ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු 9 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
අම්පාර, කොළඹ, මාතර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක පහ සඳහා මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු පත්කර ඇත.
1. නලීන් ගුණසේකර මහතා - කොළඹ
2. මීරා ලෙබ්බේ රෙබුපාසම් මහතා - අම්පාර
3. නවනීදරාජා මහතා - අම්පාර
4. අයි.එච්. අබ්දුල් වහාබ් මහතා - අම්පාර
5. ටී. රෆයිඩීන් මහතා - අම්පාර
6. ප්‍රනීත් පද්මතිලක මහතා - මාතර
7. එම්.එච්.එම්. සකරියා මහතා - රත්නපුර
8. ආරියරත්න විජේවික්‍රම මහතා - අම්පාර (මහඔය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සදහා)
9. සුජීව ගොඩලියද්ද මහතා - මාතලේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ අය.ඇහුවෙත් අදයි.මේ දිස්ත්‍රික් සංවිධායක වරුන් ද.
සංහිදියාව දෝරේ ගලා සිංහලයා යට වී ගොස් ඇත.
සුභ පැතුම්. ඉතාම දක්ෂ සංවිධායකවරු ටිකක්. ජය නියතයි..
මේ මොක්කුන්ද මෛත්‍රිපාල මහත්තයෝ?
ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ අවසන් ජාතික මෑතිවරනයට අපෙන් සුබ පෑතුම්.. මෙම චන්දයෙන් පසුව ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ නායකයින්හට පක්ශයක් යනු හුදෙක් ඩාලි පාරේ ඈති බොර්ඩ් ලෑල්ල නොවේයන්න පසක් වනු ඈත...
70% සිංහල ඡන්ද ශ්‍රීලනිප (මෛත්‍රි), ශ්‍රීලනිප (මහින්ද), එජාප සහ සුළුපක්ෂ යන හතරට බෙදෙනවා. ඉතිරි 30% දිනාගත්තාම ගොඩ. වැඩේ සිම්පල්.
හොරුනම් පත් කරන්න එපා.
මෙයාලට වෙන්නේ ගිලෙන නැවට පැන්න මීයට වුණුදේමයි. අනිත් එක මේ මිනිස්සු මෙච්චර කලක් හිටියේ කොහෙද? බණ්ඩාරනායක මහත්තය වලෙන් නැගිටලා ඇවිත් මෛත්‍රීට සාප කරනවා සිකුරුයි.අනිත් කරණය මොහු ලොස් අන්ගලිස් වලද ඉපදුනේ? නැතිනම් මෙවන් පුද්ගලයෝ ඉතාමත් දක්ෂයෝ කියන්නේ කොහොමද? අවදිවෙන්න.නැතිනම් හැමදාම ලක් වැසියෝ අදුරේ. මම මෙහෙම කියන්නේ මෙල්බන් වල ඉදලයි.ඔය ලොස් ඇන්ජලීස් වල හිටියට ඇත්ත ඇති සැටියෙන් දකින්න.
නානායක්කාර ඔයාගේ ඊර්ෂ්‍යයා මානසිකත්වය හින්ද තමයි රටේ මෙහෙම කලබල
අලුත් දක්ෂ තරුණ ජවය පක්ෂයට බද්ද කල යුතුයි.. රටේ ජනතාව නමගිය හොරුන් වෙනුවට නම් ප්‍රසිද්ධ නැති අවංක පුද්ගලයින් පත් කරමු. සියලුම ජාතිවාදීන්ට විරුද්දව කටයුතු කරමු.
සංහිදියාව දොරේ ගලනවා. හැමතැනකම සිංහලයා පරද්දල අනික් ජාති ඉස්සරහට ඇවිල්ලා. තාම ලංකාවේ සුළු ජාති 50% වෙලා නෑනේ. මේවගෙන් පෙන්නේ ඔක්කොටම ඕන බලය විතරයි.
මෙදා කට්ටිය එකතුවෙලා අලියව දිනවනවා. මේ දේට මුල හිටපු ලොක්කගේ බල ලෝභී කමයි. ඔහු නිසා ආරක්ෂා වන්නේ හොරු ටිකයි.
නියමයි ජයවේවා !!!
අපි මෙයාලව දන්නේ නෑනේ....අදමයි ඇහුවේ