ගිය අාණ්ඩුව මේ ගැටළු මතුපිටට නොයෙන්න පීඩනය යෙදුවා. පාලකයන් මේ ගැටලු මතින් මඩිය තර කර ගත්ත එක තමයි කරන්නේ. විපක්ෂයෙ ඉන්නකොට විසඳුම් දෙනවා කියනවා බලයට අාවම නෑ. ඔක්කෝටම මුල වංචාව, දූෂණය, නිලධාරිවාදය. මේවා නැතිකරනකන් මේ ගැටළු මෙලෙසමයි. මේ බඩගෝස්තරවාදී දේශපලකයන් මාරුවෙන් මාරුවට සිටිනකන් එ්ක වෙනස් වෙන්නෑ. අපි අගාදයටම යනවා.
මෙවැනි වැඩ වර්ජන නිසා දැඩි අපහුවට පත් වන්නේ මේ රටේ නැති බැරි මින්සුන්. වර්ජකයන්ගේ පැත්ත බැලුවත් ඔවුන්ගේ දුක් ගැනවිලිත් සාධාරන වෙන්න පුළුවන්. නමුත් මෙවැනි වැඩ වර්ජන මෙහෙය වන නායකයන් කල යුත්තේ නැති බැරි එකා විපත් හෙලිම නොව. මේවාට වගකිව යුතු මහා එවුන් සහ . දේසපාලුවන් වට කර පහර දීම.මොකා යහ පාලනය කියා පැවසුවත්.මොකා ඒකාබද්ද විපක්ෂය කියා පැවසුවත් තියෙන්නේ ජරා බද ගොස්තර වැඩි දේසපාලනය.
අතරක් නොමැතිව කරන මෙවැනි වැඩවර්ජන වලට විරුද්ධව මහජනතාව පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇති බව මගේ අදහසයි. රජය මෙවැනි පහත් පෙලේ වර්ජන වලින් නොසලෙනවා උනාට දුක් විඳින්නේ ජනතාව නොවේද?
මටනම් වැඩියෙන්ම මතක් වෙන්නේ ප්‍රේමදාස මහත්තයාගේ යුගය .ස්ට්‍රෛක් කරපු කට්ටිය පහු වෙනිදට අතුරුදන්
දැන් මම හිතන්නේ මහජනතාවට එක් වෙන්න කාලේ හරි වගේ. මේ විදියට විදගෙන බලාගෙන හිටිය හොඳටම ඇති. බඩේ කැක්කුම හැදුනත් වර්ජනය . එතකොට ජනතාවගේ ප්‍රශ්න වලට වර්ජනය කරන්නේ කව්ද. මීට පස්සේ වර්ජනය කරන උන්ව දැක්කොත් ගහන්න ඕනේ පාරේ තියෙන ගල් අහුලලා. මුන් කරන සක්කිලි වැඩ හින්ද කී දෙනෙක්ගේ ජීවිත අපහසුතාවයට පත් වෙනවද?
ඕකුන් ටික එලවල දාල අලුතින් රියදුරන් බැඳ ගන්න. අපේ මාමා හිටපු දුම්රිය රියදුරෙක්. එයා කිව්වා ඔය කට්ටිය පුම්බගෙන හිටියට ඕක එලවන්න ඉගෙනගන්න සුමානයක් වත් යන්නේ නැහැ කියල. අලුතින් කට්ටිය අරගෙන වැඩට දාන්න. දුම්රිය රියදුරු ඉගැන්වීම පුද්ගලික අංශයට බාර දෙන්න. කට්ටිය පුරුදු වුන ගමන් ඔක්කොම වර්ජන ඉවරයි.
එක පාරම ඔය වැඩ වර්ජනේ කරපු උන් දන්නේ නැද්ද මේ මිනිසුන්ගේ ගෙවල් වල පොඩි උන් කොයි තරම් ආසාවකින් අම්මා තාත්තා වැඩ ඇරිලා ඉක්මනට ගෙදර එනකම් බලන් ඉන්නවද කියලා? දවසෙම මැරිලා මැරිලා වැඩ කරලා ඔය කොච්ච් වලම හිර වේවි ගෙදර ගිහින් පොඩි උන්ගේ ලස්සන හිනාව, අම්මේ තාත්තේ කියලා කතා කරන හඬ අහන්න කොයි තරම් අසාවෙන් ඔය මිනිස්සු ඉන්නැද්ද කියලා?. ඔය වගේ වැඩ වර්ජන කරන උන්ට වර්ජන වලින්ම ඉල්ලීම් දිනා ගන්න වෙලා තියෙන්නෙත් ඔය වගේ කාලකන්නි හිතක් පපුවක් නැති වැඩ නිසාමයි.
දුම්රිය පුද්ගලීකරණය කල යුතුය ඔතන කලබල කරන අය හැමදාම හොරෙන් යන අය
අර නිල ඇදුම හෝ රාජකරී හදුනුම්පත නැතිව රාජකාරිය කරන සිටින බාප්පල මොකද කියන්නේ ?
මෙය සාමාන්‍ය මගී ජනතාවගේ මුලික අයිතිවාසිකං උල්ලංගනය කිරීමකි.
මෙහෙම කොහොමද අපේ රට දියුණු කරන්නේ ? ලොකුලොක්කො උඩ බිම බලන්නෙ නැතිව අම්මා අප්පගෙ දේවල් පවා හොරකම් කරනවා. වංචාව, පගාව,ස්ත්‍රි දුෂණ, තක්කඩිකම් නිමක් නෑ. වැඩ කරන ජනතාවත් අවාට ගියාට දිගට හරහට වැඩ වර්ජන , උද්ගෝශන කරනවා. මේවා ගැන කවුද වග කියන්න ඔනෑ?
ශ්‍රිලංකාවේ සියලුම අතවශ්‍ය සේවා හදිසි අවස්ථාවකදී පවත්වාගන යාම සදහා විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදාවෙන් සාමාජිකයන් 50000 වෙනම පුහුණු කරවන්න ඕනෙම අවස්ථාවකදී ඒ නිලදාරීන් යොදවා අතවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගන යාමට අවැසි සියලු දේ ඇති කරන්න දැන් රටේ යුද්ධයක් නොමැති නිසා පහසුවෙන් මෙය කල හැකිය
දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් වලට ඇහුන්කම් දීල ඒ ප්‍රශ්න වලට සාධාරණයක් කරා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. මේකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ මේ රජයම තමා. අපිට නම් ඉතින් කියන්න තියෙන්නෙ "ඔබට සතුටුයිද දැන්?" කියල තමා.
මම නම් කියන්නේ අපේ මිනිස්සුන්ට ප්‍රජාතන්තරේ දීල හරි යන්නේ නැහැ
අපේ රටේ සමහර නුගත් මිනිස්සු නිසා රට දියුණු කරන්න බැහැ. කාර්යක්ෂම සේවා ලබා දීමට නම් සමහර ආයතන පෞද්ගලිකරණය කල යුතුයි. හැම එකටම ස්ට්‍රයික් කරලා හරි යන්නේ නැහැ. අන්තිමට වෙන්නේ අහිංසක ජනතාව කට්ට කන එක විතරයි.