මොහොමඩ් ආසික්
පාර්ලිමේන්තුවේ බලතල නැති කරලා නාමික පාර්ලිමේන්තුවක් කරලා පළාත්වලට අසීමිත බලතල ලබා දෙන්න හදන මේ වගේ පාර්ලිමේන්තුවකට බෝම්බ එකක් නොව බෝම්බ සීයක් ගහන්න ඕන යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ නුගවෙල පිහිටි කාර්යාලයේදී අද 28 දහවල් පැවැති රැස්වීමකදී මන්ත්‍රීවරයා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේම වැදගත් රටයි ඒ නිසයි හැම කෙනාම මේකට ඇහ ගහගෙන ඉන්නේ. කිලෝමිටර් 65,000 ක මේ පුංචි රටේ තියෙන සම්පත් ගැන අපට වැඩිය හොඳට ඇමරිකාව දන්නවා.ඒ නිසයි මේ රට කෑලි නවයකට කඩල පාලකයන් නවයක් දාන්න සැලසුම් කරන්නේ . ඔවුනට කෙලින්ම වැඩ කර ගන්න පුළුවන් වන්නේ එතකොටයි. ඒ නිසයි ප්‍රභාකරන් ඉන්න කොටත් කීවේ අපට උතුර විතරක් මදි නැගෙනහිරත් ඕන කියලා.මේ ගෙනත් තියෙන ව්‍යවස්ථාවේ ටී.එන්.ඒ. එකේ යෝජනාවේ පැහැදිලිව තියෙනවා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියලා.මුළු ජාත්‍යන්තරයටම ඕන වෙලා තියෙනවා මේ රට කෑලිවලට කඩල වෙන් කරන්න එතකොටයි ඔවුන් සමඟ ගනු දෙනු කරන්න පුළුවන්. කොන්ද පණ නැති නායකයන් දාලා ඔවුන්ට යටත් වන කණ්ඩායමක් දාලා මේ රට ගෙනයන්න සූදානමක් තියෙනවා යැයිද මන්ත්‍රීවරායා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොන්ද තියෙන නායකයෝ කොහෙද ඉන්න? තමුන්නාන්සේගේ නායකයා නේද 13 දෙනවා කිව්වේ? අපට මේ කියමන් වලින් පේන්නේ මේ අය පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නේ මදාවි වැඩ කරන්න මිසක් රටේ ප්‍රශ්න විසඳන්න නෙවේ කියලයි..
මුළු රටම මෝඩයින් වැඩිවීමේ අවදානමකට ලක්ව තිබෙනවා. වසර 40 ගණනකට උඩදී තරුණයෝ ආණ්ඩුවට බෝම්බ ගහන්න සැලසුම් කරන කොට ඒ කොල්ලන්ව හම ගහන්න ඕනේ කියල කියපු මිනිස්සුයි, බෝම්බයක් තියා (පොල්) කෝම්බයක්වත් අතට ගන්න බය එහෙත් විප්ලව කරන්න කතා කරපු මිනිස්සුයි බෝම්බ කතා හරහා අසරණ ඡන්ද දායකයින්ගේ වීරයින් වෙන්න හදනවා.
බෝම්බ ගහනවලු අවි අතට ගන්නවලු. විපක්ෂයක් මෙහෙම කතා කරනවා ඇහුවමයි. ජනමත විචාරණයේදී හැමදේම තීන්දු වෙයි. නැවත තරුණයන් නොමග යවා රට ලේ විලක් කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් දැන්මම ඒවාට පියවර ගත්තොත් හොඳයි.
අපිත් එකඟයි මේකට.... ඉන්න හොරු 225 ටමත් කියන්න තියෙන්නේ එච්චරයි.
ඇමරිකාවෙන් පත්කරන්නේ පණනැති හෝ කොන්දක් තියෙන මිනිහෙක්වනේ... නමුත් පසුගිය දසක කීපයේම මෙහෙ නායකයො කියලා හිටියේ මොනම කොන්දක්වත් නැති ඇමීබාවෝනේ. නැත්නම් මෙපමණ ණය කන්දරාවක් ගොඩ ගැහෙයිද? අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරපු යුගයේ මේ මනුෂ්‍යයෝ මීට වඩා දහස් ගුණයක් හොඳින් ජීවත් වුණු බව අපේ වැඩිහිටියෝ අදටත් කියනවා.
