(ඡායාරූප - ශාන්ත රත්නායක)
එක්වරම දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටින මගීන් විරෝධය පෑම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
රාජකාරී නිමවී නිවෙස් බලා යෑමට පැමිණි බොහෝ පිරිසක් පූර්ව දැනුම් දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වූහ. මේ හේතුවෙන් දැඩි කෝපයට පත් මගීහු දුම්රිය ස්ථානාධිපති කාර්යාලය වටකොට දුම්රිය වර්ජනයට විරෝධය පෑහ.
මරදාන දුම්රියපොළේ ද මෙවැනිම තත්ත්වයක් හටගෙන ඇතැයි දුම්රිය ආරංචි පවසයි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් කොළඹ කොටුව හා මරදාන දුම්රියපොළවලට පිටත්කොට ඇතැයි පොලිස් ආරංචි පවසයි.







COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.