මනෝප්‍රියය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව මෙතෙක් තමන්ට කිසිදු දැනුම් දීමක් කොට නැතැයි භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා අද දැනුම් දුන්නේය.
කොමිසමේ කාලය මේ මස 27 වැනිදායින් අවසන් වීමට නියමිත අතර කොමිසමේ කාලය තවදුරටත් දීර්ඝ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට ඇතැයි ද බැඳුම්කර කොමිසමේ ලේකම්වරයා දැනුම් දුන්නේය.
තවත් සාක්කි කිහිපයක් ගැනීමට අවශ්‍ය වීමත් කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලයක් අවශ්‍ය වීමත් නිසා කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස මෙලෙස ඉල්ලා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරී මාසයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමේ කාලය මේ මස 27 වැනිදායින් අවසන් වීමට නියමිතයි. අපි බලාපොරොත්තු වුනා අගමැතිතුමා කොමිසමට පැමිණෙයි කියා. ඇයි අගමැතිතුමා සිංගප්පුරු පුරවැසියෙකු ශ්‍රී ලංකා මහබැංකුවට පත් කලේ? කුමන පදනමක් යටතේද පත්කළේ ? බිලියන 59 පාඩුව අයකරන්නේ කෙසේද? ජනතාවට දැනගැනීමේ අයිතියක් නැද්ද?