රටගිය අවස්ථාවක හෝටලේක සිද්ධියක් නම් ආරංචියි. එයාටත් දෙපැත්තෙන්ම වන්දි ගත්තාලු නේද?
මේවා ජනතාව ගොනාට ඇන්දවීම සඳහා ගැලරියට කරන ප්‍රකාශන පමණයි.
බෝම්බ ගහන් ඕනෑ හරිනම් 225ම ඇතුළේ ඉන්න වෙලාවට තමයි.
ජනාධිපති වශයෙන් පත්කරන්නම වටිනවා...
බෝම්බ කොහොම වුනත් එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවේ හොටලේකදි බිමට පත බැවිලා කකුල් කඩා ගත්තු කතාව අපට මතක් වෙනවා!
අනේ එහෙම කරලවත් ඔය පිරිස ඉවත් කරන්න පුළුවන් නම් රටට හොඳ කාලයක් උදාවේවි !!
අද මෙවැනි ප්‍රකාශ ඉතා සැහැල්ලු වඩනයක් බවට පත්වෙලා. සාමාන්‍ය මිනිහෙක් මෙවැනි ප්‍රකාශ කළානම්, අද වනවිට කොහෙද ඉන්න වෙන්නේ?
ඔයා නේද ඔස්ට්‍රේලියාවේ ගෑණු ළමයෙක් පස්සෙ ගිහිල්ල කකුල කඩාගෙන හොටෙල් එකෙන් වන්දි ඉල්ලුවේ. මහා වන්චාකාර ක්‍රියාවක් නේ... ඉන්න ඔනෙ හිරේනේ....
මෙතුමාගේ මේ බෝම්බ කෙලියේ යෙදෙන්න කලින් එසේ කරන්නට එළඹෙන බව පෙන්වන කාරණය මහජනයාගේ ඔලුවලට ඇතුල් කිරීම හරිද වැරදි දැයි පාඨකයෙකු හැටියට මා ද ටිකක් සිතුවා. ඒ මාත් යන්න ඕනෑ කොයි පැත්තටද කියා තීරණයක් ගන්නයි. මෙතුමා කියන්නේ " මේ ගැනත් තියෙන ව්‍යවස්ථාවේ ටී.එන්.ඒ. එකේ යෝජනාවේ පැහැදිලිවම තියෙනවා. උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියලා ", සඳහන් ය කියාය. නොදන්නා නිසයි අහන්නේ මගේ ඔලුවත් කුරුවල් වේගන එන නිසයි මේ අහන්නේ... මෙතුමන් මේ කියන විදිහට මේක මැනැවින් සාකච්ඡා කර, අවසන් තීරණයකට එළැඹ සකස් කොට, පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඔන්න මෙන්න කියා තිබෙන ව්‍යවස්ථාවක ස්වරූපයකුයි ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට පෙනෙන්නේ. මෙතුමන් එහෙම එකක් කොහෙදිවත් දැකලා ද දන්නේ නැහැ. එහෙම එකක් තවම හදලා නැහැ කියලයි මට වැටහිලා තිබෙන්නේ. මෙවැනි නොයෙක් යෝජනා සළකා බලා, කපා කොටා, කිරා මැන බලා හදන ව්‍යවස්ථාවේ කෙටුම්පත් අවස්ථාවේදීත්, රටට, ජන වාර්ගික සංහිඳියාවට, සමයට අහිතකර වගන්ති සංශෝධනය කරගත හැකියි නේද කියා මට හිතෙනවා. අන්න එතනදී, මෙතුමාගේ පාර්ශවයෙන් මීට අදාලව අවශ්‍ය දේ පාර්ලිමේන්තුවේ කෙරුනොත් හරි කියලයි මට සිතෙන්නේ.
රට කාපු, දැනටත් රට කමින් ඉන්න ඔක්කොම කට්ටියම තොලොංචි වෙලාම යන්න.
මොහුගේ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් කල යුතුයි. මොහු විශාල කුමන්ත්‍රණයකට සම්බන්ධ දැයි සැකයක් මතු නොවේද?. රට නැවතත් 88 /89 තත්වයක් උදාවෙයිද? මොවුන් හදන්නේ රට අරාජික කරන්නයි. විශාල කුමන්ත්‍රණයක්...
