වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැනට ඇති ප්‍රමිතිය වෙනස් නොකිරීමට තීරණය කළ බව වෛද්‍ය සභාවේ සභාපති ආචාර්ය කොල්වින් ගුණරත්න මහතා කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ වෛද්‍ය සභාව අද රැස්වීමෙන් පසු අදහස් දක්වමිනි.
අද වෛද්‍ය සභා රැස්විමේදී අවම ප්‍රමිතිය ගැන සාකච්ඡා කර ඇති අතර වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී තිබිය යුතු අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයේ වෙනසක් මේ මොහොතේ නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතිය කුමක් වුණත් ඔය සයිටම් එක වහනකම් දොස්තර සංගමයට නින්ද යන්නේ නැත.
මේක බොහොම වටිනා අදහසක්. වෛද්‍ය විද්‍යාව හදාරන්න විශේෂ සුදුසු කමක් තියෙන්නේ ඕනා. අවම අධ්‍යාපන සුදුසුකම් වගේම වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන් තුල සුවිශේෂවූ චරිත ස්වභාවයකුත් තිබිය යුතුයි. එසේ නොමැතිව මනසින් රෝගියෙක් වූ වෛද්‍යවරයෙක් බිහිකිරීම මුළු සමාජයම අනතුරට හෙලීමක්. මෙය වර්තමානයේ ශ්‍රී ලංකාව තුල අප අත්දකින කාරණයක්. පෞද්ගලික හෝ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය අනිවාර්ය විය යුතුයි. එය රජයේ මෙන්ම වෛද්‍ය සභාවේ වගකීමක්. මේ මාතෘකාවට සයිටම් ආයතන නාමය යොදාගෙන කරන ප්‍රකාශ විහිළුවක්. දැන හෝ නොදැන, මේ රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ වුවන් "අනුන්ට කපපු වලේ තමන් පමණක් නොව රටම වැටී" ඇති බව වැටහෙන විට පෙරහැර ගොස් අවසානයි. සයිටම් ආයතනය ඉදිරියට දමා මේ කරන සටනේ (උම්මන්තක දේශපාලන රංගනයේ) දැනටමත් ජයග්‍රාහකයා වී ඇත්තේ රජයේ වෛද්‍ය වරුන්ගේ මාෆියා නඩය පමණයි. ඔය මාෆියා නඩය මෙරටේ වෛද්‍යවරු බිහිවෙනවා තබා, ප්‍රමිතිගත සාත්තු සේවිකාවක් හෝ බිහිවීමට අකමැති පිරිසකි.
හරි මොකක්ද මේ කියන අවම ප්‍රමිතිය?
අවම සුදුසුකම්ද? නැතිනම් අවම ප්‍රමිතිද?
කමල් අධ්‍යාපන සුදුසුකම් කියන්නේ විභාග ප්‍රතිඵල කියලා හිතන්න එපා. හුදෙක් විභාග ප්‍රතිඵල පමණක් සලකා වෛද්‍ය හෝ වෙන කුමන හෝ වෘත්තියකට බඳවා නොගත යුතුයි. නමුත් අපේ රටේ එවැනි දෙයක් කිරීමට තබා සිතිමටවත් ඉඩක් නැත. එමනිසා අපේ රට තුළ දී කිසිදු වෘත්තියක් සංවර්ධනය නොවේ. පිටරටවල සංවර්ධනය වූ දේ අපි ආදේශ කර ගනිමින් යැපෙමින් ජීවත් වෙන්නෙමු.
ආසියාවේ තියෙන භයානකම මාෆියා සංවිධානයට එරෙහිව කතා කරන්න බද්රානිට බය හිතෙන්නේ නැද්ද? වෛද්‍ය සභාවත් මෙල්ලකරගෙන පවතින රජයත් අපහසුතාවයට පත් කර, සයිටම් ආයතනය ආරම්භකළ නායකයින් වෙනුවෙන් කඩේයන මේ දේශපාලන මාෆියා කල්ලියට එරෙහිව වචනයක් හෝ කතා කරන එක ඉතාම භයානකයි. හැබැයි කොච්චර ගණන් කාරයෝ උනත් ඉන්දියානු දොස්තරලගේ නම ඇහෙද්දේ නම්, ජන්ගියේම බඩ දිය බෑවෙනවා. "ලූලා නැති වලට කණයා පණ්ඩිතයා" කියලා කතාවක් තියනවනේ.
කමල්ලා වගේ උපන් ගෙයි මෝඩයෝ හිතන විදිහයි දන්නා ටිකයි තමයි ඔය. රටේ ඉන්න දේශපාලකයින්ගේ වැරදි වලින් තමන්ගේ මෝඩකම වහ ගන්න බැහැ කමල්. මේ ලියන මම දේශපාලනේට ආවත් පාවිච්චියට ගන්නේ ඔබලා වැනි පල් මෝඩයින් ගේ ක්‍රියාකාරකම් තමයි. නැත්නම් කොයින්ද දේශපාලකයින්ට පැවැත්මක්. දේශපාලකයින්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් මෆියාකල්ලි වුනත් පාවිච්චි කරනවා. ඔය සයිටම් අර්බුධයටත් හේතුව ඒක තමයි. නැත්නම් ඉතින්, සයිටම් ආරම්භ කල පාලකයාම අද ඊට විරුද්ධ වෙයිද? ගෝත්‍රික සංකල්ප සහිත අඥාන මනස හසුරුවන හැටි කපටි දේශපාලඥයා දන්නවා. ඒ වගේම වෛද්‍ය සභාව මාෆියා කල්ලියට යට නොවෙයි කියා අපි බලාපොත්තු වෙනවා.
