මනෝප්‍රියය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව මෙතෙක් තමන්ට කිසිදු දැනුම් දීමක් කොට නැතැයි භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා අද දැනුම් දුන්නේය.
කොමිසමේ කාලය මේ මස 27 වැනිදායින් අවසන් වීමට නියමිත අතර කොමිසමේ කාලය තවදුරටත් දීර්ඝ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට ඇතැයි ද බැඳුම්කර කොමිසමේ ලේකම්වරයා දැනුම් දුන්නේය.
තවත් සාක්කි කිහිපයක් ගැනීමට අවශ්‍ය වීමත් කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලයක් අවශ්‍ය වීමත් නිසා කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස මෙලෙස ඉල්ලා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරී මාසයේදීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.