රට සහ ළමුන්ගේ අනාගතය විනාශ කරන්න එපා. බෝම්බ ගැහීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නේද? මේ ගැන පොලිස් පරීක්ෂණයක් තැබිය යුතුයි. රට කරන පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්ඩ ඉඩ තිබ්බොත් රටේ ආර්ථිකය කඩා වැටෙයි.
අනේ මට දෙන්නකෝ... බෝම්බ 100ට 200ක්ම ගහන්නම්කෝ...
රටේ මිනිස්සු ගහන්න ඕනා බෝම්බ ටික මේ යාම ගහ ගනියි වගේ. අනේ එහෙමවත් වෙලා අපේ රට හොරුන්ගෙන් නිදහස් වෙනවා නම්!!!!
නියම ඩබලක් පින්තූරෙ ඉන්නෙ...
ඔහේගෙ පුතා නේද උඩදි ප්ලේන් එකේ දොර අරින්න ගියේ මුත්‍රා කරන්න ?
කෙහෙළිය සහ දිලුම් දෙදෙනාම පා.ම.මහින්දගේ උදවිය මේ අයට ලබන සැරේ දෙවියන්ගේම පිහිටයි.
තුවාලවන දියවන්නාවෙ කට්ටියට ජනාධිපති අරමුදලින්ද වන්දි ගෙවන්නෙ
කිලෝමීටර් 65,000 මේ පුංචි රටේ සම්පත් ගැන ඇමරිකාවට වැඩිය හොඳට දන්නේ අවුරුදු 70 ක් තිස්සේ පුංචි රට උලා කාපු කෙහෙළිය රඹුක්වැල්ල වැනි දේශපාලකයන්ය. වේල පිරිමහ ගැනීමට මෙවැනි ජාති ප්‍රේමි ප්‍රකාශ කරන දේශපාලකයන් උතුරේ වගේම දකුණේත් අපි දකින්නෙමු. පෙරේත කම අත්හැරලා කාටත් සමාන අයිතිවාසිකම් සමඟ ජිවත්විය හැකි රටක්,ක්‍රමයක් ගැන කතා කරනවා නම් නරකද කෙහෙළිය රඹුක්වැල්ල උත්තමයාණෙනි.
මම මේ කතාව දිහා බලන්නේ ඉහත අදහස් දමාපු මහත්වරුන් නොදැකපු කෝනයකිනුයි. මෙතුමා නැවත නැවතත් බෝම්බ කතාව පුනරුච්චාරණය කරන්නේ මීට පෙර වීරවංශ මහතා සිදු කල ප්‍රකාශයේ බරපතලකම අඩු කිරීමට බව මගේ හැඟීමයි . වීරවංශ මහතාගේ කියමන කටවාචාලකම නිසා කියවුනක් මිසක් (එතුමාගේ අනිකුත් සියලුම කියමන් මෙන්ම ) දැනුමක් තේරුමක් ඇතිව කියවුණු දෙයක් නොවේ. ඒ හැරත් ඉතිහාසයේ සිදුවුන එකම පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය එල්ල කලේ තම මස්සිනා බව එතුමාට කවුරුන් හෝ මතක් කර දී ඇත්තේ මේ කතාවෙන් පස්සේ විය යුතුයි . ඒ නිසා ඉදිරියේදී සිදුවියහැකි පාර්ලිමේන්තු /උසාවි චෝදනා ගොනු කිරීමකදී මේ කතාවේ බරපතලකම අඩු කිරීමට (මම විතරක් නොවේ, ඕක කෙහෙලියත් කිව්වානේ, ඊට පසුව අහවලාත් කිව්වානේ, ආදී වශයෙන් ) බවයි .
මේ අම්බරුවන් සුදුසු අංගොඩට. ඔස්ට්‍රේ ලියවෙ ඇවිල්ල බීල කකුල කඩාගෙන මිලියන ගණනක් වියදම් කලා ජනපති අරමුදලින්. අහිසක දුප්පත් මහා ජනතාවට වියදම් කරන්න තිබෙන මුදල්.. මේ මංකොල්ල කාරයන් මේ පවු ගෙවන්න අම්බරුවෝ වෙලා ඉපදෙන්නේ,
පාර්ලිමේන්තුව ඇතුලේ බෝම්බ ගහල ඕක විනාස කලාම අපහු හදන්න යන වියදමෙනුත් කොමිෂන් ගහන්න පුළුවන්නේ. දැන් මද්දුම බණ්ඩාරලා වගේ කෑගහන්නේ හොඳට හොරකන් කරපු උදවියම තමයි.
