පුංචි ඡන්දයේ ගැසට් පත්රයට ඇමැති ෆයිසර් අත්සන් තබයි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහා වන රජයේ ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන අමාත්ය ෆයිසර් මුස්තාපා මහතා අද(1) අත්සන් තැබීය. 01 November 2017
තෙල් මිල අඩු කරන්න යයි ඩීසල් සහ පෙට්රල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට ඛනිජ තෙල් නීති ගත සංස්ථාව තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 31 October 2017
නුවරඑළියට අලුත් ප්රාසභා හතරක් නුවරඑළිය දිස්ත්රික්කය සඳහා අලුතින් ප්රාදේශීය සභා හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබා දී ඇත. 31 October 2017
අන්තරේ ලහිරුට - ටැම්පිටියේ හිමිට ඇප අන්තර් විශ්ව විද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරට හා අන්තර් විශ්ව විද්යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද(31) ඇප නියම කළේය. 31 October 2017
වෛද්ය සංගමය සයිටම් තීන්දුව අගය කරයි සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව බෙහෙවින් අගය කළ යුතු නමුත් නම පමණක් වෙනස් නොකර සැබෑ ප්රමිතිගත ආයතනයක් අලුතින් පිහිටවිය යුතු යැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය කියයි. 30 October 2017
කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්ය අංශ ප්රධානිව සිටි එමිල් කාන්තන් මහතා ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය. 30 October 2017
නියෝජ්ය ඇමැති දුලිප් ඉවතට මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තැපැල් නියෝජ්ය ඇමැති දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීය. 29 October 2017
සයිටම් අහෝසි කරන්න රජය තීරණය කරයි මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්ය පීඨය අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ලාභ නොලබන නව ආයතනයක් බිහි කර දැනට අධ්යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමටත් රජය තීරණය කර තිබේ. 29 October 2017
කොස්ගොඩ වෙඩි තැබීම් තුනකින් හතරක් මරුට අම්බලන්ගොඩ කොස්ගොඩ දී අද ( 29) අලුයම 3.45 පමණ සිදුවූ වෙඩි තැබීම් 3 කදී පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් 15 හැවිරිදි දරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 29 October 2017
පාර්ලිමේන්තුවට බෝම්බ 100ක් ගහන්න ඕනෑ - කෙහෙළිය පාර්ලිමේන්තුවේ බලතල නැති කරලා නාමික පාර්ලිමේන්තුවක් කරලා පළාත්වලට අසීමිත බලතල ලබා දෙන්න හදන මේ වගේ පාර්ලිමේන්තුවකට බෝම්බ එකක් නොව බෝම්බ සීයක් ගහන්න ඕනෑ 28 October 2017
ශ්රී ලංකාව කැටලෝනියාවේ වෙනම රාජ්යය හෙළාදකී කැටලෝනියානු පාර්ලිමේන්තුව විසින් ඒක පාර්ශ්විකව වෙනම රාජ්යයක් ප්රකාශයට පත්කරනු ලැබීම හෙළාදකින බව ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් අද (28 වැනිදා) ප්රකාශ කළේය. 28 October 2017
දුම්රිය පාර්සල් ප්රවාහන ගාස්තු ඉහළ යයි දුම්රිය පාර්සල් ප්රවාහන ගාස්තු ලබන නොවැම්බර් 01 වනදා සිට 50 % කින් ඉහල දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. දුම්රියෙන් භාණ්ඩ ප්රවාහනය කිරීම මෙතෙක් ඉතාම ලාබදායී වූ බව භාණ්ඩ ප්රවාහනයට උනන්දුවී සිටි බොහෝ දෙනෙක් පවසති. 28 October 2017
අ’පුර අනතුරේ සැරයන්වරු දෙදෙනාගේ වැඩතහනම් අනුරාධපුර - පුත්තලම ඒ 4 ප්රධාන මාර්ගයේ බුලංකුලම ප්රදේශයේ දී ඊයේ (26) තරුණියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන අනුරාධපුර පොලිසිය, එම තරුණියන් යට කළ හරක් ලොරිය පසුපස කැබ්රථයකින් පන්නාගෙන ගිය පොලිස් සැරයන්වරු දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත. 27 October 2017
පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් පත්රය බදාදා පළාත් පාලන මැතිවරණයට අදාල සභික සංඛ්යාව සඳහන් වන ගැසට් පත්රය ලබන බදාදා (නොවැම්බර් 1) නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්ය ෆයසිර් මුස්තාපා මහතා ප්රකාශ කළේය. 27 October 2017
ගුරු උසස්වීම් ලක්ෂයක් ඇණහිටලා අධ්යාපන අමාත්යාංශය වසර තුනකට ආසන්න කාලයක් ගුරු උසස් වීම්වලට අදාළ වැඩපිළිවෙලක් සකස් නොකිරීම හේතුවෙන් ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසකගේ උසස් වීම් මේ වනවිට ඇණහිට ඇති බව ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. 27 October 2017
බෝම්බ ගැසූ දෙදෙනෙක්ට වසර 35කට පසු මරණ දඬුවම බෝම්බයක් පුපුරවා කුරුණෑගල වැල්ලව ගොඩයාය වත්තේ මුරකරු ඝාතනය කර ඔහුගේ බිරිඳගේ එක් ඇසක් අන්ධ කළැයි දෙදෙනකුට මරණ දඬුවම නියම කිරීමට වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සුමුදු පේ්රමචන්ද්ර මහතා අද (26) නියෝග කළේය. 26 October 2017
අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි යළි රිමාන්ඩ් අන්තර් විශ්ව විද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ලබන ඔක්තෝබර් 31වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද(26) නියෝග කළේය. 26 October 2017
පොලිස්පතිට දේශපාලන බලපෑම් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට දුන්නේ යැයි කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් එල්ල වු බව කියන ජීවිත තර්ජන පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කරන්නැයි පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ. 25 October 2017
අවම ප්රමිතිය වෙනස් නොකරන්න වෛද්ය සභාව තීරණය කරයි වෛද්ය විද්යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැනට ඇති ප්රමිතිය වෙනස් නොකිරීමට තීරණය කළ බව වෛද්ය සභාවේ සභාපති ආචාර්ය කොල්වින් ගුණරත්න මහතා කියයි. 25 October 2017
පුංචි ඡන්දය ජනවාරියේ : පක්ෂ නායක තීරණයක් පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (24) සවස පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. 25 October 2017
විදේශ රැකියා අමාත්යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන කිරිපිටි වංචාවක් විදේශ රැකියා අමාත්යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ප්රසිද්ධ කිරිපිටි සමාගමකින් රුපියල් 13,77,750 ක් වටිනා කිරිපිටි පැකට් 3500 ක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳ එම අමාත්යංශය අභ්යන්තර පරික්ෂණයක් අරඹා ඇත. 24 October 2017
අලුත් ව්යවස්ථාව ගැන නීතීඥ සංගමයෙන් ප්රශ්න පත්රයක් ආණුඩුක්රම ව්යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්ය‘ ව්යුහය ‘පෙඩරල්‘ ව්යුහයක් දක්වා පරිවර්ථනයකට ලක් වන්නේදැයි සැක කරන ශ්රී ලංකා නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ඉල්ලමින් රජයට ප්රශ්නාවලියක් යොමු කොට ඇත. 23 October 2017
බැඳුම්කර කොමිසමේ කාලය දිගුකරන්නැයි ඉල්ලයි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව මෙතෙක් තමන්ට කිසිදු දැනුම් දීමක් කොට නැතැයි භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා අද දැනුම් දුන්නේය. 23 October 2017
රයන් ජයලත්ට ඇප සෞඛ්ය අමාත්යාංශයට කඩා වැදී එහි දේපල රුපියල් ලක්ෂ 15 කට අධික අලාභයක් කරන ලදැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී මණ්ඩලයේ කැඳවුම්කරු රයන් ජයලත්ට රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා නියෝග කළේය. 23 October 2017
කෝට්ටේ සංඝ සභාවත් ව්යවස්ථාව එපා කියයි මේ අවස්ථාවේ ව්යවස්ථාවක් සෑදීමට වඩා රටේ වෙනත් ප්රශ්න තිබෙන බවත් නව ව්යවස්ථාවක් අවශ්ය නැතැයි තම සංඝ සභාව තීන්දු කළ බවත් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ. 22 October 2017
කෝටි 26කට දළදා මාලිගාවට අලියෙක් අරං විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහමාරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිහයාමාරකට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්ය ගාමිණී ජයවික්රම පෙරේරා මහතාට දැනුම් දී ඇත. 22 October 2017
‘වත්මන් රජය සංඝයාට ගරහනවා‘ - ගැටඹේ නාහිමි රට ව්යවසනයකට ගමන් කරන විට මහා සංඝයා එක්ව ඒවාට පිළියම් ඉදිරිපත් කරන බවත් එය අතීතයේ සිට සිදුවු දෙයක් බවත් එලෙස රට රැකගන්නට ඉදිරියට එන මහා සංඝයාට අපහාස වන අයුරින් වත්මන් රජය සංඝයා වහන්සේලාට ගරහන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසූහ. 22 October 2017
‘උතුරු මැද හොර පත්වීම් දීලා‘ - එස්.එම්.රංජිත් උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසුව සියලු නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් උතුරු මැද මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියට බඳවා ගැනිමේ පරිපාටියද උල්ලංඝනය කරමින් සේවකයන් 25 දෙනකු බඳවා ගෙන ඇති බව උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්රධාන අමාත්ය එස්.එම්.රංජිත් මහතා පවසයි. 22 October 2017
අනිකාට - ඥාතීන්ට පොලිස් ආරක්ෂාව පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතාට දුන්නේයැයි කියන ‘මොනෑක්‘ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වූ අනිකා විජේසුරිය මහත්මියට හා ඇගේ ඥාතීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ. 20 October 2017
කැබිනට් තීරණයටත් හරස්වෙති ත්රිකුණාමලයේ තිබෙන තෙල් සංකීර්ණයේ තෙල් ටැංකි වලින් 16ක් පවරා ගැනීම සඳහා ගන්නා ලද කැබිනට් තීරණයක් වළක්වාලීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් කමිටු වාර්තාවකින් ඒ බව අනාවරණය වී තිබේ. 20 October 2017
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026