(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියලූ ගැසට් නිවේදන ලබන මස මුල් සතියේදී නිකුත් කරන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා එහිදී ප‍්‍රකාශ කර ඇත.ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට ගැටලූවක් මතු නොවන බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ පවත්වන ලෙස සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකයින්ද ඉල්ලීමක් කර තිබේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා අදහස් දක්වමින් පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසය තුළ පැවැත්වීමට හැකිවන ලෙස අදාළ ගැසට් නිවේදන හැකි ඉක්මනින් නිකුත් කරන්නැයි පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයාට උපදෙස් දී ඇත.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් ඇමැති කබීර් හෂීම්, සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මහලේකම් ඇමැති දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර, ඇමැති ෆයිසර් මුස්තාපා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ඇමැතිවරුන් වන රිෂාද් බදියුදීන්, රාවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගි වූහ.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මස 3 වැනි සතියේදී පමණ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ. ඒ සඳහා නාමයෝජනා කැඳවීම ලබන දෙසැම්බර් මාසයේදී සිදුවන ඇති බවද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන ව්ධියට කෙරුනොත් ලොකු දෙයක්. වැඩේ කෙරෙන කල් මට නම් විස්වාසයක් නෑ
වෙන මොනවද? අපි වෙනුවෙන් අපි, අහෝ මැකෝ....
මරු නායකයෝ ටික, මේ ටිකම තමයි මෙච්චර කල් චන්දෙ පරක්කු කරේ, උසාවි නියෝගය දෙන්න ළඟ නිසා බොරුවට දින වකවානු කියනවා, කොරන්න ඕනේ දේ නොකර (ගැසට් ) රටම නොමග යවන්න දින වකවානු කියනවා ,දැන් ඕනේ පොඩි දරුවෙකුටත් තේරෙනවා දේශපාලන උවමනා කෝන්තර මත මේ නායකයෝ ටික චන්ද කල්දාල තිබෙන බව ..
නිදහස් පක්ෂේ ජය නියතයි.
බාලගිරි දෝසය. ඒ කියන්නේ මේකනම් තියන පාටක් නැහැ වගේ.
දෙකට බෙදිලා තරඟ කලොත් ජය කාටද? පිට කෙනෙකුට මිස !!!
කොහොම නමුත් රටේ ජනතාවට ඉක්මනට ඡන්දයක් අවශ්‍ය වෙනවා. ජනතාව ඉන්නේ මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට කෘතගුණ සලකන්න. නැත්නම් ඒක මදි පුංචි කමක්.
ජවිපෙ දිනනවා සහතිකයි. ජවිපෙට ජයවේවා !!!
යහපාලනය ජය ගන්නවා
ඡන්දය තියෙනකන් විශ්වාස කරන්න බැහැ.