මුන් වගේ අය මොකට පාර්ලිමේන්තු යවනවද මොන පක්ෂෙන් උනත් යවන්න ඕනේ උගත් අය
ඒකාබද්ධ විපක්ෂයේ 100 නැහැ නේද? බෝම්බ වුණත් නාස්ති නොකළා නම් හොඳයි.
තක්කඩි, හොරු ටික නැතිනම් අපේ රට සුරපුරයක් කල හැකියි. ප්‍රභාකරන් නැවත ඇවිත් මේ ටික කළානම් ඉවරයි.
පාර්ලිමේන්තුවට බෝම්බ 100ක් ගහන්න ඕනෑ... හැබැයි ඔක්කොම ඒක ඇතුලට දාලා !
මෙතුමා කියන කථාව අැත්ත. හැබැයි මෙතුමත් එ් වෙලාවට පාර්ලිමේනතුව අැතුලේ ඉන්න ඕනේ. මම ලොකේ දියුණුවුනු රටවල ඉතිහාසය හොයා බලනකොට දැක්ක දෙයක් තමයි අද ලංකාවේ වගේ. පාලක පලැන්තියක් යම් කාලයක එම රටවල්ද සමාජ, අාර්ථික, දේශපාලන, වශයෙන් එකතැන පල් කරමින් ඉදිරියට යාමට නොදී බඩ ගෝස්තරවාදීව පාලනය කලා. හැබැයි එ් රටවල සැබෑ පුරවැසියන් බැරිම තැන පාලක පැලැන්තිය එලොව යවා හෝ රටින් පන්නලා හරි එ් රටවල පිරිසිදු ධනපති හෝ සමාජවාදී පාලනයක් පිහිටුවා අද ලෝකයේ ඉදිරියට අැවිත් තියෙනවා. යුරෝපයේ එ්ක සිදුවෙලා දැන් අවුරුදු සියගාණක්... එහෙම නොවුනේ සිංගප්පුරුවේ හා ජපානයේ පමණයි. හැබැයි එ්ත් දැඩි පාලනයක් යටතේ. කවුරු මොන බයිලා ගැහුවත් ලංකාවේ කවදා හරි එහෙම දෙයක් වෙනකන් දූෂිත වලල්ල බිඳිනකන් මේ දුක එහෙම්මම තමයි. 2020 වෙන අාණ්ඩුවක් අැවිත් කියයි. 2015 ගත්ත ණයට වඩා දැන් ණය දෙගුණ වෙලා කියයි. ඔවුනුත් පරම්පරා ගාණකට හොයාගෙන ගෙදර යයි. අපි ඔවුන්ගේ බර අදීවි.
මුලින්ම විමල් අල්ලාගෙන බෝම්බයක් ගැන කියමින් ඔහුට චෝදනා කළා. පසුව බෝම්බ කතාව ගොඩ දෙනෙක් කිව්වා. මේ සියලු දෙනා ගැනම පරීක්ෂණ කරන්න. හඳට ඇඟිල්ල දික්කරහම ඇඟිල්ල දිහා බලාගෙන කියවන නුවණක්කාර පිරිසක් ඉන්න බව පේනවා.
ගැලරියේ කතාවක්. නමුත් මෙවන් ප්‍රකාශ බොහොම බරපතලයි නේද? පාසල් ළමුන් මේවා බලනවා. මේ පිළිබද රජය වහා ක්‍රියාත්මක විය යුතුයි.
එදා ඔබතුමා හිටපු ආණ්ඩුව නේද පොරාන්දු වුණේ? 13 නෙමෙයි ඊටත් එහා 13 දෙනවා කියලා. එවිට ඔබතුමා කොහෙද හිටියේ?
මෙතුමා එක්කෝ මොලේ අමාරුවක්. එහෙම නැත්නම් සිය දිවි නසා ගැනීමක්. ඉක්මණින්ම දොස්තර මහතෙකුට පෙන්විය යුතුයි. එහෙමත් යන්තම් ජනතාව මුලා කරනවද?
