කටාර් රියාල් මාරු නොකිරීමෙන් ශ්‍රී ලාංකිකයන් අමාරුවේ කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් අද (6) සිට කටාර් රියාල් මාරු නොකිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ . 06 June 2017
‘ද්විතීයික වෙළඳ පොළේ තොරතුරු දුන්නේ නෑ‘ - හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසමේදී කියයි ද්වීතීයක වෙළඳ පොළේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් මෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාගෙන්ද ඉල්ලා සිටියත් ඔවුන් ඒ තොරතුරු ලබා දුන්නේ නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද(5) බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය. 05 June 2017
මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සංගක්කාර එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන තිබේ. 05 June 2017
ආපදාවට ලක්වූ මැණික් හා රන් කර්මාන්තකරුවන්ට සහන ගංවතුරින් හා නාය යෑම්වලින් අවතැන් වු හා ආපදාවට ලක්වූ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ පවුල්වලට සහනාධාර ලබාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත. 05 June 2017
හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසම හමුවට වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙට(05) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 04 June 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආරක්ෂිතයි එංගලන්තයේ ලන්ඩන් පාලම අසල දී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිවකුට අනතුරක් නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා කියයි. 04 June 2017
ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන් මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක් නිසා හදිසියේම නැවත මෙල්බන් නුවරට ගොඩබැස්වීය. මනෝද් මාක්ස් නැමැති එම ශ්‍රී ලාංකිකයා තමා සන්තකයේ බෝම්බයක් ඇතැයි පවසමින් නියමු කුටිය වෙත පිවිසීමට උත්සාහ කර ඇති අතර යානයේ වූ මගීන් පිරිසක 02 June 2017
අනුර සේනානායකට ඇප රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය. 02 June 2017
පොලිසියේ ලොකු පුටු 12ක වෙනසක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය කියයි. 02 June 2017
‘වසර 50කට පෙර ගංවතුර වළක්වන්න ගෙනා සැලසුම් තවමත් නෑ‘ - ජනපති ‘ගංවතුර වළක්වාගන්න අවුරුදු 50ට පෙර හදපු සැලසුම තවමත් ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය පස්සේ ස්වභාවික ආපදා සිදුවන විට නැවත කෑ ගහනවා. මේ ක්‍රමය දැන්වත් නවත්වන්න‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 01 June 2017
ආපදා ආධාර සඳහා රජයෙන් බැංකු ගිණුම් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ආධාර කිරීම සඳහා බැංකු ගිණුම් කිහිපයක් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. 31 May 2017
ගලගොඩඅත්තේ හිමි රෝහලේ අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇතැයි කියන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි තවදුරටත් අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා බදාදා (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 31 May 2017
නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු අටක් දිවුරුම් දෙති නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් අද(31) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන්හ. 31 May 2017
මිය ගිය ගණන 202 දක්වා ඉහළට:96ක් තවමත් අතුරුදන් ආපදා තත්ත්වය නිසා මිය ගණන 202 දක්වා ඉහළ ගොස් ඇතැයිද 96 දෙනකු අතුරුදන් ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුරෙන් සහ නායයෑම්වලින් 630 000ට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද කියැවේ. 31 May 2017
මාර්ග රැසක ගමනාගමනය තවමත් අඩාලයි වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් මුදාගනිමින් සිටි එම්අයි17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද උදෑසන කඩා වැටී ඇත. 29 May 2017
පනාපිටිය වේල්ලගැන බියවෙන්න කාරණාවක් නෑ - වාරිමාර්ග අධ්යක්ෂ කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (කොළඹ කලාපය) ජී. කේ. පද්මකීර්ති මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්ය. 28 May 2017
ඥානසාර හිමි අල්ලන්න පොලිස් මෙහෙයුමක් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 25 May 2017
ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එරට අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුවක් අද(25) කැන්බරා නුවර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. 25 May 2017
මධ්‍යම පළාත් මන්ත්‍රීගේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අත්හිටුවයි මහනුවර ජනාධිපති මන්දිරියේ ප්‍රවේශ මාර්ගයට බාධා ඇතිවන පරිදි ඉදිකෙරෙමින් පවතින පස් මහල් ගොඩනැගිල්ලක වැඩකටයුතු වහා අත් හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය නියෝග කර ඇත. 25 May 2017
සයිටම් විරෝධී පාගමනට අදත් කඳුළු ගෑස් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව සංවිධානය කළ සයිටම් විරෝධී පාගමනට කොළඹ ලෝටස් පාරේදී අද(24) පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 24 May 2017
යාපනයේ කෝවිලක කොටි හොල්මන් යාපනය කෝපායි තිරුනෙල්වේලි කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍යයක් අතුරතුර පුද්ගලයෙකු යුද සමයේදී කොටි සංවිධානය භාවිතා කරන ලද ඊලාම් සිතියමට සමාන සිතියමක් ප්‍රදර්ශනය කර ඇතැයි යාපනය පොලීසිය කියයි. 24 May 2017
ජාතිවාදය - ආගම්වාදය මැඩලීමේ බලය පොලිසියට ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල මෙම දිනවල සිදුවන ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(23) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 23 May 2017
මන්ත්‍රීවරු 13 ක් උතුරු මැද මාසික රැස්විම වර්ජනය කරති උතුරු මැද පළාත් සභාව සදහා නව අමාත්‍යවරුන් පත් කිරිමෙන් පසුව අද (23) දින පැවැති මුල්ම මාසික රැස්විම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 13 දෙනෙකු විසින්ම වර්ජනය කර තිබුණි. 23 May 2017
එල්.ටී.ටී.ඊයට උපකාර කරන්නැයි ඉන්දිරා රෝ සංවිධානයට කිවුවා - කේ.පී. එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලා සිටි බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරන් පද්මනාදන් ප්‍රකාශ කරයි. 22 May 2017
‘කැබිනට් මණ්ඩලයේ සිතාගත නොහැකි වෙනසක් හෙට‘ - ඇමැති මහින්ද අමරවීර කිසිවකුටත් සිතාගත නොහැකි තරමේ වෙනසක් කැබිනට් මණඩලයේ හෙට (22) සිදුවෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. 21 May 2017
බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීම දෙසතියකින් කල්දමයි බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය. 21 May 2017
උතුරේ හමුදාවට ඉවත් වන්නැයි ජනතාව වීදි බසින දවස නුදුරේදීම - විග්නේෂ්වරන් උතුරේ රැඳී සිටින ආරක්ෂක හමුදාවට ඉවත් වන්නැයි කියා උතුරේ ජනතාව වීදි බසින දවසක් නුදුරේදීම උදාවෙනු ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් කළ සැමරුම් උත්සවයකදීය. 19 May 2017
මහබැංකුවේ හිටපු අධිපතිගේ බෑණා කොමිසම හමුවට ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවන බව වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (19) දැනුම් දුන්නේය. අර්ජුන් ඇලෝසියස් මහතා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ය. 19 May 2017
ළහිරු වීරසේකර ඇතුළු 6 දෙනකුට වරෙන්තු නිකුත් කරයි මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් කර මහජන පීඩා සිදුකළැයි කියන සිද්ධියකට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු චතුරංග වීරසේකර සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය. 19 May 2017
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026