IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හොරකම් කළ කෝටි 20 සොයාගනී

කොළඹදීය (ඒ.එෆ්.පී)
තායිවාන බැංකුවකින් සොරාගෙන මෙරටට එවන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3ක (රුපියල් කෝටි 20කට ආසන්න) මුදල සොයාගැනීමට සමත්වූයේ යැයි නිලධාරියෙක් පැවැසීය. 
පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ මුදල සොයාගැනීමට සමත්ව තිබේ. සොරකමට සම්බන්ධ පුද්ගලයන් සොයා ජාත්‍යන්තර විමර්ශනයක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර තායිවානයේ ‘ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල්’ බැංකුවේ ස්විෆ්ට් පද්ධතියට අනවසරයෙන් පිවිසි ජාත්‍යන්තර අපරාධ කල්ලියක් එම බැංකුවේ ගිණුම්වලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 60කට ආසන්න මුදල් එක්සත් ජනපදය, කාම්බෝජය සහ ශ්‍රී ලංකාව යන රටවලට යැවූ බව වාර්තා විය. 
කොළඹ පිහිටි බැංකුවක ගිණුම්වලට එවන ලද මුදල්වලින් විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට අත්අඩංගුවට පත් ශ්‍රී ලංකාකියන් දෙදෙනා කටයුතු කර තිබිණි. 
අත්අඩංගුවට පත් අයෙක් ශ්‍රී ලංකා සම්භවය සහිත බි්‍රතාන්‍ය පුරවැසියකු වන අතර අනෙක් තැනැත්තා ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍යයේ පුරවැසියභාවය හිමි අයෙකි. ඔවුන් දෙදෙනාට මුදල් ලැබී ඇත්තේ ඉන්දියානු පුද්ගලයන් දෙදෙනකු මාර්ගයෙනි. ඒත් සමඟ විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් වී ඇතැයි අදාළ නිලධාරියා පැවැසීය.
“මුදල් හුවමාරු වන අවස්ථාවේදී ඉන්දියානු ජාතිකයන් දෙදෙනක් කොළඹ හිටියා. කෙසේ නමුත් ඔවුන් පැන ගිය” පොලිස් නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය. 
සොරකම් කරන ලද මුදල් හුවමාරු කර ඇත්තේ එම ඉන්දීය ජාතිකයන් දෙදෙනා වන අතර ශ්‍රී ලාංකිකයන් සැලැස්ම වෙනස් කර ඇතැයි ද තොරතුරු දුන් නිලධාරියා පැවැසීය. අදාළ ඉන්දීය ජාතිකයන් දෙදෙනා සම්බන්ධයෙන් එරට නිලධාරීන්ට තොරතුරු ලබා දී ඇතැයි එම නිලධාරියා කීවේය. 

055



අදහස් (1)

හොරකම් කළ කෝටි 20 සොයාගනී

vipula Friday, 13 October 2017 04:57 AM

බලන්න අපි කොයි තරම් අසරණ ජාතියක්ද කියල මහා බැංකු බැඳුම්කරේට වසර දෙකක් වෙනවා. තවම එක රුපියලක් හොයා ගන්න බැරි වුණා. පිටරටක මිනිස්සු ලංකාවට ඇවිල්ලා ඔක්කොම සල්ලි හොයාගෙන....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 48 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site