මෙනන නියම මොලකාරයෝ, මොකද මෙයාගේ පුතාගේ වැඩ මතකේ ඇති ෆ්ලිඝ්ට් එකේ යනගමන් දොර අැරියා නියම පාර්ලිමේන්තුවට නොවෙයි ප්‍රජාමණ්ඩලයකට වත් යවන්න හොඳ නැහැ රස්තියාදුකාරයෝ ....
මෙතන සත්‍ය වශයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අදහස පැහැදිලි නැහැ. ඔබලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියෙව්වද? එයට එකඟ වෙනවද? එහෙම නැතුව කිසිම හෙවිල්ලක් නැතිව 1815 කාලෙ වගේ තමන්ගේ පක්ෂය නිසා එකඟ වෙනවාද? අපිට ලක්ෂ ගාණක් ජනතාවගේ රුධිරය හෙලන්නේ නැතිව මේ බලය බෙදීම කරන්න තිබුණා. ඡන්දයේදි මෙම බලය බෙදීමක් ගැන අපිට කිව්වේ නැහැ. නමුත් වෙනත් පාර්ශවයකට පොරොන්දු වී ඇති බව චන්ද්‍රිකා මැතිණියගේ කතාවලින්, වැඩවලින් පේනවා වඩා ඒකීය රටක් තුළ රට බෙදෙන බව ඕක හදපු යූ.එන්. එකේ අය දන්නවා....
කෙහෙලිය ඇතුළු මහින්දගේ පොහොට්ටු කාරයෝ හදන්නේ කොහොම හරි නැවත බලය ගන්න.. ලංකාවේ මිනිස්සු හිතන තරම් මෝඩ නැහැ ....දැන් හැමෝම දන්නව තවම පාර්ලිමේන්තුවට කෙටුම්පතක් වත් ඇවිත් නැහැ කියලා .. විවිධ පක්ෂ වලින් විවිධ යෝජනා සහ අදහස් පමණක් අරගෙන ඒ අදහස් සහ යෝජනා පක්ෂ නායකයෝ සාකච්ඡාවට බඳුන් කරලා අනවශ්‍ය දේ අයින් කරලා කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ගෙනැල්ලා විවාද කරයි... ඉතින් කෙහෙලිය කියන ව්‍යවස්ථාව කරුණාකර මහජනතාවට පෙන්වන්න.. මිනිස්සු කුලප්පු නොකර පොහොට්ටුවේ වැඩක් බලා ගන්න.. අපි නොදන්නවා නොවෙයි ඔබලාගේ කාලෙ කරපු වැඩ ..
කෙහෙලිය ඇතුළු මහින්දගේ පොහොට්ටු කට්ටිය හදන්නේ කොහොම හරි නැවත බලය ගන්න.. ලංකාවේ මිනිස්සු හිතන තරම් මෝඩ නැහැ... දැන් හැමෝම දන්නවා තවම පාර්ලිමේන්තුවට කෙටුම්පතක් වත් ඇවිත් නැහැ කියලා.. විවිධ පක්ෂ වලින් විවිධ යෝජනා සහ අදහස් පමණක් අරගෙන ඒ අදහස් සහ යෝජනා පක්ෂ නායකයෝ සාකච්ඡාවට බඳුන් කරල අනවශ්‍ය දේ අයින් කරලා කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවාද කරයි... ඉතින් කෙහෙලිය කියන ව්‍යවස්ථාව කරුණාකර මහජනතාවට පෙන්වන්න.. නිකන් මහත්තයෝ.. මිනිස්සු කුලප්පු නොකර පොහොට්ටුවේ වැඩක් බලා ගන්න.. අපි නොදන්නවා නොවෙයි ඔබලාගේ කාලේ කරපු වැඩ.. දැන් සුදනා වෙන්න හදනවා.. ඔස්ට්‍රේලියාවේ ගිහින් කකුල් කඩාගෙන ජනාධිපති අරමුදලෙන් කෝටි සියගණනක් ගනිපු මිනිහෙක්නේ...
දහස් ගණනක් රුධිරය හෙළා රැකගත් රට පාවා දෙනවා නම්..., එයාලට කඩේ යන අයට හෙණ 7ම වදීවි...
මුට්ටිය අල්ලන්නේ කාටද? එහෙම කළත් මේ අය සිරිකොතේ වහලේ ඉඳීවි..