මේකේ දාන දේවල් වලින් පැහැදිලි වෙන දෙයක් තියෙනවා ..ඒ තමා සයිටම් එවුන් බොහොම සන්විදානාත්මකව වෛද්‍ය සංගමයට පහර දෙන්න සැදී පැහැදී ඉනනව. ඒ පිටුපස ඔය SB ලගේ කිරිඇල්ල ගේ එවුන් සල්ලි වලට දාල ඇති . කොහොම වුනත් හරියට අධ්‍යාපනයක් කරන්න නම් අවම සුදුසුකමක් නැතුව පුලුවන්ද ? අනික මේ සමහර ගොබ්බයො ඕස්ට්‍රේලියාවෙ , එංගලන්ත එක්ක අපිව සසදන්න යනවා මෝඩ හරක්. මොකද මේක ශ්‍රී ලංකාව ...ඔය රට පැනල ඉන්න ගොබ්බයො ගිය විදිහට කරන්නේ නැතුව ඉන්නවනම් තමා.වටින්නේ කුහක එවුන්
දැනට වෙද විදුහල්වලට ඇතුලත් වන්නන්ගේ අවම ප්‍රමිතියට වැඩි ප්‍රමිතියක් සයිටම් සිසුන් සතුව ඇත. ඔවුන් සතුව ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වයද ඇත. සයිටම් විදුහලේ පාඨමාලා සහ පුහුණුව අනෙකුත් රජයේ වෙද විදුහල් වලට සමාන නම් එකම ආකාරයේ පරීක්ෂණ වලට මුහුණදෙන්නේ නම් සයිටම් විදුහලෙන් බාල වෛද්‍යවරු බිහිවෙනවා යයි පැවසීම ඉරිසියාව සහ කුහකත්වය ප්‍රදර්ශනය කිරීමකි.
හේම වාගේ අය වෛද්‍ය හෝ කුමණ වෘත්තියකටවත් ඇතුළු වෙන්න දෙන්න සුදුසු නැහ. මොක ද එයා අන් අයට අදහස් පළ කරන්න තියෙන අයිතියට කැමති නැහැ. තමන් දරන මතය කියන අයට විතරයි ඉඩ දෙන්න කැමති. ඒ වාගේම භාෂාව? කරුණාකරලා සංයමයෙන් ලියන්න. ඔබේ මතයට මම එකග නැහ. නමුත් ඔබගේ මතය ශීලාජාර භාෂාවක්න් ලියුවා නම් ගරු කරනවා.
ඔය රජයේ වෛද්‍යවරු මොනවා කිව්වත් එයාලගේ දක්ෂකම් නිසා වෙන්න ඇති පුද්ගලික රෝහල් වැහි වැහලා සල්ලි කාරයාගේ සිට දුප්පත් මනුස්සයා දක්වා ඒවාට යන්නේ අසනීප උනාම.ඉඩමක් කඩමක් උගස් තියාලා හරි පුද්ගලික රෝහලට යනවා නැත්නම් පිටරකට යනවා.ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට යන අයට දෙවියන්ගේ පිහිටයි
ඔය හොර ගුහාව අනිවාර්යයෙන්ම වැසිය යුතුමයි. හොර දොස්තරලා ලංකාවට අවශ්‍ය නැත...
බොහෝ දෙනෙක් මෙහි අදහස් දානවා...මේ දේවල් ඇමෙරිකාවේ, ඕස්ට්‍රෙලියාවෙ, එංගලන්තේ හැටියට ලංකාවෙත් කරන්න බැරි ඇයි කියල. යථාර්තය නම් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල වියදම 100% දරන්නේ රටේ බදු මුදලින් වන අතර, ඔය කියන පූර්ව වෛද්‍ය උපාධි ප්‍රධානය කරන්නට යන වියදම දරන්නේ කව්රුන් විසින්ද? ඔය කියන රටවල වගේ ශක්තිමත් ආර්ථිකයක් ලංකාවට තියෙනවද? අපි අහන්ට අකමැති වුනත්, ඇත්ත තත්වය නම්, ලංකාවේ ආර්ථිකය කියන්නේ දිනෙන් දිනම නය බරින් කඩා හැලෙන දුප්පත් ආර්ථිකයක්. එම නිසා සිහි තබා ගත යුතු දේ නම්, රටේ අධ්‍යාපන ක්‍රමය හෝ වෙනත් දේ කල යුත්තේ, ලංකාවට දැරිය හැකි පමණින් මිස, වෙනත් රටවල හැටියට නොවේ.
මෙතන කතා කරන කී දෙනෙක් රජයේ ඉස්පිරිතාලවලට ගිහින් තියෙනවද? රජයේ රෝහල වලට මිනිස්සු කීයක් එනවද කියල දන්නවද? කොච්චර ඒවා වල අඩුපාඩු තියෙනවද කියල දන්නවද? පහසුකම් අඩුකම නිසා මිසක් දොස්තරලගේ වැරදී නිසා නෙමෙයි පුද්ගලික රෝහල් වලට මිනිස්සු යන්නේ? ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ පෞද්ගලික තරහක් මිසක් වෛද්‍ය අධ්‍යාපනය ගැන හෝ එකේ ප්‍රමිතිය ගෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඉස්සෙල්ල ඔස්ට්‍රේලියාව එංගලන්තයේ වගේ රටවල ඇතුලත් කරගන්න විදිය කියවල බලන්න. නිකන් ඕන විදියට වෛද්‍ය අධ්‍යාපනය දෙන්න බැහැ.